උණුසුම් පුවත්

එදා මෙදා තුර දේශපාලකයන් හොරා කා ඇති සියලු ධනය අපේ ආණ්ඩුවක් යටතේ අත්පත් කරගන්නවා – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

Spread the love

මෙරට ජනතාව ගේ සමස්ථ ආදායමටම සමාන මුදලක් විවිධාකාර ක්‍රම වලින් දේශපාලකයන් හොරාකා තිබෙන බවත් තමා යම දිනයක ඒ සියල්ලම රටේ මහාභාණ්ඩාගාරයට බැර කොට ණය ගෙවීම්ට ක්‍රියාකරන බවත්   ජාතික සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මංත්‍රි හිටපු හමුදාපති,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

රටේ ජනතාව ගේ එකම සතයක්වත් තවත් දවසක කිසිදු නිලධාරියෙකුට හෝ  දේශපාලකයෙකුට හොරකම් කිරීමට කිසි විටකත් ඉඩ නොතබන බවත් දැන් රටට වැඩිදුරටත් ප්‍රකාශ කලේය . දැන් රටට ඇති විශාලම  අභියෝගය හොරා   කන වුන් අත් අඩංගුවට ගන්නවා යැයි කියා පැමිණියත් එසේ නොකිරීම බවත්   ,ඒ නිසාම රටේ ජනතාව සමස්ථ දේශපාලකයන් සියල්ලම එකම ගොන්නට දමා මනින බව පෙනියන කරුණකි.  රටේ ජනතාව  ගේ මුදල් හොරා කනවුන් සුපිරි දිවි ගෙවන බවත් දුෂණය කුඩාම තැන සිට ජනාධිපති මන්දිරය දක්වාම අද පැමිණ ඇතත් තමා ඒ සියල්ලටම තිත තබන බවට රටේ ජනතාවට සහතිකවන බවත් මෙහිදි පැවසීය.

මෙරටින් ත්‍රස්තවාදය අතුගා දැමු ආකාරයටම දුෂණය ,වංචාව අතුගා දමන බවට රටේ ජනතාවට සහතික වන බවත් ,  ඊට පක්ෂ පාට නොබලා දිවි හිමියෙන් කැපවෙනබවත් වැඩි දුරටත් පැවසීය.


Spread the love

Leave a Comment

You may also like