රාජපක්ෂ හමුදා ජුන්ටාව ශ්‍රී ලංකා ජනතාවගේ මූලික මානව හිමිකම් කඩ කරනවා යැයි පිලිගනිමින් මානව හිමිකම් මහ කොමසාරිස් ගෙනා වාර්තාව වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. මේ වනවිට අවසන්ව ඇති ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුලින් ශ්‍රී ලංකා රාජපක්ෂ හමුදා rejemant රේජිමෙන්තුව ට වැඩි පරාජයක් කට ලක්වීමට සිදු විය.
මෙයින් සිදුව ඇත්තේ ලංකා මාතාවගේ පරාජයක් නොව, රාජපක්ෂ හමුදා ජුන්ටාව පරාජයවීමය, එහෙත් ලංකාවේ ජනතාව ගොනාට අන්දවමින් රාජපක්ෂලා නගරයක් ගමක්, ගානේ මෙම මානව හිමිකම් වාර්තාව කර තබා ගෙන ගොස් පලාත් සභා දිනීමට දැන් කටයුතු කලයුතු බව බැසිල් රාජපක්ෂ කියා ඇත. ඊට දැඩි වෙහෙසක් ගන්නා බව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ තුළින් අප වෙත වාර්තා වී ඇත.
මානව හිමිකම් ජීවත්වෙන මිනිසුන්ගේ පැවැත්ම උදෙසාය, මෙහිදී,සිංහල දෙමළ, මුස්ලිම් කිසිවෙකුට සාධාරණ යුක්තියක් ඉටු නොවන බවත්, එසේම ලංකාවේ අධිකරණ ව්‍යුහය කතාකිරීමේ ,ලිවීමේ, සහ භාෂණ අයිතිය මුළුමනින්ම අවහිර කරමින් හමුදා ජුන්ටාව ක්‍රියාත්මක වන බව අද ලෝකේ ප්‍රබුද්ධ රටවල් පිළිඅරගෙන හමාරය. මේ අතර ඉන්දියාව, ඉන්දුනිසියා, ජපානය, ලිබියා යන රාජ්‍යයන් සමඟ 14 ද ඡන්දය දීමෙන් වැලකි සිටියේය .
මෙම යෝජනාවට විරුද්ධව ඡන්දෙ දී ඇත්තේ බංගලදේශය , චීනය ,පකිස්ථාන, පිලිපීනය , උස්බෙකිස්තාන, වෙනිසුවෙලා republic යන රටවල් 11ක් මෙම මානව හිමිකම් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති නමුත් වැඩි ඡන්ද 22 දෙකක් ලබාගෙන මෙම මානව හිමිකම් යෝජනාව සභා සම්මත විය.
මෙම යෝජනාව සභා සම්මත වීමෙන් ලංකාවේ වෙසෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම ලෝකය පිළිගන්නා බවත්, අද රාජපක්ෂ මැදමුලනට කනේ පහරක් එල්ල වු බව දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත .මෙම මානව හිමිකම යෝජනා සභා සම්මත වීම සමස්ථ රට වැසියාටම හා ගහකොළට පවා ජීවය ලැබීමකි.
ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප වෙනත් ලිපියකින් ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.
