ස්වාධීන මාධ්‍යවේදියකු යයි කියා ගන්නා දැනට ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක සුදේව හෙට්ටිආරච්චි ලබන සතියේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
මෙතෙක් කල් ගෝඨා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුවට හොරෙන් කඩේ ගිය සුදේවට දැන් එලිපිටම තම සැබෑ මුහුණුවර පෙන්වීමට අවස්ථාව උදා වී ඇත.
සුදේව ස්වර්ණවාහිනියට ආවේ එය මිලට ගත් එංගලන්තයේ වසන ලයිකා මොබයිල් හිමි සුබාෂ්කරන් අලිරාජා ගේ ඉල්ලීමට විශාල වැටුපකටය.
සුබාෂ් පසුගිය ජනපතිවරණය සඳහා ගෝඨා ට ලක්ෂ 100 ක් එව්වේය. ඒ ධනුෂ් නමැත්තකු හරහාය.
මෙම ඩීල් එක සඳහා මනෝ තිත්තවැල්ල මහ බැංකුවේ අධීක්ෂක ලෙස හිඳිමින් ස්වර්ණවාහිනිය මිලට ගැනීමට උදව් කළේය.
මින් කොටසක් මංගලටත් ගිය බව පැවසේ.
ස්වර්ණවාහිනියේ මුල් අයිතිකරුවන් වූ ජීවක එදිරිසිංහලා යටින් උදව් කළේ රනිල්ටය.
මේ නිසාම ජීවකලාගේ ETI නඩුව එළියට ඇද ඔවුන් ඇතුලට දමන්න ගෝඨා කටයුතු කළේය.
ඩීල් එකේ ප්‍රකාරව යෝසිත එම මුදල් යොදා සුප්‍රීම් ටෙලිවිෂනය ආරම්භ කළේය.
දැන් ස්වර්ණවාහිනිය රාජ සන්තක කිරීමට යන බවක් වාර්තා වේ.
ඉන්පසු එය වෙනත් ව්‍යාපාරිකයකුට විකිණීමේ සැලසුමක් තිබේ.
සුදේවට ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී තනතුර පිරිනැමෙන්නේද මෙම ඩීල් එකේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මෙතෙක් එහි සිටි මොහාන් සමරනායක දැන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකය.