කට්ටියක් දෙයියන්ට නඩු කියනව,කට්ටියක් පෙලපාලි යනවා, අපිට බණකියන්න ඉන්න හාමුදුරුවන්ට අපිටයි බණ කියන්න වෙලා තියෙන්නේ
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පටන් ඊයේ දිනය වනතෙක් කවරදකවත්ම බුද්ධ පුත්‍රයානන් වහන්සේලා දෙවියන් සොයා ගොස් නඩු හබ කිවා කියා කිසිම බෞද්ධ යෙක් නම් අසා නැත.(එහෙත් බුදුන්ගේ කාලයේ පටන් එසේ දෙවියන් සොයා ගොස් නඩු හබ කියා තිබෙනවා කිමටද මහින්ද සරණන් ගච්ඡාමි යන සාදුලා කිමට බැරි නැත )
ලෝකෙම නිර්මල බුදුදහම ඇති එකම රට ශ්‍රි ලංකාවය ඒ එදා සිටම ලෝක වාසින්ගේ මතයයි. නමුත් අද වෙන දේ දුටුවිට බෞද්ධ වන් අපිට සිතෙන්නේ සියලු ගෘහ ජිවිත්යේ අපේ කටයුතු නතර කොට පන්සල් ගානේ ගොස් හාමුදුරු වරුන්ට බණ කිමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවයි.
අනේ අපේ හාමුදුරුවරු පාරේ වඩින්කොට කැස්පොට ගසා සිටින සරම පත් කොට එක් පසකට වි දණ නමස්කාර ලැබු කාලයක් තිබුණා නොවේද…? ගිහියෙකුට උඔ ,කියාවත් අඩුම තරමින් නොකි අපේ පන්සල් වල හාමුදුරුවරු දැන් කතාකරන්නේ මිනිමරන්නය තවත් එකෙක් කතාකරන්නේ ගල් ගහන්නය.
පන්සල් වලට දරුවන් යැව්වේ හොද,සිරිත් ,විරිත් පුරුදු පුහුණු වෙන්නයි ඒත් දැන් දෙමාපියට දරුවා දහම්පාසැලට යැවීමට පෙර දෙවතාවක් සිතිය යුතු වෙනවාය. අක්මීමන දයාරතන නැම්ත්තාගේ පන්සලට යනදරුවන්ට ඔහු කුමක් කියා දෙන්නද …. දාපිය එලියට ඔහු ඔක ඇතුලෙමගින්ගහන ඔන්….ඇරපිය මේවා….( ලිවීමට නොහැකි වචන ) කියමින් බේබදු පාතාල මිනිමරුවකු විලසින් හැසුරුන ඔහුගෙන් කුමණ දහම් අධ්‍යාපනයක් තම පලාතේ දරුවන්ට දෙන්නද ?
අද පන්සල් වල ඇත්තේ බණ මඩු නොවේ ඇත්තේ දෙශපාලන මඩුය සිදුවන්නේම තම රටේ ජනතාවට වින කරන්න හදන කුමන්ත්‍රනය.
කොටසක් සල්ලි පිඩුසිගාවඩිති,තව කොටසක් පාර්ලිමෙන්තුයාමට දේශපාලනය කරති, තවත් කොටසක් නඩුකීමට නොපිනෙන දෙවියන් සොයා යති, තවත්කොටසක් උද්ගොෂණ පෙලපාලි යති.
අවසානයේ හැමදාම මේවා නොඉව සන ගිහියෝ පැවිද්දන් එලවා දමා ගිහියන්ම බණට ව්ඩිති. අහෝ අපේ රටේ නිර්මල බුදු දහම………
අද පන්සල් වල ඇත්තේ බණ මඩු නොවේ, ඇත්තේ දේශපාලන මඩුය සිදුවන්නේම තම රටේ ජනතාවට වින කරන්න හදන කුමන්ත්‍රනය.