උණුසුම් පුවත්

ගිණිගත් නැව අයිති සමාගමෙන් අල්ලස් ගෙන ඇත්තේ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ සමීපතමයෙක් බව හෙළිවේ

Spread the love

මෙරට මුහුදු තීරයේදී ගිණි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමෙන් මෙරට තැනැත්තකු මිලියන 250 ක අල්ලස් මුදලක් ලබා ගෙන එම මුදල එංගලන්තයේ බැංකුවක තැන්පත් කර ඇතැයි පසුගියදා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කලේය.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ගේ බරපතල විවේචනයට ලක් විය.එහිදී එම දේශපාලඥයන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා⁣ විසින් එම අල්ලස් ගත් පුද්ගලයා කවරෙක්ද යන්න අනාවරණය කළ යුතු බවත් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කළ යුතු කරන ලෙසත්ය.හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කරන ලද්දේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හට ප්‍රසිද්ධියේ එම අල්ලස ගත් තැනැත්තාගේ නම හෙළිදරව් කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ එය හෙළි කරන ලෙසය.

අද දින පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී එම අල්ලස් සිද්ධිය ගැන ප්‍රකාශයක් කළ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ මිලියන 250ක එම අල්ලස් මුදල ලබා ගෙන ඇත්තේ චාමර ගුණසේකර නම් ව්‍යාපාරිකයකු බවත් ඔහු හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ සමීපතමයකු බවය.මෙම මුදල් එංගලන්තයේ ගිණුමක තැන්පත් කර ඇති බවත් මෙහිදී හිටපු අමාත්‍යවරයා පැවසීය.

මෙම යෝද අල්ලස් ගණුදෙනුව පිළිබඳව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අනාවරණය කරන ලද්දේ හිටපු ජනපතිවරයා හා ඔහු අතර පවතින අමනාපය නිසා බව වටහා ගත හැකිය.


Spread the love

Leave a Comment

You may also like