උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයට සමිබන්ධ සාරා ජෙස්මින් පිළිබඳ ඩී.එන්.ඒ වාර්තා තුන්වන වරටත් නොගැලපේ

Spread the love

පාස්කු බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ සැකකරුවන් අතර සිටි සාරා ජෙස්මින් නොහොත් පුලස්තනී මහේන්ද්‍රන් නම් සැකකාරිය පිළිබඳව ⁣මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත. ඇය පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සිදුවීමකදී මියගියාද නැතිනම් ජීවතුන් අතරද සිටිනවාද යන්න පොලිස් පරීක්ෂණ කණ්ඩායම් වලට බරපතල ප්‍රශ්ණයක් වී තිබේ.

පාස්කු ප්‍රහාරයේදී එම ප්‍රහාරක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ සහරාන් හසීම් ගේ සහෝදරයා ඇතුළු සාමාජිකයන් පිරිසක් සමග සිටි සාරා ජෙස්මින් එම බෝම්බ පුපුරවා ගැනීමේදී මිය ගිය බව ප්‍රකාශ වුවද එහිදී මියගිය අයගේ ශරීර කොටස් සමග ඇයගේ ශරීර කොටස් හමු නොවීය.සයින්දමරුන්දු ප්‍රදේශයේ සිදුවූ මෙම පුපුරවා ගැනීමේ සිදුවීමෙන් පසුව සාරා ජෙස්මින් යතුරු පැදියක පිටුපස නැගී යන ආකාරයත් ඉන්පසුව ජීප් රථයක නැගී යන ලදැයි කියවෙන සාක්ෂි ජනාධිපති කොමිෂමට ලැබී තිබුණි.සයින්ද මරුන්දු බෝම්බය පුපුරවා ගත් නිවස එම සිදු වීමෙන් පසුව යුද හමුදා බුද්ධි අංශ යටතට ගෙන තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ස්ථානයට හා පොලීසියට එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ ලැබී තිබුණේ සිද්ධිය වීමෙන් දින ගනනාවකට පසුය.
මෙම ස්ථානයේ වැටී තිබුණ බව ප්‍රකාශ කරමින් සාරා ජෙස්මින් ගේ ජාතික හැඳුනුම්පත හමුදා බුද්ධි අංශ විසින් පොලීසියට බාර දී තිබුණි.එම ජාතික හැඳුනුම්පත ⁣මෙම බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු හානියකට ලක් නොවී හොඳ තත්වයේ තිබීම කිසිසේත්ම නොවිය හැකි දෙයක් බව පොලිස් පරීක්ෂණ කණ්ඩායමේ මතය වී තිබුණි.
⁣එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර සාරා ජෙස්මින් සිටියේද යන්න පිළිබඳව සොයා බැලීමට ඩී.එන්.ඒ. පරීක්ෂණ දෙකක් කළ අතර එම පරීක්ෂණ වලින් තහවුරු වූයේ ඇයගේ සිරුරු කොටස් එම ස්ථානයේ නැති බවය.
මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ගේ කාලයේදී තුන්වන වරටත් එම සිරුරු කොටස් ඩී.එන්.ඒ.පරීක්ෂණයකට ලක් කිරීම සඳහා බෝම්බ සිද්ධයෙන් මියගිය පිරිසගේ සිරුරු කොටස් ගොඩගැනුන අතර ඒ පිළිබඳව ලංකා දවසට බරපතල තොරතුරු ගනනාවක් අනාවරණය වී තිබු⁣ණි.එහිදී ආණ්ඩුවේ අවශ්‍යතාව වී තිබුණේ සාරා ජැස්මින් ගේ ශරීර කොටස් එහි තිබෙන බවට සාවද්‍ය ඩී.එන්.ඒ. වාර්තාවක් සකස් කිරීමය.ආණ්ඩු පෙරළියත් සමගම පාස්කු බෝම්බ ප්‍රහාරය සැළසුම් කළ අදෘශමාන සැළසුම් කරුවන්ට එම සැළසුම ක්‍රියාත්මක කිරීම වැරදී ගොස් ගොස් තිබෙන බව දැන් අපට තහවුරු වේ.මේ වන විට තෙවන වරටත් සිදු කළ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලීසියට බාර දී ඇති අතර එහි සඳහන් වී ඇත්තේ සාරා ජෙස්මින් සම්බන්ධයෙන් කළ පරීක්ෂනය සැසඳී නැති බවය. 
සාරා ජෙස්මින් නොහොත් පුලස්තිිිනී මහේන්ද්‍රන් යනු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කෙරුවේ යැයි කියවෙන මොහොමදු හස්තූන්ගේ බිරිඳය. 

Spread the love

Leave a Comment

You may also like