උණුසුම් පුවත්

විරුවාගේ කෙරුවාවෙන් ශ්‍රී ලංකා පොලීසිය අසූචි වලක් වෙලා.

Spread the love

නන්දසේන ජරාපක්ෂ ශ්‍රී ලංකාවේ බලයට පත්වීමෙන් පසුව ජනතාව කල්පනා කෙරුවේ  අප්පට සිරි සයිස් එකෙන් කිරි කා පැණියෙන් අත් සෝදාගන්නට පුළුවන් තරමේ සමෘද්ධියක් රට පුරා ඇතිවෙන බවය.වචන දෙකක් නැති විනයක් රට තුල ඇතිවෙන බවය.සියල්ලන්ටම සාධාරණ නීතියක් රට තුල ඇතිවෙන බවය.
නන්දසේන ජනපති පදවියේ දිවුරුම් දුන් දවසේ ජනතාව මහ පාරේ කිරිබත් කැවුම් කා රබන් ගසා සතුටු වූයේ ඒ නිසාය.ඒත් අද ජනතාවට හැම පැත්තෙන්ම කෙලවෙලාය.නිල් බාල්දියේ වැටුන නරියාගේ කතාව නන්දසේන ජනපතිවරයාගේ  කෙරුවාවට ආදේශ කරගත්තාට කමක් නැත.ජනතාවට කන්න නැත.රට තුල නීතියක් නැත.විනයක් නැත.ජනතාව ජීවත්වන්නේ තක්බීරි වෙලාය.හරි වැඩේනේ  ලංකාවට වුනේ කියා හිතන්නට පුළුවන.
නන්දසේන ජනපතිවරයා හිතන්නේ පතන්නේ මං තරම් වැඩ්ඩෙක් මේ පෘතුවියේ නැති ගාණටය.මේ මනුස්සයා ගේ විගඩම් ජනතාව උහුලාගෙන සිටිනවා කියන එකත් හරි පුදුමය.හොඳ කලටි සයිස් මරුමුස් ⁣කිව්ව නාහන සයිස් එකේ හැම දේකටම ඔට්ටුුු දැන උගත් විපක්ෂ ලීඩර්  කෙනෙකුගේ  ඇබෑර්තුවක් ශ්‍රී ලංකාවේ තිබේ .ඒ ලීඩර් වෙන වෙන ඩීල් ඇති තියෙන අයෙක් නොවෙනවා සේම ⁣ශ්‍රී ලංකාවට හැබෑවටම ආදරය කරන මනුස්සයෙක්ද විය යුතුමය .මෙන්න මේ ඇබෑර්තුව ඒ කොන්දේසි වලට යටත්ව පිරවෙන දවසක් එනතුරුම මේ නන්දසේන ජනපතිිි හා ජරාපක්ෂ  නඩය ශ්‍රී ලංකාවේ පිස්සු කෙලින එක නම් ෂුවර්.සහතිකය.ආයේ  ඒ ගැන කතා දෙකක් නැත.එහෙම නැතිනම් නන්දසේන ජනපති බායි කියන දවසට විට ජරාපක්ෂ පවුලේ තව එකෙක්  ලංකාව සූප්පු කරන්නට බලයට පත්වෙන එක සිකුරුය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ නීතිය බල්ලා මාක් එකට වැටී හමාරය.නීතිය රකින්නට පිහිටුවා ඇති පොලීසිය ගඳ ගහන අසූචි වලක් ගාණ වැටී තිබේ.⁣1866 හයේ සැප්තැම්බර් මාසයේ තුන්වෙනිදා ධර්මය අනුව හැසිරෙන්නා ධර්මය මගින්ම ආරක්ෂා කරයි. යන තේමාවෙන්  ⁣වැඩ ඇල්ලූ පොලීසිය මේ තරම් බල්ලා මාක් ගානට වැටුන ආණ්ඩු කාලයක් ඉතිහාසයේවත් තිබී නැතිිය.ඉඳහිට නරක රාළහාමිලා දෙතුන් දෙනෙක් ගැන ඕඅයිසී මහත්තයෙක් ගැන වාර්තා වුවද පොලීස් සේවාවේ මහත්මා ගුණය බිඳ මෙච්චරටම පල්ලෙහාට වැටුනේද නැත.
