උණුසුම් පුවත් දේශපාලන

තක්කඩි රාජපක්ෂලා ලංකාවේ අහසත් ඉන්දියාවට විකුනලා දේශප්‍රේමීන්ගේ දත කට පූට්ටුයි නෝ කතා නෝ සිනා

Spread the love

ඉන්දියන් සාගරයේ නාවුක ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර රහසේ ගිවිසුම් තුනක් අස්සන් කර ඇතැයි වාර්තාවේ.මෙම ගිවිසුම් අස්සන් කිරීමට පෙර ඒ පිළිබඳව හින්දුස්ථාන් ටයිම් පුවත් පත වාර්තා කොට තිබුණි.දෙරට අතර ආරක්ෂාව සම්බන්ධව ගිවිසුම් තුනක් සහ සමුද්‍රී ආරක්ෂාව ආරක්ෂාව සඳහා සහයෝගිතාව ඉහල නැංවීමට අපේක්ෂා කරන විධිවිධාන තුනක් සම්බන්ධයෙන් එහි කරුණු වාර්තා කොට තිබූ අතර එහි සඳහන්ව තිබූ වැදගත්ම කාරණය වූයේ ඉන්දියාව මෙරටට ආහාර ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ඩොලර් බිලියන එකක ණය මුදලක් ගැන අවධානයට ලක් වී ඇතැයි යන සඳහනයි.

මෙම පුවත්පත් ලිපිය අනුව  ඩ්‍රෝන ගුවන් යානා දෙකක් මිලයට ගැනීමටත් ටොන් 4000ක නාවුක පාවෙන තටාකයක් අත්පත් කර ගැනීම පිළිබද ගිවිසුම් වලට අමතරව ගුරුග්‍රාම්හි ඉන්දීය නාවුක හමුදාවේ තොරතුරු ඒකාබද්ධ මධ්‍යස්ථානය සදහා නාවුක සම්බන්ධතා නිළධාරියකු පත් කිරීමට ශ්‍රී ලංකාව එකග වී ඇත.

එහි දැක්වෙන නාවුක හමුදා තටාකය තුළ යුද නැව් වල විශිෂ්ට බව ආරක්ෂා කිරීම හා අලුත්වැඩියා කටයුුුතු ඉතා ඉක්මනින් සිදු කිරීමේ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියකින් සමන්විත වේ.දෙරට අතර ඇති කර ගනු ලබන ආරක්ෂක සහයෝගිතාව මගින් මෙරට හමුදා නිළධාරීන් සඳහා ඉන්දියායේ හමුදා විද්‍යායතන වල ලබා දෙන පුහුණුව වඩාත් පුළුල් හා  විධිමත් කරන  බවද  හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත තව දුරටත් වාර්තා කර තිබුණි.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්තා කොට තිබුණ මෙම වාර්තාව හා සම්බන්ධ මූලාශ්‍රයන් පිළිබඳව මාර්තු 21 දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සමගි ජන බල⁣වේගයේ පාම හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ඩොලර් විසි නවයක මුදලකට මෙරට ගුවන් අවකාශය ඉන්දියාවට විකුණා දැමීමට සම්බන්ධ අමාත්‍ය මණ්ඩල ඉදිරිපත් කර ඇති බවය.එම ගිවිසුම වසර දෙකක කාලයක් සඳහා අස්සන් කර ඇති අතර ඒ අනුව මෙරට ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉන්දියාවට විකුණා ඇති බවද එහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන ලදී 
ඔහු ප්‍රකාශ කරන ආකාරයට මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අටකට ආසන්න සංඛ්‍යාවක්  අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත.
⁣ඔහු එහිදී මෙසේද පැවසීය

“….අද මෙරට ජනතාව විශාල වශයෙන් දුක්විඳින අවස්ථාවක ලංකාවේ ආරක්ෂක පද්ධතියට යැයි කියමින් ලංකාවේ අහස ඉන්දියාවට විකුණා අවසන්.මහ මුහුද චීනෙට දුන්නා.ගොඩ බිම චීනෙට දුන්නා.එල්එන්ජී ව්‍යාපෘති ඇමරිකාවට දුන්නා.දැන් අහසත් අවුරුදු දෙකකට ඩොලර් මිලියන විසි නවයකට විකුණලා.ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට අහස විකුණලා තියෙන පළමු අවස්ථාව.

https://www.youtube.com/watch?v=2zgZySTFLj0

බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යන්න ඉස්සර වෙලා මේවට අවසර දෙන්නෙ මාර්තු 19 වෙනිද නීතිපති දෙපාර්තමේන්තුව.මාර්තු 21 අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වෙනව.පුදුම දේවල් සෙනසුරාද අනුමතිය ලැබෙනව සෙනසුරාද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනව .මේව සකස් කරපු ලියකියවිලි.
බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යන්නෙ මේවට ආවරණ අනුමැතිය අරගෙන සියල්ල අත්සන් කරල

ලංකාවෙ මිනිස්සු තෙල් පෝලිම් වල දුක් විඳිද්දි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වෙනව මේක අමු අමුම ඩීල් එකක්. ඩුබායි රාජ්‍යයේ තියෙන ආයතනයක් සමග ලංකාව දීර්ඝාකාලීනව තෙල් ගෙන්වීම සදහා.මේ ආයතනයේ  කාර්ය මණ්ඩලයෙ හතර දෙනයි.වෙබ් සයිට් එකක්වත් නෑ.ඩුබායි රාජ්‍යයේ තියෙන ගොඩ නැගිල්ලක 39 මහලෙ මේක තියෙන්නෙ අපි හොයල බැලුව.තෙල් ගන්නෙ කොහෙන්ද ගෙන්වන්නෙ කොහෙද කියල සදහනක් නෑ විවෘත ටෙන්ඩර් පරිපාටියක් අනුගමනය කරල නෑ.මේ ආයතනයට ගෙවන්නෙ සියයට පනහක් ඩොලර් වලින් සියයට පනහක් රුපියල් වලින්.තෙල් වලට රුපියල් වලින් ගෙවන එක කවදාවත් අහල නෑ.කාටද රුපියල්වලින් ගෙවන්නෙ .කවුද කලු සල්ලි සුදු කරන්න පුළුවන් මිනිහෙක් ලංකාවෙ ඉන්නෙ.මේක මහා ආන්දෝලනාත්මක කටයුත්තක්.මිනිස්සු දුක්විඳිද්දි මුන් හම්බ කරනව.හෙන ගහන්න ඕන…මේව ඩීල්…..

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී සිදු   කළ සම්පූර්ණ ප්‍රකාශය මෙහි ඇතුළත් කර තිබේ.  
මේ අතරම මුදල් ඇමති ධුරයේ කටයුතු කරන බැරිසිල් රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන් යැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිටි පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය බැරිසිල් රාජපක්ෂට ලබන මැයි 12 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංඟල හිමි, බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනපති කොමිෂමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන අයවළුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වන්නේ බැරිසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපති වරයා වේ.
මුදල් ඇමති වරයා ඇමරිකානු පුරවැසියකු බවත් වෙනත් රටක පුරවැසියෙකුට  මෙරට මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු නොකළ හැකි බවත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බවත් පෙත්සම් කරුවන් සිය පෙත්සමෙන් අධිකරණයට පෙන්වා දී තිබේ.

එහෙත් තක්කඩි රාජපක්ෂවරුන්ගේ වැසිකිලි හෝදන්නන් රොත්තක් විනිසුරු වරුන් ලෙස නඩු විනිශ්චය කරමින් සිටින අළුත්කඩේ අධිකරණයෙන් මෙම පෙත්සමට සාධාරණයක් ඉටු නොවන බව නම් දැන් තියාම අපි කියමු.තක්කඩි රාජපක්ෂ වරු වෙනුවෙන් සිය ආත්මය පූජා කොට තිබෙන මෙම කාලකන්නි විනිසුරුවන් කණ්ඩායම පමනක් නොව උන් මේ මහ පොළවට ජාතක කළ තිරිසනුන්ටද හෙණ වදින දිනයද වැඩි ඈතකද නොවේ.

   


Spread the love

Leave a Comment

You may also like