උණුසුම් පුවත්

හමුදාවෙන් මරා පිලිස්සු සාරාව හෙට බෝම්බයෙන් මිය ගිය බවට තහවුරු කරන තුප්පැහි විමර්ෂණයක්

Spread the love

වර්තමාන නිතිපති සංජය රාජරත්නම් හා පොලිස්පති වික්‍රමරත්න ශ්‍රි ලංකාවේ නිතිය හා පොලිසිය ප්‍රසිද්ධියේම වේසාකමේ යොදවන බවත් ඊට තවත් දුෂිත තැරැව්කරුවන් දෙදෙනෙක් හරහා එය සිදු වෙනු ඇත. ඒ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා හා ඉන්දික ද සිල්වානැමති ප්‍රධාන පොලිස් පරික්ෂකය.

2019/04/21 වනදින සිදු වු පාස්කු ප්‍රහාරයේ සහරාන්ලාට රාජ්‍ය බුද්ධි අංශය ලබා දි තිබි ඉල්ක්කය සපුරා ගන්නා තුරුම මේජර් ජෙනරාල් සලේ ගේ ඔත්තුකාරිය ලෙසට සිටි පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තියයි.ඇය කටුවා පිටිය බෝම්බයෙන් මියගිය වස්තුන් ගේ බිරිද ලෙසට සිටියාය.

ඇය සිද්ධිය වනවිට අසල වැසිකිලියට මුවාවි සිටි බවත් ඇය තමා දුටු බවත් පසුව ඇය යුධ හමුදාවෙන් රැගෙන ගියබවත්, සාදියා නැමති ජීවතුන් අතර සිටින සහරාන් ගේ බිරිද අවස්ථා ගනනාවකදීම ප්‍රකාශ ලබාදි තිබේ. ඇයව රැගෙන ගොස් ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශයෙන්ය එදිනම ඇයව මරාපුළුස්සා ඇතිබවත් ,අපිට තෙරතුරු ලැබුණි.

මේ නිසාම අවස්ථා ගනනාවකදීම සාරා එදින සහරාන් ගේ නිවසේදීම මිය ගිය බවටත්, එම ස්ථානයේ තිබි ඩී.එන් .ඒ .හමු වු බවටත් එවක විමර්ෂණ නිලධාරි සහකාර පොලිස් අධිකාරි වීරසිංහට සරත් වීරසේකර හා නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස් විවිධ අවස්ථාවලදි  බලපැම් කොට තිබුණි. ඒත් ඔහු එවනි වාර්තාවක් ලබාදීම තරයේ හෙලාම ප්‍රතික්ෂේප කොට ඇත. පසුව ඔහු අභිරහස් ලෙසට කොරෝනා සැදි යැයි මිය ගොස් පුළුස්සා දමා තිබුණි.

ඊට පසුවත් නැවත දෙවනි වතාවටත් එම මිනි වල වල් හාරා ඩි.එන්.ඒ සෙව් නමුත් හමු නොවිය .

ඒත් දැන් හෙට ගොඩ ගැනීම සිදුවන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින රාජපක්ෂවාදි පාහර දුෂිතයන් දෙදෙනෙකු වු පොලිස් අධිකාරි මෙරිල් රංජන් හා ඉන්දික ද සිල්වා යන දෙදෙනා හරහා මේ නින්දිත මෙහෙයුම සිදුවනු ඇත.

හෙට සිදුවන මෙම මිනි ගොඩ ගැනීමෙන් අනතුරුව ඔවුන් සැලසුම් කොට ඇත්තේ සාරාගේ යයි කියා සැකකරන යමක් හමුවු බවත් ,ඒ සමඟ සාරා ගේ මවගේ ඩී.එන්.ඒ පරික්ෂාවනබව අපිට සහතිකය. මේ වනවිට නිතිපතිය , මේජර් ජෙනරාල් සලේ, මේජර් ජෙනරාල් ජගත් අල්විස්ලා සියල්ලම සුදානම් කොට ඩී.එන් .ඒ වාර්තාව ලබාදීමට නියමිත සියළු ආයතනවලට ජනාධිපති දැඩි බලපැමක් එල්ල කොට ඇති බවත් අපි වගකීමෙන් සටහන් කරන්නෙමු. එම පරික්ෂාවේදි ස්ථිරවම සාරාගේ ඩී.එන්.ඒ . මව ගේ හා සැසදීම ඒ අනුව සිදු කිරීම සැලසුම සකස් කොට අවසන්ය.

මෙය සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම ද ,නිතිපතියටද, විශාල නින්දාවකි. මෙවනි නින්දිත විමර්ෂණයන් පිලිබදව අනාගතයේ තවත් ආණ්ඩුවක් යටතේ මෙරිල්ලාට ඉන්දිකලාට කුරු ගැණීමට සිදුවන බව සහතිකය.


Spread the love

Leave a Comment

You may also like