උණුසුම් පුවත්

පොලීසියේ මදාවි හැසිරීම නීතිඥ සංඟමයේ සභාපති හෙළා දකී

Spread the love

සාමකාමී සහ නිසි අනුගත වීම් මත සිදු කරන විරෝධතා වලක්වමින්,නිරායුද සිවිල් ජනතාවට පහරදීමත්,ඔවුන් අත් අඩංගුවට ගැනීමත් ,පොලීසිය දිගින් දිගටම සිදු කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංඟමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

පසුගිය දින (12)ස්ථාන තුනක පැවැති  මහජන විරෝධතා මැඩලීමට පොලීසිය මැදිහත් වූ ආකාරය ඉතා නින්දිත බව ඔහු සිය මුහුනු පොතෙහි සටහන් කර තිබේ.
 ත්‍රස්තවාදී පනත යටතේ දැනට සිරගත කොට සිටින වසන්ත මුදලිගේ හා ගල්වැව සිරි ධම්ම හිමි නිදහස් කරන ලෙස සඳහන් කර ඇති පූවරු රැගෙන කළුතර සිට කොළඹ දක්වා පා ගමනින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුගේ ගමනට බාධා කරමින් පොලීසිය විසින් එම කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැර තිබුණි.එම සිද්ධියට සම්බන්ධ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු විසින් පොලිස් කොස්තාපල්වරියක ගේ ගෙලෙන් අල්ලා හිංසනයට ලක් කරන ආකාරයේ ඡායරූපයක් සමාජ මාධ්‍ය වල පලවී ඇති අතර එයද උපුටනයක් ලෙස පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය විරෝධය සටහන් කර තිබේ.

 



Spread the love

Leave a Comment

You may also like