වෙනත්

“රෙණවිරු ” හමුදාපතිගේ කොරෝනා කල්ල මරේ..

Spread the love

ශ්‍රී ලාංකිකයන් ⁣සිතා සිටින්නේ කෝවිඩ් කාර්ය සාධක බලකායේ සභාපති පට්ට වැඩ කාරයෙක් විදියටය.මේ රෙණවිරු මැට්ටා වැඩ්ඩෙක් විදියට ඔසවා  ඇත්තේ කුලීකාර මාධ්‍ය කුලීකාරයන් විසිනි ස්වර්ණවාහිනියේ රෙංගන සිල්වාට මේ රෙණවිරු හමුදාපති⁣යා තරම් මාර සයිස් වැඩ්ඩෙක් මේ තුන් ලෝකයේම නැතිය.රෙංගනයා උදේට පත්තර කියවද්දී රෙණවිරු හමුදාපතිට චාන්ස් එකක් දී මෑන්ස්ගේ පුරාජේරු පුරසාරම් කයිවාරු ටිකක් අසා රට චූන් කරවන්නේය.මේ චූන් එකේ තරම කෙතරම්ද යත් මේ වන විට රටේ පුරවැසියන් ගේ ඔළුව හැදී තියෙන්නේ රෙණවිරු හමුදාපතියා නැතිනම් රටම කපෝති කියාය.

