උණුසුම් පුවත් උණුසුම් පුවත්

හොරෙන් රන් ගෙන ආ අලි සබ්‍රි සුළු දඩයකට මුදා හැරියේ ජනපති ලේකම්ගේ නියෝගයෙන්

Spread the love

ජනපති රනිල් රාජපක්ෂගේ මාමා වූ ජේ.ආර්.ජයවර්ධන මෙරට ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු හා හේවාහැට ආසනයේ මන්ත්‍රීවරයා වූ අනුර ඩැනියෙල් රන් පොලු තොගයක් රැගෙන මෙරටට පැමිනෙද්දී ගුවන් තොටුපොළේදී මාට්ටු වුනේය.ඔය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් විදේශගත වන්නේත් ආපසු එන්නේත් ගුවන් තොටුපොළෙහි වීඅයිපී දොරටුවෙනි.මේ දොරටුවෙන් යන එන එවුන් ගැන  රේගුව පරීක්ෂණ කරන්නේ නැත.කලකට ඉහතදී මෙරට ආණ්ඩුවක සිටි නියෝජ්‍ය ඇමතිවරයකු සිය පුත්‍රයා සමග මෙරටට හෙරොයින් ගෙන ආවේ ඔය වීඅයිපී දොරටුවෙනි.මේ පර්යන්තයෙන් වැඩ ගත් බොහෝ මැති ඇමතිලා ගැන ඕනෑ නම් පොතක් ලියන්නට පුළුවන.වැඩේ කියන්නේ එවුන්ගේ ජාවරම් රේගුවට මාට්ටු වී නැත.

අලි සබ්රි මන්ත්‍රීවරයා එවැනි ජාවාරමකට ගොස් මාට්ටු වුන දෙවැනියාය.ඒ අනුර ඩැනියෙල්ට පසුවය.ඔහු ගෙන ආ මුළු රන් ⁣තොගයේ වටිනාකම හත් කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා තිබේ.හසුවුන ස්මාටි දුරකතන වල වටිනාකම මිලියන හැත්තෑ එකකි.මේ හොර බඩු තොගයේ වටිනාකම රුපියල් මිලියන 78.2ක් බව වාර්තා වේ.

මේ වන විට අලි සබ්‍රි රහීම් දඩ ගෙවා නිදහස් වී තිබේ.ඔහු ගෙන ආ භාණ්ඩ රාජසන්තක කළ බව පැවැසේ.ඒත් ජනතාව අසන්නේ ඔහු හිරේ ගියේ නැත්තේ මක් නිසාද කියාය.අද පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රකාශයක් කළ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කීවේ රේගු පනත අනුව දඩ මුදල් ගෙවා දැමීමෙන් පසු ඔහු නිදහස් කර බවය.එහෙත් අලි සබ්‍රි මන්ත්‍රීවරයාට ගැසූ  දඩ මුදල පිළිබඳව  සැක සංකාවක් මතුව තිබෙන බව සමගි ජන ⁣බලවේගයේ මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.එය එසේ සිද්ධ වූයේ කෙසේදැයි අපි නම්  දනිමු.අලි සබ්‍රි මන්ත්‍රීවරයා අඩුම දඩය ගසා මුදා හරින ලෙසට රේගු ප්‍රධානියාට දුරකථන ඇමතුමක් දුන්නේ ජනපති ලේකම් අනුර ඒකනායකය.ජනපති ලේකම් වරයා එසේ දුරකථන ඇමතුමක් දෙන්නට ඇත්තේ රනිල් රාජපක්ෂ⁣ ජනපතිවරයාගේ හෝ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ නියෝගයකට අනුව බව අපට සිතා ගත හැකිය.

රේගුවේ මහත්වරුන් වැඩි දෙනා සියළු චණ්ඩිකම් පෙන්වන්නේ ගුවන් තොටුපොලේ සාමාන්‍ය  දොරටුවෙන් එහාට යන මෙහාට යන ලපයි සිපයයින්ටය.ඒත් ඔය වීඅයිපී දොරටුවෙන් යන එන වීඅයිපී මහත්වරුන් ගැන රේගුවේ ඇත්තන්ගේ බය පස්සපාත කමක් තිබේ.එහෙම බය පස්සපාත කමක් නැතුව රාජකාරි කරන රේගුවේ මහත්වරුන් කිහිප දෙනෙකු සිටින බවත් ගෞරවයෙන් සිහිපත් කළයුතුය.

අනුර ඩැනියෙල් නියෝජ්‍ය ඇමතිවරයා රත්තරන් පොලු සමග මාට්ටු වූ විට ජේආර් ජනපතිවරයා ඔහු මන්ත්‍රීකමෙන් ඉවත් කර හේවාහැට ආසනයට අතුරු මැතිවරණයක් පවත්වන ලදී.හැබැයි ඒ අතුරු මැතිවරණයේදී එජාප අපේක්ෂිකාව ලෙස තරඟයට දැම්මේ  රත්‍රන් පොලු ගෙන විත් මාට්ටු වූ අනුර ඩැනියෙල් ගේ වැඩිමහල් සහෝදරිය වූ ශ්‍රියාණ් ඩැනියෙල්ය.ඒ ශ්‍රියාණි ඩැනියෙල් එම අතුරු මැතිවරණයේදී වැඩි ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පත් විය.ඇයට ඡන්දය දුන්නේ අද අරගල කරනවුන්ගේ සීයලා අප්පලා බවද අප අමතක කළ යුතු නැත.

අලි සබ්‍රි ගේ දේශපාලනයද මේ හොරකමෙන් පසුව අවසාන බවට අප හීන දැකිය යුතු නැත.ඔය ගුවන් තොටුපොළ වීඅයිපී දොරටුවෙන් හෙට අනිද්දාටද ජාවාරම් සිද්ධ වෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ අරුන්දික ප්‍රනාන්දු  නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශගතව සිට මෙරටට එන සෑම අවස්ථාවක ගෙන ආ හොර බඩු කන්ටේනරයකට වැඩිය.තව ඒ වගේ පාර්ලිමේන්තු අයියලා හාමුලා හා ගෝඩ්  ෆාදර්ලා සිටී.එහෙත් ඒ උන්දැලා මාට්ටු වී නැත.කවරදාවත් මාට්ටු වෙන්නේද නැත.

අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වරිය දෙදරු පියකුට අවුරුදු දෙකකට සිර දඬුවම් දී එය අවුරුදු දහයක⁣ට අත් හිටුවූයේ පොල් ගෙඩි 1200 ක් සොරකම් කරන ලදැයි කියවෙන චෝදනාවකටය.

පොල් ගෙඩි 1200 සොරකමක් පිළිබඳවත්  මිලියන හැත්තෑ අටක් පමණ බරපතල වංචාවක් ගැනත් නඩු ඇහිල්ලේදී  නීතියේ පවතින නිවට බයාදු කම ගැන රටේ ජනතාව නැවත නැවතත් සිතන්නේ නම් හොඳය. 

 ජනපතිවරයා ගේ කාලයේදී රත්තරන් පොලු  ගෙනවිත් මාට්ටු වූ අනුර ඩැනියෙල් ගේ ⁣සහෝදරියගේ පුත්‍රයා වූ අරුණ අද මහනුවර සමගි ජන බලවේගයේ සංවිධායකවරයා බව අනාවරණය කරන්නටද අප කැමතිය.

ජනපති රනිල් රාජපක්ෂගේ මාමාට තමන්ගේ මන්ත්‍රීවරයකු වංචාවක⁣ට හසු වීම ගැන යම් තරමකට හෝ ලැජ්ජාවක් ඇති වූ බව අපට හිතා ගන්නට පුළුවන.එහෙත් ජනපති රනිල් රාජපක්ෂට හෝ පාර්ලිමේන්තුවේ කතා නායකවරයාට එහෙම හෘද සාක්ෂියක් නැති බව අලි සබ්‍රිගේ සුළු දඩයෙන් අපට පෙනී යයි. 


Spread the love

You may also like