උණුසුම් පුවත්

පොලිස් ඇමතිගේ සුරතලී…. කුඩු ලේකමීගේ තවත් තොරතුරු එළියට..

Spread the love

පොලිස් බාර ඇමැත්තාගේ හුරතල්  සම්බන්ධීකරණ ලේකම් වරිය ගැන ලංකා දවසෙන් සිදු කළ අනාවරණයෙන් පසුව ඇයගේ කෙරුවාවන් පිළිබඳව තවත් තොරතුරු ගනනාවක් අප වෙත ලැබී තිබේ.මේ තොරතුරු මූලාශ්‍රයන් විමසා බලන විට ලංකා දවසට පෙනී යන්නේ ජනපති නන්දසේන ⁣ශ්‍රී ලංකාවේ පාතාල මර්දනය කරන බවට මාධ්‍ය රඟපෑමක් සිදු කළද සැබෑවූ සත්‍යය  එය නොවන බවය.බිහිසුණු පාතාලය හා මත් ද්‍රව්‍ය ජාවාරම යාවත්කාලීන කරමින් ඉතා සූක්ෂමව පවත්වාගෙන යන්නට ජනපති නන්දසේන හා ඔහුගේ ජාවරමිකාර වෙළන්ඳන් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලාංකිකයන් කෙසේවත්  විශ්වාස නොකරන බව ඇත්තය.

එහෙත් ඒ සත්‍යය නිතර දිවා රෑ අප දකින අසන ප්‍රවෘත්ති වලට වඩා බොහෝ වෙනස්ය. පොලිස් පොඩ්ඩෝ දිවා රෑ නොබලා මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල මර්දනය සඳහා කැප වීමෙන් කටයුතු කරමින් සිටිද්දී ජනපති නන්දසේනට සමීපතම පාතාල ජාවාරම්කාරයින් තවමත් නිදහසේ සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නේ පොලිස් පොඩ්ඩන්ට කොකා මාක් එක පෙන්වමිනි. කුඩු ජාවාරම් වලට සම්බන්ද එම පාතාල ජාවාරම්කරුවන් ඉතා සංවිධානාත්මකව හා සැලසුම් සහගතව පොලීසියේ ඉහල පුටු වල ආශීර්වාදය හා අනුග්‍රහය මැද කුඩු ව්‍යාපාරය පවත්වා ගෙන යන බවට හොඳම සාක්ෂියක් වන්නේ ලංකා දවසෙන් මීට පෙර අනාවරණය කළ පොලිස් බාර ඇමතිගේ හුරතල් ලේකම්වරියයි.

මේ වනවිට ලංකා දවසට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම සම්බන්ධීකරණ ලේකම් වරියගේ සොහොයුරිය වූ කුඩු කුමාරිගේ දියණිය විවාහ වී ඇත්තේ කොස්ගොඩ සැන්ඩා නම් ප්‍රසිද්ධ කුඩු ජාවාරම්කාරයා සමගය.මොහු ප්‍රදේශයේ ලියාපදිංචි ප්‍රසිද්ධ අපරාධකාරයෙකු වන අතරම ලංකාවේ පාතාල ක්‍රියාකාරිකයන් අතර ලේඛනගත අපරාධකාරයෙකු වූ කොස්ගොඩ සුජීව සතු ආයුධ පවතින්නේ මොහු බාරයේ බව පොලිස් රහස් තොරතුරු වල දැක්වේ.
කොස්ගොඩ සුජීව මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටී.කොස්ගොඩ සුජීවගේ සොයුරිය බලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකි.අම්බලන්ගොඩ බලපිටිය කේන්ද්‍රීය කර ගනිමින් කොස්ගොඩ සුජීව නම් වූ මෙම  පාතාල මැරයා සතුව දේපො⁣ල   කෝටිි සියයකට අධික බව ජාතික රහස් තොරතුරු කාර්යංශ වාර්තා වල සඳහන්ය.මෑතකදීකොස්ගොඩ සුජීවගේ දේපොළ හා ආදායම් මාර්ග පාලනය කළ අම්බලන්ගොඩ ප්‍රසිද්ධ විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයකු මුදල් විශුද්ධි කරන පනතේ චෝදනාවන්ට යටත්ව පොලීසිි⁣යේ ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැණිනි.මෙම ගුරුවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව ඒ දිනයන්හී ජාතික පුවත්පත්වල මුල් ශීර්ෂයන් යටතේ පළ වූ ප්‍රවෘත්ති වල සඳහන් වූයේ ඔහුගේ බැංකු ගිණුම් වල  කෝටි  45 (හතලිස්පහකට) ආසන්න මුදලක් තැන්පතු ලෙසට ඇති බව අනාවරණය වී ඇති බවකි.
මෙම අනාවරණය ප්‍රවෘත්ති පත්‍රවලට හෙළි කර තිබුණේද පොලිස් ත්‍රස්ත විමර්ශන කාර්යංශයයි.එහෙත් සතියක් ඇතුලතදී මෙම ගුරුවරයා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කරන ලද්දේ  කිසිදු චෝදනාවක් නොමැති බව සඳහන් කරමිනි.ඉපැයූ ආකාරය හෙළි කිරීමට නොහැකි කෝටි ගණනක් මුදලක් බැංකුගත කර තිබූ මේ ගුරුවරයා කිසිදු චෝදනාවක් නොමැතිව නිදහස් කර යැවීමට කටයුතු කරන ලද්දේ පොලීීීසිය බාර ඇමැත්තාගේ හුරතල් සම්බන්ධීකරණ ලේකම්වරියගේ නොමසුරු සම්බන්ධීකරණය තුල බව ලංකා දවසට මේ වන විට වාර්තා වී තිබේ. එහිදී ප්‍රබල දේශපාලඥයකුගේ හා පොලීසියේ ⁣ලොක්කෙකුු  ගේ අනුග්‍රහයද ලැබී ඇත.පොලිස් අත්අඩංගුවට පත් සිිය සගයා නිිදහස්
 කර ගැනීම වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට කොස්ගොඩ සුජීව කෝටි පහකට ආසන්න මුදලක් පොලිස් ලොක්කන්ට සංතෝෂම් වශයෙන් වැය කර ඇත.සැබවින්ම ජනාධිපති නන්දසේනගේ  සමීපතම පාතාල ජාවාරම්කාර නඩයේ සිටින පොලිස් ලොක්කන් අද සුර සැප විඳිමින් සිටින්නේ පාතාලයන් විසින් මේ ආකාරයට අතදිග හැර සිදු කරන වියදම් වලිනි. පාතාලයන් විසින් සිදු කරන ඒ මහා දානමය පුන්‍යකර්මයන් සම්බන්ධීකරණ දායක කාරකාදීන් අතර පොලිස්බාර ඇමතිගේ මේ හුරතල් ලේකම්වවරියද  සිටින බව ලංකා දවස වගකීමෙන් සඳහන් කර සිටී.ඇයට පාතාලය හා පවතින ඥාති සම්බන්ධතාවය එයට මනා පිටුවහලක් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවැසේ.

 

 

 

 

 

 



Spread the love

Leave a Comment

You may also like