උණුසුම් පුවත්

“මෝට්වේෂන් අප්පච්චී හරි නෝටිලු අනේ”

Spread the love

මිල්ටෙරි නන්දසේනට එරෙහිව මෙරට පැවැති ගාලු මුවදොර අරගලය නියෝජනය කළ ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වන වසන්ත මුදලිගේ පින්  ජනපති රනිල් රාජපක්ෂගේ නියෝගය මත පොලීසිය විසින් ත්‍රස්ත මර්දන පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග කර සිර ගත කොට ඇත්තේ ඇත්තේ යූ ටියබයේ මෝටිවේෂන් අප්පච්චි නමින් හඳුන්වන තැනැත්තාගේ ප්‍රකාශයක් මත මාධ්‍ය මගින් පසුගියදා අනාවරණය කෙරිණි.

මෙම මෝටිවේෂන් අප්පච්චී නැමැත්තාද එම අරගලය පිළිබඳව යූ ටියුබ ප්‍රවෘත්ති මුදාහරින්නකු ලෙස පෙනී සිටි අතර පසුව ඔහුට එරෙහිව එල්ල වූ මුල්‍ය වංචා චෝදනාවන් නිසා ඔහු ඉන් ඉවත් විය.අරගලය සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මේ පුද්ගලයගේ ගිනුමට බැර කර ඇති මුදල කෝට් ගණනක් බවද කියවේ.
මෝටිවේෂන් අප්පච්චී නමින් යූ ටියුබයේ පෙනී සිටි මොහුගේ සැබෑ නම
සමරසිංහ පතිරණගේ සමන්ත පියුමාල් සමරසිංහය.නිට්ටඹුව පොලිස් වසමට අයත් අංක 39ඒ ,කැටකලාපිටිය, දෙබහැර පදිංචිව සිටි  මොහු දැනට එම ලිපිනය හැර ගොස් වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටී.

2015.06.12 වන දින ….. නැමැති වයස අවුරුදුු 13 මාස 06ක් වයසැති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට වින්දිත දැරි⁣යගේ පැමිණිල්ලකට මොහු නිට්ටඹුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බී අංක 1662/2016 යටතේ 2015.08.08වන අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.මෙම නඩු නිමිත්තට අදාල උදෘත HC /WP 3/15 

යටතේ 2015.09.28 වන දින නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කර ඇත.  

 සමාජ මාධ්‍ය තුළ අප්පච්චී ලෙස නාමකරණය වූ මේ තැනැත්තා බාල වයස්කාර දැරියක අපහරණය කළ දූෂකයකි.ගමේ භාෂාවෙන් කියන්නේ නම් ගෙදරක හතර මායිමේ වද්දා නොගත යුතු තරමේ පාදඩයෙකි.
මොහුට එරෙහිව නිට්ටඹුව පොලීසිය මගින් පැවරූ සොරකම් නඩුද ඇති බව වාර්තා වේ.
 මෙරට දුක් විඳින සමාජය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි වසන්ත මුදලිගේ වැනි දේශප්‍රේමී තරුණයකු දඬුකඳේ ගසන්නට පොලීසිය සහාය ලබා ගෙන ඇත්තේ ස්ත්‍රී දූෂකයෙකු ගෙනි.අද පොලීසියේ රාජකාරි ⁣කෙරුවාව සිද්ධ වෙන්නේ  මෙහෙමය.ඒ විතරක් නොවේ.මෙරට සමාජයෙන් ඊයේ පෙරේදා  පාර්ලිමේන්තුවට යැව්වේද මෙවැනි පාදඩ අප්පච්චිලාය.එය හෙට අනිද්දාට වෙනස් වෙන බවක් තවමත් පෙනෙන්ටද නැත.සමාජය තවමත් සැදී පැහැදී ඉන්නේ ගූ බෙට්ටක් හරි දෙනවා නම් ඕනෑම හැඩයේ පාහරයෙකුට ඡන්⁣දය දෙන්නම් මානසිකත්වයෙනි.
කරුමය නිසා දුක් විඳින්නටද සමාජය සූදානම්ය.පොඩි තවු ලොකු කරන මෝට්වේෂන් අප්පච්චිලා මේ සමාජය තුළ ගැලවුම්කාරයන් වන්නේ එවන් වටපිටාවකය.
ජයවේවා මෝටිවේෂන් අප්පච්චී

Spread the love

Leave a Comment

You may also like