උණුසුම් පුවත්

දුමින්දව එලියට දැම්මේ ශානිව මරාදැමීමට ද……?

Spread the love

මිනිමැරුම් නඩුවක් පිලිබදව විමර්ෂණය ඇරඹු මහේස්ත්‍රාත් අධිකරණයේ දි ඉතාම සාර්ථකව ඇසුදුටු සාක්ෂි මෙන්ම පරවේෂණීය සාක්ෂි සැකයෙන් තොරව ඔප්පුකල නිසා භාරත් ප්‍රේමචන්ද්‍ර ගේ මරණය මිනිමැරුමක් බවත් ඊට වෙඩි තැබීමට යොදවා ගත්  T56 අවියත් සමඟ සැකකරු වු අරුමාදුර රොමිලෝ දුමින්ද සිල්වා සමඟ තවත් පුද්ගලයන් වැරදිකරුවන් බවට පත්විය.

ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ දි ඇරඹු ලඝු නොවන නඩුව මහාධිකරණයේ වරදකරුවීම දක්වාම ඉතාම ඉවසීමෙන් හා මනා සංයමයකින් කලයුතු කාර්යයක් බව ලියුම්කරුටද බොහෝ අත් දැකීම ඇත. එ වගකීම නිසි ලෙසට ඉටුවීමට ප්‍රධාන අපරාධ විමර්ෂක නිලධාරියා හා ඔහුවටා සිටින පහලම පොලිස් කොස්තාපල් විමර්ෂකයා තෙක්ම ඒ කැපවීම සිදු විය යුතුය. ඒ රටේ යුක්තිය ඉටුවීමටය.ඒ විමර්ෂකයන් ගේ කැපකිරීම කොතෙක්ද යත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් පවා එම විමර්ෂණයේ කිසිදු දෝෂයක් දැක්කේ නැත. එපමණකටම ශානි ඇතුළු පොලිස් නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත්වේ නම්බුව රැක්කාය.

ඒත්  එවනි විමර්ෂණයක් කල අපරාධ විමර්ෂකයාට තම ජීවිතය බේරා දීමට ක්‍රියා කරන්නැයි තවත් අපරාධකරුවෙකු ගෙන්ම අයැදීමට සිදුව තිබීම සමස්ථ ජාතියේම අවාසනාවකි. දුමින්ද සිල්වා නිදහස ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ විධායක ජනාධිපති වරයෙකුට ලැබි ඇති ප්‍රතිපාදන අනුවය. ඒත් මිනිමරුවන් මේ ආකාරයෙන් නිතියානුකුල අධිකරණවලින් දුන් දඩුවම් ඉවත් කොට නිදහස්කරයි නම් ඒ පිලිබදව විමර්ෂණය කල නිලධාරින් ගේ ජීවිත හා එම නිලධාරින් ගේ දරු පවුල් පිලිබදව ඇත්තේ දැඩි බියකි.

ශානි අබේසේකර වසරකට ආසන්න කාලයක් රදවා තබා නිදහස් කලේම යුරෝපා සංගමයට ඇති බයකට නොවන බව අපි එදා කිවේ ඒ නිසාය. දුම්න්ද සිල්වා යනු මෙරට ප්‍රධාන පෙලේ කුඩු ව්‍යාපාරිකයෙකි. දැනට අත් අඩංගුවේ සිටින වෙලේ සුදා හා පසු ගිය දා මිය ගිය කුඩු ලාලිත නොහොත් ලාලිත කෞෂල්‍ය නැමති දෙදෙනාම විකුණනු ලබන්නේ දුමින්ද මෙරටට ගෙන එන හෙරෝයින් මත්කුඩුය. පොට්ට නවුෆර් හා දුමින්ද සිරගෙදර  සිටත් පාතාලේ මෙහෙය වීම හා කුඩුවෙලදාම ඉතාම ජයටම කරගෙන ගිය බව අපි අවස්ථා ගනනාවකදි පෙන්නා දුනිමු.

දුමින්දට  කුඩු සැපයු පාකිස්තානු ජාතිකයා වැලිකඩ බන්ධනාගාරයේ සිටියදි ඔහුට කොරෝනා වැලදීමට ඉඩ ඇතැයි සිතා මේ වසරේ මුලම බන්ධනාගාර අධිකාරි ගේ බලතල අනුව නිදහස් කල බව අපි වාර්තා කලෙමු. දැන් ගෝඨාභය ජනාධිපති විසින් දුමින්ද සිල්වා නිදහස් කිරීම සිදු කලේ ශානි ගේ නිදහස් කිරීමට පසුවය . ශානි අබේ සේකර මෙරට සමුහ මංකොල්ලකෑම් , මිනිමැරුම්, පාතාලේ මිනිමැරු අති විශාල ප්‍රමානයක් විමර්ෂණය කල අයෙකි. ඒ විමර්ෂණයන් ගෙන් 98% කම අධිකරණයෙන් වරදකරු කර ඇති බව අපි දනිමු. ඒ නිසාම පාතාලේ හා මහාපරිමාන කුඩු ව්‍යාපාරිකයන් සමඟ සමීප සම්බන්දතා ඇති දුමින්ද පාතාලේ ලවා ශානි අබේ සේකරව මරාදම බව විශ්වසය. ඊට ගෝඨාභය ගේ රාජ්‍ය බුද්ධි අංශත් ඉදිරියේදි අනුපමීය සහායක් ශානි ඝාතනයට ලබා දෙනු ඇති. 

ඒ පාස්කු ප්‍රහාරය සලේලා ගේ භුමිකාව හෙලිවීම වැලැක් වීමට ශානිව ඝාතනය කල යුතුය. ඊට  “අම්මගේ රෙද්ද “තැබු එකාත්,  වචනෙන් හරි මිනිමරුවන් දිරිමත් කරන බව සහතිකවම කිව හැකිය. ශානි ගේ ජීවිතය දැන් රැකීමට කිසිවෙකුටත් බැරිය. ඒ රටේ ජනාධිපතිටත් , රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් සුරෙෂ් සලේටත් අවශ්‍ය දේම පාතාලේ ලවා දුමින්ද සිල්වා විසින් සිදු කරනු ඇත. එවිට ජනාධිපතිකම නැති දාටත් ගෝඨාට නින්දයනු ඇති. දුමින්දව එදා මිනිමැරීමේ චෝදනාවෙන් ගලවා ගැනීමට දැඩි වෙහෙසක් ගත් පොලිස් නිලධාරියෙක් වුයේ වර්තමාන කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දුතෙන්නකෝන්ය. එවකට ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාය.

කොහොම කොයි හැටි වෙතත් රාජපක්ෂලා ,සිරිසේනලා මිනිමරුවන් ගෙදර යවමින් වසර 73 තිස්සේම හැදුවේ රටේ මිහරකුන් බවනම් නොකියාම බැරිය. දැන් අවසානයේ රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් බවට විශ්වාස  කල ශානිලා වැනි තවත් අවංක පොලිස් නිලධාරින්ට දෙයියන්නේ පිහිටයි.


Spread the love

Leave a Comment

You may also like