එහෙත් මේ රෙණවිරු හමුදාපතියාගේ හා ඔහුගේ බිරින්දෑගේ හැබෑ වගතුග දන්නා එවුන් නම් මේ තරම් කිරි පනුවන් නලියන අසූචි බෙට්ටක් ශ්‍රී ලංකාවේ හමුදාපති පුටුවේ කිසිම කාලයක නොසිටි බවට සහතික වනු ඇත.හමුදාපතියගේ දැන් බිරින්දෑ ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයූ කොන්ත්‍රාත්කාරයා වූ ඩෙිව්ඩ් වික්‍රමරත්න පවුලේ එකියක් බව කියවේ.රෙණවිරු හමුදාපතියාද සෙල්ලම් සෙන්පතියෙක් නොවේ.පසුගිය යුද සමයේ සිට කුලීකාර මාධ්‍යකාරයන්ට අඩියක් පුඩියක් දී ලොවන්නට කුකුල්මස් කට්ටක් දී මං පොර බවට සහතික ලියවා ගත් බඩ්ඩකි.ෂෝට් කට් ගේම් ගසා හමුදාපති පුටුවේ වාඩි වීමට තරම් මොහු  ලෝකෝත්තරයෙක්ද විය.යහපාලනය සමයේ ජනපති සිරිසේනගේ දියණිය චතුරිකා හා කාටත් හොරා  නිදි ඇඳේ කරණම් ගසා හමුදාපති පුුුටුව අල්ලාගත් මේ රෙණවිරුවා රාජපක්ෂ පවුලට රහසේ ගොටු ඇල්ලූ කොට්ටෝරුවාද වූයේ යහපාලනයේ බලධරයන්ගේ ඇස් වලට වැලි ගසමිනි.ඒ කොට්ටෝරු කමේ තෑග්ග වූයේ නන්දසේනගේ රෙණවිරු හමුදාපතියා වීමටද මොහුට චෑන්ස් එක ලැබීමය.මේ රෙණවිරු හමුදාපතියා ජනපති නන්දසේන ජනපති පදවියේ සිටින තුරුම  මේ රටේ හමුදාපති තනතුරේ ඉන්නට ඉඩ තිබේ.නමුත් මේ මං පොර නිසා ශ්‍රී ලංකාවේ හමුදාවේ විනය සීරෝ වී තිබේ.හමුදාවේ නිර්දේශපාලනික හමුදා නිළධාරීන් සිටින්නේ දැඩි කළකිරීමකිනි.මේ වන විට මොහු සෙබළුන්ගේ පහසුකම් හා ශුභසාධනය කප්පාදු කරම්න් හමුදා සේවය වහල් සේවාවක් බවට පත් කර තිබේ. රෙණවිරු හමුදාපතියා හා බිරිඳ කෝවිඩ් වසංගතයට මුවාවී සිදු කරන ගසාකෑම කෙතරම්ද යත් මොවුන් දෙපොළට පසුගිය දිනයකදී කෝටි ගනනක් වැය කොට  දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් මිලයට ගැනීමට හැකිවී තිබේ.බත්තරමුල්ලේ දියවන්නාව අසබඩ පිහිටි රෙණවිරු හමුදාපති බිරිඳගේ පෞද්ගලික නිවස පිහිටි ඉඩම රක්ෂිතය යෙන් කොටසක් අල්ලා ගෙන තවත් පුළුල් කර ගැනීමට තරම් මොවුන් වාසනාවන්ත වී ඇත්තේය.පරිසරවේදීන්  මේ බලහත්කාරී පරිසර විනාශය ගැන පරිසර අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතත් ඒ පැමිණිලි පිළිබඳව වගේ වගක් නැත්තේය.මේවා ගැන පරීක්ෂණ පවත්වා  ජනපති නන්දසේනගෙන් ඉල්ලගෙන කන්නේ මොකටදැයි පරිසර නිළධාරීන් කල්පනා කරනවා වෙන්නට ඇත.
කෝවිඩ් කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මේ රෙණවිරු හමුදාපතියා එම බලකායේ සභා රැස්වීම් වලදී වෛද්‍ය ⁣විශේෂඥ වරුන් හෝ එහි අනෙකුත් සාමාජිකයන් කෝවිඩ් මර්දනය සම්බන්දයෙන්  ඉදිරිපත් කරන යෝජනා හා සැලසුම් අධෝවාතයක් තරම්වත් ගනන් නොගනී සභාවට යෝජනා ගෙනඑන්නේද රෙණවිරු හමුදාපතිය.සැලසුම් ඉදිරිපත් කරන්නේද ඔහුය.අනික් සියළුම සාමාජිකයන් ඔහුගේ පුරසාරම් අසා එහෙයි කිව යුත්තෝය. කෝවිඩ් කාර්ය සාධක බලකායේ සිට මෑතකදී විශ්‍රාම ගිය පොලිස් ලොක්කෙකු හිතවත් මාධ්‍යවේධියකුට කියා ඇත්තේ රෙණවිරු හමුදාපතියා කාර්ය සාධක බලකායේ රැස්වීම්වලදී කිසිවෙකුට කතා කරන්නට හෝ අදහස් දැක්වීමට ඉඩ නොදෙන බවය.⁣තම අදහස් ඉදිරිපත් කොට නෝන්ඩි වෙනවාට වඩා නිහඬව සිට සිය ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රැස්වීම්ලදී තමන් කට ඇරියේ පැටිස් එකක් කා  තේ එක බීමට පමණක්යැයි මේ පොලිස් ලොක්කා වැඩිදුරටත් කියා තිබේ.
