වෙනත්

RAW සල්ලිවලින් දුවන දිලිත්ගේ පත්තර හා පත්තරවල ඉන්න ඔත්තු කාරයෝ

Spread the love

නයි නාඩගම්වලින් මුළු රටම අමාරුවේ දැමූ කොම්බු නාලිකාවේ හිමිකාර කැනබීස් දිලිත්ගේ අලුත්ම මෙහෙයුම මේවන විට ආරම්භ කර තිබේ.

මේ මෙහෙයුම වැඩ බැරි ගෝඨා ගෙනාවටත් වඩා අන්ත හා භයානක එකකි.

දිලිත් පහුගිය ජනපතිවරණයේදී නයි නාඩගම් හරහා රටම රාජපක්ෂලාට පාවා දෙන්නට කුමන්ත්‍රණය සැකසූ මහ මොළකාරයාය.

මේපාර මේ බඩගැත්තරයා කිරීමට සූදානම් වන්නේ රටම විදෙස් ඔත්තු සේවාවලට පාවාදීමේ කුමන්ත්‍රණයයි.

මේ තොරතුරු අප හෙළිකර ගත්තේ මහ බැංකුව කැඩූ අර්ජුන ඇලෝසියස්ගේ පත්තර මෙෂිම යකඩ මිලට අරගෙන දැනට මාසෙකට රුපියල් මිලියන 20ක (කෝටි 2ක) පාඩුවක් පිට ලිබර්ටි පබ්ලිකේෂන් නමින් අටවාගත් බෝතල් පත්තර කඩේ බර පැන ගෙවන්නේ ඉන්දියාවේ බාහිර බුද්ධි ඒජන්සිය (India’s External Intelligence Agency – RAW) ඔත්තු සේවාවන් හි ගිනුම්වලින් බව හෙළිවීමත් සමඟය.

RAW යනු ලොව ඔත්තු සේවාවන් වල පළමු දහය අතරේ ඇති ඔත්තු සේවාවකි. එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව CIA සිටින්නේද සිව්වැනි ස්ථානයේය.

ඒ අනුව ලිබර්ටි පබ්ලිකේෂන් සන්ඩේ මොර්නින්, ඩේලි මොර්නින්, සතිඅග අරුණ හා දිනපතා අරුණ හා තමිලන් (thamilan) යන පුවත්පත් නොනැවතී මෙසේ දුවන්නේ දැන්වීම් ඒජන්සිවලට නොව මෙම ඔත්තු ඒජන්සියට පිං සිදුවන්නටය.

කෙසේවුවද, RAW ඒජන්සියේ සල්ලිවලින් මුද්‍රණය කරන සන්ඩේ මොර්නින්, ඩේලි මොර්නින් යන ඉංග්‍රීසි පත්තර කඩමාළු 1000 ක් විකුණා ගන්නට ද පත්තර තට්ටුවල කට්ටියට පුදුම තටැමිල්ලක් කිරීමට සිදුව ඇති බැවින් ඉන්දීය මතේ ජනතාව මත පැටවීම තරමක් අපහසුව තිබේ.

පහුගිය දොහේ දිනපතා අරුණ හා ඩේලි මොර්නින් පුවත්පත්වල කර්තෘලා මාරුවුණේද RAW උපදෙස්වලට බව දැන් ප්‍රසිද්ධියට පත්ව ඇත.

ඉන්දියාවේ සංචාරයක ගොස් යළි පැමිණි අරුණ දිනපතා පත්තරේ කර්තෘ කුලශ්‍රී කාරියවසම්ට නැවත පත්තරේ කර්තෘ පුටුවට යාමට නොහැකි විය.

කුලශ්‍රීට පුටුව නැතිවුණේ ඉරිදා කර්තෘ ගෑණු සිඹා මහින්ද ඉලේපෙරුමගේ කේලාම් හා ඉන්දීය RAW ඔත්තු සේවයේ බලපෑමකට අනුවය.

ඉන් සති කිහිපයකට පසුව ඩේලි මොර්නින් පුවත්පතේ කර්තෘට ද හදිස්සියේ ගෙදර යන්න සිදුවූයේ ඔහුට එසේ ගෙදර යන්න වූ චෝදනාවද අභිරහසක් බවට පත්වෙමිනි.

පසුව එහි නව කර්තෘවරයා බවට පත්වූයේ “ද මෝර්නින්” හි (ඉරිදා) ප්‍රවෘත්ති කර්තෘ විදියට වැඩ බැලූ අලස රැවටිලිකාරයකු හා දිලිත්ගේ වන්දිභට්ටටකු වන ආසිරි ප්‍රනාන්දු නොහොත් “බර්ගර් ආසිරිය”.

මෝර්නින් හි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ මන්දනාගේ පිහිටෙන් නිවුස් කෑලි ටිකක් අහුලාගෙන අමාරුවෙන් ඉරිදා නිවුස් පිටුව ගැටගසාගත් ආසිරි හිටි හැටියේ ප්‍රධාන කර්තෘවරයකු කර ඇත්තේ හිටපු ඇතිවරයකු හා මෝර්නින් පුවත්පතේ වත්මන් උපදේශක සරත් අමුණුගම විසිනි.

ඒ නාකි අමුණුගම ඉන්දීය එම්බසියක ප්‍රධානියකු සමඟ රාත්‍රී ආහාර වේලක් ගැනීමේ චූන් එකේ ප්‍රතිඵලයක් වශයෙනි.

ආසිරිගේ පැමිණීමත් සමඟ ඩේලි මොර්නින් හි සිටි දක්ෂ මාධ්‍යවේදීන් පස්දෙනෙකුම සිය ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී එම පුවත්පතට සමු දී ඇත්තේ “බර්ගර් ආසිරි” සමඟ පත්තර කිරීම සිය අනාගය අඳුරේ දමාගැනීමක් බව කියමිනි.

හදිස්සියේම ඉංග්‍රීසි මාධ්‍යවේදීන් ලිබර්ටි පබ්ලිකේෂන් අත්හැර යාමත් සමඟ බලාපොරොත්තු බිඳවැටුණු දිලිත් වෙනත් පුවත් ආයතනවල දක්ෂ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම සිය පත්තරේට බඳවා ගැනීමට උත්සාහ කර ඇතත් ඔවුන් බොහෝදෙනෙකු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ නමක්වත් අහල නැති එඩිටර් කෙනෙක් යටතේ සේවය නිරීමට නොහැකි බව පවසමිනි.

පසුව ද මොර්නින් කර්තෘ මණ්ඩලයට මාධ්‍යවේදීන් බඳවා ගන්නට පුවත්පත් දැන්වීමක්ද පලකර ඇතත් එම දැන්වීමෙන්ද මෙතෙක් පලක්වී නොමැත.


Spread the love

Leave a Comment

You may also like