උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේන සර්වපාක්ෂික උගුලක් යොදා අගමැති මහින්ද නෙරපන්නට සූදානමේ

Spread the love

අද මිල්ටෙරි නන්දසේන විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සර්ව පාක්ෂික රජයකට සිය එකඟතාව හා කැමැත්ත ප්‍රකාශ කර තිබෙි.මෙම සර්ව පාක්ෂික රජය සදහා 2020 වර්ෂයේ සිට පර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ හා ස්වාධීන මන්ත්‍රීවරුන්ට ජනාධිපති වරයා ආරාධනා කර ඇත.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේලා අතිගරු කාදිනල් තුමා ඇතුළු සර්ව ආගමික නායකයන් විවිධ පුද්ගලයන් හා සංවිධාන වලින් තමා ගෙන් කළ ඉල්ලීම්වලට අවධානය යොමු කර තමන් මෙම පියවර ගත් බවද ජනාධිපති මිල්ටෙරි නන්දසේන අවධාරණය කර සිටී.වත්මන් අග්‍රාමාත්‍ය වරයා හා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමටත් ඒ පිළිබඳව අප්‍රෙල් මස 29 දින පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හා සාකච්ඡා කිරීමට ජනපති මිල්ටෙරි නන්දසේන සැලසුම් කර ඇතැයිද වාර්තාවේ.

ඊයේ අග්‍රාමාත්‍යවරයා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කොට සිය තනතුරෙන් ඉල්ලා අස් නොවන බවට ප්‍රකාශ කරන ලදී.එහෙත් අගමැතිවරයා එම ප්‍රකාශය කොට පැය විසි හතරක් ගෙවීමට යාම මත්තෙන් ජනපති මිල්ටෙරි නන්දසේන අගමැති හා අමාත්‍ය මණ්ඩලය ඉවත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බවට කළ ප්‍රකාශය තුල අපට සිතා ගත හැක්කේ රාජපක්ෂ පවු⁣ල තුල දෙදරීමක් මතු වී ඇති බවය.

මේ වන විට අපට දැන ගැන්මට ලැබී ඇති තොරතුරු අනුව පොදුජන පෙරමුනේ ඇමති හා මන්ත්‍රී වරුන් මිල්ටෙරි නන්දසේන හා මහින්ද පාර්ශවය ලෙස බෙදී තිබේ.
මෙි බෙදීම ස්වකීය පාර්ශවයන් ගේ දේශපාලන බලය රැක ගැනීමේ වුවමනාව මත සිදු වූ දෙයක් මිස රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීම අරමුනු කර ගත් දෙයක් නොවේ.

මෙතරම් අර්බුද කාරී වටපිටාවක් තුළ රට තුළ පවතිද්දී රාජපක්ෂ සනුහරය හා ඔවුන්ගේ කූට්ටාලීන් තවමත් උත්සාහ කරන්නේ සිය දේශපාලන පැවැත්ම කවර ආකාරයෙන් හෝ රැකගැනීමය.රාජපක්ෂ සනුහරය තවමත් සැඟවී සිටින්නේ ව්‍යවස්ථාවටය.ව්‍යවස්ථා බංකරය තුළ සැගවී සිය පැවැත්ම තහවුරු කර ගත හැකි යැයි ඔවුන් විශ්වාස කර සිටී.

රට තුල ජනතාවට මේ ව්‍යවස්ථාව ගැන කිසිදු අදහසක් නැත.ඔවුන් විරෝධතා පවත්වන්නේ මිල්ටෙරි නන්දසේන හා මහින්ද රාජපක්ෂට එරෙහිවය.ඔවුන් දේශපාලන බලය අත්හැර යා යුතු බව ජනතාව හඬ නගා කියති.එහෙත් රාජපක්ෂ සනුහරයට බලය අත් හැරීමේ අදහසක් නැත.අප අවධානයට ගත යුත්තේ මේ කාරණයයි.මෙතරම් විරෝධයක් ජනතාව දක්වද්දී රාජපක්ෂ සනුහරය බලය අත් නොහරින්නේ ඔවුන්ගේ  පැවැත්ම පිළිබඳව සුරක්ෂිතතාවක් නොමැති කම නිසාය.

ඒ සුරක්ෂිතාව ගැන ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉතා හොඳින් දැනුවත්ය.රටේ
ජනතාව මේ තක්කඩි රාජපක්ෂ සනුහරයේ පැටිකිරිය දැන් ⁣තේරුම් ගෙන හමාරය.ඔවුන් ගෝඨා ගෝ හෝම් හා මහින්ද ගෝ හෝම් කියන්නේත් ඒ නිසාය.


Spread the love

Leave a Comment

You may also like