රාජපක්ෂ ආණ්ඩුව කෝවිඩ් මළ සිරුරු භූමදානය නොකළ යුතු යැයි දැඩි තීරනයක සිටියේ මුළුමනින්ම මුස්ලිම්, ක්‍රිස්තියානි ප්‍රජාවට ජාතිවාදී ආකාරයෙන් පහර ගැසීමට බව අප අවස්ථා ගණනාවකදීම පෙන්වා දුනිමු.
ඊයේ රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සියලුම ජල මූලාශ්‍ර ඉවත් වූ නිසා ගැසට් පත්‍රයක් මගින් කොරෝනා මල සිරුරු භූමදානය ට අවසර දුන්නේ දැයි රටේ පරිපාලනය හා වෛද්‍ය විද්‍යාවද සමාජ මාධ්‍යවල විහිළුවට ලක්ව ඇත. මුස්ලිම්වරුන් සමග රාජපක්ෂ වරුන්ගේ ඇති දැඩි වෛරය හේතු කොටගෙනම මුස්ලිම් මළ සිරුරු භූමදානය භුමදානය කිරිමට ඉඩ ලබා නොදෙන බව පුන පුනා අපි රටට හෙළි කළෙමු .
මේ පිළිබඳව ලෝකය පුරාවටම හඬ නැගීමත් සමගම 46 වැනි මානව හිමිකම් සංවිධානය තුළින් ද මීට දැඩි විවේචනයක් එල්ල වීමත් සමගම ඊයේ රාත්‍රී වහාම නිකුත් කරන ලද අංක 2216 / 38 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම මළ සිරුරු අද පටන් භූමදාන සඳහා ඉඩ දෙන බවත් මේ වන විට ශ්‍රී ලංකා පුරා රෝහල් වල ගොඩගැසී ඇති මළ සිරු 247 භූමදානය කිරීමට තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.