වෙනත්

සලිදු තමාට දුන් කෝටි 02 එලියට එම වලකාලීමට සිල්ලර “මයි මෑන්” කෙනෙකු ලවා ප්‍රශ්ණ කිරීම – සලිදුලා ,චින්තකලා කුඩු ගෙනල්ලම නෑ. දේශබන්දුලාව දන්නෙත් නෑ.සී.අයි.ඩී.යේ ප්‍රශ්ණ කිරීම ජයටම

Spread the love

පොලීසිය යන වචනය (POLICE)සෑදී ඇත්තේ එහි යෙදී ඇති ඉංග්‍රීසි අකුරු වල අරුත් ගැන්වීම තුළ බව බොහෝ දෙනෙකු ගේ අදහසයි.ඒ මෙසේය.

POLITE/වීනීත

OBEDIENT/කීකරු

LOYAL /රාජපාක්ෂික

INTELLIGENT/බුද්ධිමත්

COURAGEOUS/ධෛර්යවත්

EFFICIENT/කාර්යශූර

දීර්ඝ ඉතිහාසයක් පවතින මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ අතීතයේදී නම් මෙම ඉංග්‍රීසි වදන් වලින් පරිපූර්ණ පොලිස් නිළධාරියකු සිටි බව අප පිළිගත යුතුය.

එහෙත් දැන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවයේ නිරත අතලොස්සක් පොලිස් නිළධාරීන් පිරිසක් මෙම අක්ෂර වර නැගිල්ලට අයිති නොවන කුලකයක් ලෙස සංවිධාන ගතව පෙනී සිටී.මේ දූෂිත පොලිස් කුලකයට අයත් නිළධාරීන් POLICE යන ඉංග්‍රීසි වදන අක්ෂ⁣රයෙන් අක්ෂරය අරුත් ගන්වා ඇත්තේ මෙසේ බව අපගේ යෝජනාවයි.ඒ මේ ආකාරයෙනි.

PECCANT/පව්කාර

OTIOSE/වැඩකට නැති

LACKEY /දේශපාලන ගැති

IGNOBLE /අපකීර්තිමත්

CRAVEN/නීච

EDACIOUS/බඩජාරී

අවාසනාව වන්නේ මෙරට පොලීසිය පාලනය වන්නේ මේ දූෂිත පොලිස් කුලකය වෙතින් වීමය.එම දූෂිත පොලිස් කුලකය සෘජු සම්බන්ධකම් පවත්වන්නේ මෙරට ලැයිස්තුගත පාතාල ජාවාරම්කාරයන් සමගය.

විනය ගරුක හා කීර්තිමත් පොලිස් නිළධාරීන්…….

මේ අනීතික කල්ලිය හැසිරවීමේ තෝන් ලණුවේ කෙළවර ඇත්තේ බලයේ සිටින පට්ට දූෂිත දේශපාලඥයන් ගේ බලාධිකාරයයි.මේ තුන් පාර්ශවය අඹ යාළු ගනුදෙනුවක නිරත වෙමින් මෙරට සියළු පාතාල ජාවාරම් කරගෙන යමින් තිබේ.මෙහි පවතින ඉතා භයානක ස්වරූපය වන්නේ නිල ඇඳුමෙන් සැඟවුන මේ පාතාල ජාවාරම්කරුවන් මෙරට අධිකරණයේ ඇතැම් විනිශ්චයකාර පාර්ශවයන් පවත්වන ගජ මිතුරු සම්බන්ධකමයි. මෙරට ඇතැම් විනිසුරුවරුන් නිල පාතාල ජාවාරම්වල ගනුදෙනු වලින් “සූදු තෝන් ගන්නන්” ගේ තරමට වැටී ඇති බව අපට තොරතුරු ලැබී තිබේ.

කෙසේ වෙතත් හෙට අනිද්දා වන විට මෙරට පොලිස්පතිවරයා ලෙස ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන් පත් කළ හොත් මෙරට සමස්ත පොලිස් දෙපාර්ත⁣මේන්තුවම නිල පාතාල මැර සංවිධානයක් බවට පත් වෙන බව ස්ථිරය.ඒ ගැන අතිශයින් කම්පනයට පත් වී සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ විනය ගරුක හා කීර්තිමත් පොලිස් නිළධාරීන්ය.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ……..

අප මේ පූර්විකාව ඉදිරිපත් කෙරුවේ පසුගියදා ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් ලෙස විදේශ රටකදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ නඳුන් චින්තක හා සළිඳු පොලිස් අත් අඩංගුවේ තබා ගනිමින් පොලිස් දෙපාර්තමේන්තුව සිඳු කරමින් තිබෙන ⁣”නියම එකෙන් නැතුව ඇ⁣ට දෙකෙන්” කරන සෙල්ලම ගැන කියන්නටය.

රත්මලානේ රොහා මරා දමන්නේ……….

දැන් පොලීසියේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන්නේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහය.ප්‍රසාද් රණසිංහ මීට පෙර සේවය කෙරුවේ ඡෙනිපො දේශබන්දු යටතේ තිබූ පෑලියගොඩ ඒකකයේය.