කෙසේවෙතත් කෝවිඩ් කාර්ය සාධක බලකායේ සියළු සැලසුම් ක්‍රියාත්මක වන්නේ රට තුල සිටින කෝවිඩ් රෝගීන් ගේ ප්‍රතිකාර සාධනය සඳහා නොව ගසා කෑමට හැකි ව්‍යාපෘති  දියත් කරමිනි.මේ වනවිටත් එවැනි ගසා කෑ හැකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ .ඒ සීදුවේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සකස්කරමිනි.මේ ව්‍යාපෘතියෙන්  රෙණවිරු හමුදාපතියාගේ බිරින්දෑගේ එකවුන්⁣ට් එක තර වෙන බව තතු දන්නෝ පවසති.⁣මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය කෙරෙන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලිි පවා සැපයෙන්නේ රෙණවිරු හමුදාපති බිරින්දෑ හා ගනුදෙනු කරමින් සිටින ජාවරම්කාරයන්ගෙනි.⁣එක් අතකට සීදුව වැනි ප්‍රදේශයක් කේන්ද්‍රීය කරගනිමින් මහජන මුදල් වැය කරමින් මෙවැනි කෝවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථාන  ඉඳි කිරීමට වඩා සීදුව ජාඇල වත්තල ප්‍රදේශවල දේවස්ථාන මේ සඳහා යොදා ගත හැකිව තිබුණි.රෝගී ප්‍රතිකාර  මධ්‍යස්ථාන සඳහා තම දේවස්ථාන ලබා දීමට කැමැති බවට ක්‍රිස්තියානි මධ්‍යස්ථානය ජනපතිවරයාටද පසුගිය කාල වකවානුවේදී ලිඛිතව දන්වා තිබුණි.එහෙත් මේ ජාවාරම්කාරයන් එවැනි පරිත්‍යාග වලට කැමති නැත.ඔවුන්ට අවශ්‍ය මීඩියා සංදර්ශන පවත්වමින් මහජන මුදල් යටි මඩි ගසා ගැනීමේ වැඩ පිළිවෙල්ය
සැබවින්ම මෙම තෙවන කෝවිඩ් රැල්ල ජනපති නන්දසේන හා රෙණවිරු හමුදාපති ගේ  කෝවිඩ් කාර්ය සාධක බලකායේ කුමන්ත්‍රණකාරී සැලසුමක් බවටද සැකයක් පවතී.කෝවිඩ් තුන්වන රැල්ල ඒමට පෙර ජනපති නන්දසේනගේ ආණ්ඩුව තිබුණේ එල්ලෙන්න වැලේ වැල් නැතුවය.ඒ දවස්වල සමාජයෙන් ඇසුනේ කැලෑ කැපීමට එරෙහිව සටන් පාඨය.විෂ පොල් තෙල් වල⁣ට එරෙහිව විරෝධතා හඬවල්ය.අලි වැටවල් නැති කමින් පීඩා විඳින මිනිසුන්ගේ අඳෝනාය.සහල් මිල දරාගන්නට බැරි යැයි කියවෙන සටන් පාඨය.නීතිය අනීතිය වී ඇති බවට හඬ නැගු හඬවල්ය.පෝට් සිටිය කෙලියෙන්  රට පාවා දෙනවායිි මරහඩ තැලූවන් ගේ  ගර්ජනාය.මුසල්මානුවන්ට කෝවිඩ් මෘතදේහ වලලන්ට දෙන්ට එපා යැයිි   කෑ මොර ගැසූ දේශප්‍රේමී කයිවාරුය.
අප්‍රේල් අට වෙනිදා සිට බක් මහ අවුරුද්දට රට වහන්නට යැයි වෛද්‍ය විශේෂඥයන් ජනපති නන්දසේනට උපදෙස් දුන්නේ මෙවැනි පසුබිමකය.
එහෙත් ජනපති නන්දසේන රෙණවිරු හමුදාපති හා ඔවුන්ගේ ⁣ජාවාරම්කාර මාෆිලුන් ඒ උපදෙස් නොතකා කටයුතු කිරීමට සැලසුම් කරන ලද්දේ කුමන්ත්‍රණකාරී අදහසිනි.රාජපක්ෂ පවුලේ  සහභාගිත්ව⁣යෙන් නුවරඑළියේ   වසන්ත උදානය වැනි සැනකෙළිි පැවැත්වූයේ  කෝවිඩ් තුන්වන රැල්ල ගැන නොදැන නොවන බව දැන් සිදුවෙමින් පවතින යථාර්තය පසුගිය කාලයේ පැවැති සමාජ ප්‍රශ්න හා ගලපා ගනිමින් සිතා ගත හැක්කේය.

ජනපති නන්දසේන  හා රාජපක්ෂ පවුලත් රෙණවිරු  හමුදාපති ඇතුළු ජාවාරම්කාර නඩයත් තක්සේරු කර ඇත්තේ සමාජය තුල රජයට එරෙහිව මතුවෙමින් පවතින උද්ඝෝෂණ විරෝධතා රැල්ල මැඩ පැවැත්වීමට හොඳම විසඳුම කෝවිඩ් රෝගය මෙරට පතුරවාලීම බව දැන් ඉතා හොඳට පැහැදිලිය.⁣පාස්කු බෝම්බ ප්‍රහාරයේ ලේ මතින් බලයට පත්වූ මේ කාලකණ්නියන්ට කෝවිඩ් රෝගයෙන් ⁣පුරවැසියන් මිය යෑම ගැන වගේ වගක් නැත්තේ ඒ නිසාය.රාජපක්ෂ පවුලේ තිරිසන් ප්‍රාර්ථනාවද එයම වන්නේය.

 

 

 

 


Spread the love

Leave a Comment

You may also like