ඊළග පලාත් සභා මැතිවරණයේ වයඹ මහ ඇමති ලෙස චිචී බේබි පත්කිරීමට සූදානම් බව පසුගියදා විජේරාම අගමැති කාර්යාලයට ගිය බිත්තර සංගමයේ සභාපති ඇතුලු පිරිසට අගමැති තුමා දන්වනු ලැබීය.
මනාප අඩු වීමක් සිදුවේ යැයි සිතා ජොන්ස්ටන්ගෙ පුත් ජොහාන් මෙවර නාම යෝජනා නොදෙන බවද එහිදී බිත්තර සභාපති ඇතුලු පිරිසට දන්වන ලද අතර එම සංගමයෙන් මූල්‍යමය පරිත්‍යාගයන් සෑම මැතිවරණයකදී මෙන්ම මෙවර චිචීටද ලබා දෙන ලෙස අගමැති ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීම ඉටුකිරීමට තමා ඇතුලු පිරිස එකග බව බිත්තර සභාපති දැන්වුව සැණින් අගමැති ඔවුන්ට කැමති පරිදි බිත්තර මිල ඉහළ දැමීමට අවසරය ලබාදෙන ලදී.
රටකට ගිය කලක්! ලක්වැසියන් බහුතරයක් දුක්විදිමින් , ඉතා අමාරුවෙන් තම කුසට අහරක් සොයාගනිමින් අමාරුවෙන් ජීවත් වන අතර මස්, මාලු කෑමට මුදල් නොමැතිකමින් ඉදහිට හෝ බිත්තරයකින් තම දරුවන්ගේ සිත් (කුස) සැණසීමට සිටියත් දැන් බිත්තරයක මිල රු20ක් දක්වා වැඩි කිරීමට අගමැති අවසරය ලැබී ඇත. රෝහිත රාජපක්ෂ හෙවත් මහාචාර්ය චිචීගේ මහ ඇමති පදවි ප්‍රාප්තියෙන් වයඹ ජනතාවගේ කුස පිරී සියලු ප්‍රශ්න තුරන් වේ යයි අප සිතමු.
මේ අනුව ශ්‍රී ලාංකීය ජනතාවට තවත් රාජපක්ෂ ගොන් තඩියෙක් වූ නඩත්තු කිරීමේ වාසනාව උදාවන බව ඉතා සතුටින් මතක් කරන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස