උණුසුම් පුවත්

අපිත් එක්ක ඉන්නවාද…..?  වැලිකඩ යනවාද….? මෛත්‍රිට ජනාධිපති තර්ජනය කරයි.

Spread the love


පසුගිය දා ගෝඨාභය ජනාධිපතිවරයා  හමුවෙන ලෙසට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කැදවීමක් ලැබී තිබේ. ඒ අනුව ඔහු ගෝඨාභය ජනාධිපති හමුවීමට ජනාධිපති කාර්යාලයට ගොස් ඇත්තේ තවත් මෛත්‍රිපාල සිරිසේනගේ මංත්‍රිවරයෙකු සමඟය.

ඒත් මෛත්‍රිපාල හිටපු ජනාධිපතිට හැර අනික් මංත්‍රිවරයාට ගෝඨාභය අසලට යාමට ඉඩ දි නැත. ඔහු  ගෝඨාභය  කාමරය අසල ඇති අමුත්තන් රැදි සිටින ස්ථානයේ නතර කොට මෛත්‍රිපාල ජනාධිපති ගෝඨාභය ගේ නිල කාමරය තුලට ගොස් ඇත. ඒත් සමඟම …

” අපිත් එක්ක ඉන්නවාද….? ආණ්ඩුව කඩලා වැලිකඩ යනවද….? කියා ඉතාම තර්ජනාත්මකව මෛත්‍රිපාල ජනාධිපති ගෙන් ඇසිමත් සමඟම ඔහු ගල් ගැසි ඇත. කිසි විටකත් ගෝඨාභය මේ ආකාරයට තමාට කතානොකරනු ඇතැයි සිතු මෛත්‍රි කිසිත් නොකියා පිටව ගියාය.

ඒ නිසාම මින් ඉදිරියටත් මෛත්‍රි රාජපක්ෂ නඩය සමඟ ඉදිරියට රැදි සිටිනු දක්නට හැකිවේ. පාස්කු ප්‍රහාරය වෙනුවෙන් කුමණ හෝ මොහොතකදි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අත් අඩංගුවට පත් වීමට ඉඩ ඇත.


Spread the love

Leave a Comment

You may also like