උණුසුම් පුවත් දේශපාලන

පොලිස්පති ගේ අමුඩෙ ලිහපු කුරුණෑගල මුලස්ථාන පොලිස් පරික්ෂක.

Spread the love

වර්තමාන පොලිස්පති තනතුර ඇත්තේ මැදමුලන බෙරේට නටන නැට්ටුවකු ගේ ගානටය. ඊට අපි වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට කිසිදු චෝදනාවක් නොකරන්නෙමු. ඒ 20 වන සංශෝධනයෙන් අද ඔහුටත් කුරුණෑගල නගරාධිපති ගේ උපන්දින සාදයට යාමට ජොන්ස්ටන් ඇමති කීවානම් නිල ඇදුමින් යායුතුය. ඒ 20 වන සංශෝධනයේ බලයයි.එවන් වට පිටාවක් තුල පොලිස්පති වික්‍රමරත්න මහතා ඉතාම අසරණය.

ඒත් 19 වන සංෂෝධනය යටතේ පොලිස්පතිවරයාව ඉවත් කිරීමේ බලයක් රටේ ජනාධිපතිට නොවිය. ඒත් පුජිත එදා සිටි සාගලලා ළඟ පින්සෙන්ඩු විය . එදා නොවු කොන්දක් අද කොහින්ද….? කියා රටේ ජනතාව තේරුම් ගතයුතුය.

දැන් රටේ නිරෝධායන නිති පිලිබදව අජිත් රෝහණ මහතා කියා දෙන්නේ සාමාන්‍ය පුරවැසියාට මිස රටේ පාලක පංතියට හෝ සල්ලිකාර ධනවතුන්ට නොවන බව ගමේ බණ්ඩයියා අවබෝධ කරගත යුතුය. ඊයේ රාත්‍රි ශ්‍රැන්ගිල්ල හෝටලයේ සිටි ලොහාන රත්වත්තලා ,පුෂ්පිකාල අත් අඩංගුවට නොගන්නේම ඒනිසාමය.

රටේ එකම නිතියක් ගෙන ඒමට යහපාලනයෙන් තම වැටුපට ලබාදුන් රු 10,000ක වැටුප් වැඩිකිරීම පවා පයිසෙකටවත් ගනන් නොගෙන විරුවා ගේ ගෙළුව බැලීමට සමස්ථ පොලිස් නිලධාරින් කල කැපකිරීමට දැන් විරුව හෙළුව පෙන්නලාම ඇති පදමට අනුභව කිරීමට දෙමින් ඇත. ඊට තවත් අඩුම කුඩුම දමා පොලිසිය වලටම හරියන සුපිරිම බඩු ටිකක් දැන් ඉන්නේ ජොන්ස්ටලා ගේ ඔඩොක්කුවේය.

දැන් මෙයින් තවත් දෙයක් ඉතාම පැහැදිලිය ,නිලධාරින් කියන්නේ HQIහාASP දෙදෙනාම නගරාධිපති ගේ උපන් දිනයට ආශිර්වාද කිරීමට එදිනම පිරිත් කීමට දිනය යොදාගත් බවයි. පිරිත් යන අතරේම මත් පැන් සංග්‍රහයත් යහමින් තිබු බවත් නිති ගරුක පොලිස් නිලධාරින්ම කියයි.

ඊයේ නගරාධිපතිට කේක් කැපීමට තරන් නිල ඇදුම ඇද ගොබ්බයෙක් සුදානම් වීනම්  එයින් කියන්නේ පොලිස්පතිටවඩා අපේ ගැලවුම්කරු ජොන්ස්ටන්ලා ,නගරාධිපතිලා බවයි,අජිත් රෝහණලාව තබේකටවත් මායිම නොකරන බව නොවේද …?

මෙයින් කුරුණෑගල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක් සිදුකලේ පොලිස්පති වික්‍රමරත්න මහතා ගේ අමුඩෙත් ප්‍රසිද්ධියේම ගලවා දැමීමකි.

පොලිස් ඉතිහාසයේම ප්‍රථම වතාවට මෙවනි පොල් බුරුවෙකු මුලස්ථාන පොලිස් පරික්ෂක වී ඇත. එහි වරද සහකාර පොලිස් අධිකාරි නැමැත්තාද ඒ අවස්ථාවේදි එහි සිටීම තවත් අවාසනාවකි. වයඹ පලාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා කුරුණාගල කොට්ඨාශ භාර නිලධාරි දැන් මොහුව අල්ල දඩු කදේ ගසන්නේද……? මේවා විහිළු කතාය.

 මෙවන් බල්ලන් පොලියට පැමිණ මේ උත්තරීතර දෙපාර්ත්මේන්තුව බලු කර ඇත.


Spread the love

Leave a Comment

You may also like