එහිදී ඡෙනිපො ගේ දේශබන්දුගේ කොන්ත්‍රාතුවක් මත රත්මලානේ රොහා මරා දමන්නේ මේ නිපෝ ප්‍රසාද් රණසිංහගේ මැදිහත්වීමෙනි.ඒ සඳහා අත් උදව් සපයන්නේ බලු මහී නොහොත් සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාවත්තය.මේ පාර්ශවයන්ට කොන්ත්‍රාතුව ලබා දුන් පුද්ගලයා පිළිබඳව දැනුවත් වීම මෙහාදී වැදගත්ය.රත්මලානේ රොහා මරා දැමීමට මේ කල්ලිය⁣ට කොන්ත්‍රාතුව දුන්නේ දැනට පොලිස් අත්අඩංගුවේ සිටින පානදුරේ සළිඳුය.මේ කොන්ත්‍රාතුව ඉටු කිරීම සඳහා පානදුරේ සළිඳු ලබා දුන් කෝටි ගනනක මුදල හුවමාරු වූයේ ⁣ඩුබායි රාජ්‍යයේදීය.

පානදුරේ සළිඳු ගේ මිනීමැරුමක සඳහා කොන්ත්‍රාතුවක් ඉටු කළ රහස් පොලීසියේ අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ දැන් ඔහුගෙන් ප්‍රශ්ණ කරනවායැයි කි⁣යවෙන නාඩගම ජනපති රනිල් රාජපක්ෂ ගොනාට ඇන්දීමට නම් මරුය.එසේ නැතුව මේ නාඩගම ගැන තොරතුරු දන්නා අපට නම් බඩ කොරවෙන තරමේ විහිළුවකි. සැබැවින්ම මේ ජනතාව මුලා කරන මේ කට්ට කයිරාටික කෙරුවාවල් විහිළුවක් ලෙස සළකන්නටද බැරිය.ඒ මන්ද යත් මෙම පල් හොරු කල්ලිය කොකා පෙන්වන්නේ මෙරට නීතිගරුක සමාජයට වීම නිසාය.

පානදුරේ සළිඳු ගෙන් හා චින්තකගෙන් ප්‍රශ්ණ කිරීම

පානදුරේ සළිඳු ගෙන් හා චින්තකගෙන් ප්‍රශ්ණ කිරීමට නිපෝ ප්‍රසාද් රණසිංහ යොදා ඇත්තේ පොලීසියේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපතිවරයාය.අපරාද කරුවන් විද්‍යාත්මකව ප්‍රශ්ණ කොට තොරතුරු ලබා ගැනීමට දක්ෂ හා අත් දැකීම් වලින් පරිපූර්ණ නිළධාරීන් ⁣රහස් පොලීසියේ රාජකාරියේ නිරතව සිටියදී සිල්ලර “මයි මෑන්” කෙනෙකු ලවා සළිඳු හා චින්තක ප්‍රශ්ණ කිරීමට යෙදවීම තුළ ඇත්තේ ගේම් යට ගැසීමේ ක්‍රියාවලියක් මිස වෙන දෙයක් නොවේ.

මේ දූෂිත පොලිස් කල්ලියේ මේ මොහොතේ න්‍යාය පත්‍රයේ මුලින්ම ඇත්තේ ඡෙනිපො දේශබන්දු ගේ නිළ ඇඳුමේ ගෑවී තියෙන කප්පරක් අසූචි කන්දරාව සෝදා පිරිසිදු කිරීමය.බැරි වෙලාවත් පානදුරේ සළිඳු ගිරවකු වුව ⁣හොත් දේශබන්දුට කෙලවෙන බව මේ සැම දෙනාම දනී.

අභියාචනාධිකරණ විනිසුරු තක්කඩියන්…….

එම දූෂිත පාදඩ කල්ලියට සම්බන්ධ අභියාචනාධිකරණ විනිසුරු තක්කඩියන්ද ඒ සඳහා අත් උදව් සපයමින් තිබේ.එය තහවුරු වන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඡෙනිපො දේශබන්දුට එරෙහිව විභාග කරමින් තිබූ නඩුව අත් හිටවන ලෙස ඉල්ලා දේශබන්දු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ තිබූ පෙත්සමට අනුව ලබා දී තිබූ තහනම් නියෝගය තවදුරටත් මැයි 19 වන දා දක්වා දීර්ඝ කරන ලද නිසාය.
අභියාචනාධිකරණ තක්කඩි විනිසුරු වරුන් ගේ අවශ්‍යතාව දේශබන්දු පොලිස්පති වරයා බවට පත් වෙන තුරු ගේම ගැසීමය.

මෙම තහනම් නියෝගය ලබා දුන් විනිසුරුවරයෙකු කුරුනෑගල අයෙකි.ඔහුගේ දේශපාලනික පවුල් පසුබිම සොයා බලද්දී දේශබන්දු තෙන්නකෝන් හා ඔහු අතර පැවැති දේශපාලනික දීර්ඝකාලීන සම්බන්ධතාව ගැන තොරතුරු අපට අනාවරණය විය.ඒ දේශබන්දුු තෙන්නකෝන් කුරුනෑගල හිටපු ඇමති ජයවික්‍රම පෙරේරා ගේ රියදුරා ලෙස කටයුතු කරන අවදියේ සිටය.

ජනාධිපති සාලිය පීරිස් අධිකරණයේදී……..

ජනාධිපති සාලිය පීරිස් අධිකරණයේදී නඳුන් චින්තක ගේ නීතිඥයා වීම මෙරට කුලියට ලියනන්නන් ගේ පස්සා පැත්තේ ඉත්තෑවුන් යන සිදුවීමක් බවට පත් වූ බව අපට පසුගිය දිනවලදී දකින්නට තිබුණි.

ඒත් ඒ කුලී ලියනන්නන්ට නිපෝ ප්‍රසාද් රණසිංහ සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාවත්ත ඇතුළු ජාවාරමිකාර දූෂිතයන් ගැන තොරතුරු හෙළි නොවීමත් මාරම මාර සයිස් එකේ මාධ්‍යකරණයකි.


Spread the love

Leave a Comment

You may also like