දේශපාලන

දවසේ සිකුරාදා……..යහපාලන දෙවොලේ මළ පහ කිරිම.

Spread the love

මොකක්ද ? යකෝ මේකද  ? යහපාලනය.හැම තැනකම මිනිස්සු බැන බැන යන්නෙ යහපාලනයටය. පසු ගිය සතිය පුරාවටම හැම තැනකම කතා වුනේ සයිටම්ය.ඒත් මිනිසුන්ගේ ඉහ මොල රත්වුනේ එකවැරම හාල් මිල රු;100./- උනුනිසාය. අම්මමෝ නැතිව ආණ්ඩුවට මිනිස්සු බැන්නේ මේ ප්‍රශ්නයට වගකියන්න කිසිම ඇමති කෙනෙක් ඉදිරිපත් නොවුනනිසායි. කොහොම උනත් ජනාධිපතිතුමා ඒකත් බාර ගත්තා.අගමැතිවරයා ඔස්ට්‍රේලියාවෙ හිටියෙ. ආණ්ඩුවේ මේ නිදිමත් ගතියනන් එච්චරම් හොද දෙයක් නම්නෙමෙයි.

  යු.අන්.පි කරයන් බැන්නෙ මෛත්‍රි ශ්‍රි.ලංකා කරයන්ට හොදින් සලකනව. අපිට මෙලෝ දෙයක් කරගන්න බෑ කියලයි.2001දිත් රනිල් රට හදන්න පුදුම මහන්සියක් ගත්තා.තම පාක්ෂිකයා අමතක කරලා පටි තද කරගන්න කිවුවා.. කෝ ඒත් මොකද උනේ අන්තිමට පාක්ෂිකය අතර මං උනා චන්ද්‍රිකා ආණ්ඩුව ගත්තා…මේ යන  විදිහට  ඒක නොවුනොත් තමා පුදුමේ. මහජනයගේ  මැසි විලි හඩ ඇහෙද්දි ඊට නොදවෙනි හඩක් ආවේ ඇමති වරුන්ගෙන්ය ඒ තම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මරුකරන්න යනබවක් නිසාවෙනි.

   රටක විශේෂ ප්‍රභු ආරක්ෂක අංශයේ නිලධාරින්  එක් එක් කෙනාගේ උවමනාවට මාරු කරන්නෑ. අදාල ප්‍රභුවරයා ඉල්ලිමක්  කලොත් මිස.මේ මාරුවිමේ පිටිපස්සෙ ඉන්කෙනා කවුද ? කාගේ උවමනාවට ද ? බලන්න  ඇමතිවරු අගමැති අන්කන් ඉන්නෙ.මේ ඇමති වරුන්ගේ අදොනාවයි. ලංකාවේ ඇත්තටම යහපාලනයක් තියනවා. මොකද ඒකට හොදම උදාහරණ තමා රංජන් රාමනායක ,බුද්ධික පතිරන මංත්‍රිවරුන්ගේ පෙලපාලි ඉස්සර මේවා නැහැ. එක දුරකථන ඇමතුමයි.ඕනම රජයේ සේවකයෙක් පැයක් තුල රට වටෙම මාරු කරතැහැකි. පුදුම රටක් මේ රජයේ සේවකයන්ටත් ඒකාලේ මතක නෑනෙ යකො.

  ඇත්තටම මේක සතුටක්. මොකද පොලිසිය ඇතුලු රජයේ සේවක යන්ට නිදහසේ  තම රාජකාරිය කරන්න ලැබිම.එත් සමහරක්  රජයේ සේවකයෝ තවත් ඔලුව උදුම්ම ගෙන යහපාලනය දඩමිමා කරගෙන තම මඩිය තර කරන්න හදනවනන් ඒ අයට කිසිම විටක ඉඩ නොදිය යුතුය.ඔවුන් කරන්න යන්නෙ යහපාලනය නැමති දෙවොලේ මළ පහ කිරිමටය. කිසි වීටකත් ආණ්ඩුව ඊට ඉඩ නොදිය යුතුය.

අජිත්……

Spread the love

Leave a Comment

You may also like