අද වන විට පොලිස් සේවය ජරාපක්ෂ නඩය  මලපහ කරන කක්කුස්සි හෝදන ඔඩොක්කු කුක්කන් ගෙන් පිරිලාය.නීතිය අකුරට ඉෂ්ට කරමින් පුරවැසියන්ට සාධාරණය ඉටු කරමින් මෙතෙක් කාලයක් රාජකාරි කළ රාළහාමිලා SI  ලා, IP ලා ASP ලා ,SP ලා, SSPලා ,DIG ලා පොලිස් සේවාවට සිද්ධ වෙමින් පවතින මේ විපත්තිය ගැන ඉන්නේ බොහොම දුක් වේදනාවෙනි.
⁣ජරාජපක්ෂ ඔඩොක්කු කුක්කන් වූ පොලිස් නඩයට නම් මාරම ආතල්ය.
කුලසිරි කුමාර කල්දේරා එදිරිව සීදුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ සහ තවත් අය යන නඩුවේ දී S.C.F.R 343/99එදිස්සූරිය විනිශ්චය කාර තුමා මේ විදියට සටහනක් තබා තිබේ…….”මේ රටේ සාමාන්‍ය වැසියන් ආරක්ෂා කළ යුතු පොලීසිය නීතිය කඩන්නන් බවට පත්වන්නේනම් එය විලාප නැගියයුතු කරුණක් වන්නේය.එහිදී අපට අසන්නට ඇත්තේ මේ මුරපල්ලන් මුර කරන්නේ කවුරුන්ද කියාය….” .
මේ සටහන  අද දවසට නම්  කිරි ගහට ඇන්නා වගේම ගැලපෙන්නේය.
පසුගියදා නන්දසේන ජනපතිවරයා පත් කළ දේශපාලන පලි ගැනීම් කොමිෂමේ පිස්සු පූසා පොලීසියේ කීර්ති නාමය කෙලසූ ඩීඅයිජී ලලිත් ජයසිංහට  යලි යුනිෆෝම් අන්දන ලෙසටත් ඩීඅයිජී කුඩු බන්දුට වැටුප් වර්ධක⁣ දෙන්නටත් කර ඇති නිර්දේශයන්ට ගැලපෙන ආකාරයට සකස් කළ කැබිනට් පත්‍රිකාවක් මේ වන විට ඇමති මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.ඩීඅයිජී කුඩු බන්දු  යහපාලන ආණ්ඩුව කාලයේ ඊට  පෙර පැවති ජරාපක්ෂ රජයෙන් කෙනෙහෙලිකම් වූ බවට පැමිණිලිිි කළ අයෙකි.දේශපාලන පලිගැනීම් කොමිසමේ පිස්සු පූසා විසින් නන්දසේන ජනපතිවරයාට ලබා දී ඇති වාර්තාවේ සඳහන් කොට ඇති දේශපාලන පලිගැනීම් වූවා යැයි  සදහන් පොලිස් නිළධාරීන් රොත්ත විනය හේතූන් හා ආයතන සංග්‍රහය මත ස්ථාන මාරුවීම් ලැබූ අය වේ .පිස්සු පූසාගේ  කොමිෂමෙන් චාන්ස් එක වැදුන මදාවිකාර පොලිස් නඩය අසූ දෙකකිිි .විදුලි බිල්නොගෙවා වංචා කිරීමේ සිද්ධියකට අල්ලස් කොමිෂම මගින් නඩු පවරා වැඩ තහනම් කර සිටින ඒඇස්පී වරයකු නැවත පොලිස් සේවයේ පිහිටුවා හිඟ වැටුප් ගෙවන ලෙසටද පිස්සු පූසා කොමිෂ⁣මේ නිර්දේශයට අනුව ඉදිරිපත් කෙරෙන අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන්ය
මේ අතර ගල්කිස්ස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ වැඩ බලන ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයා ලෙස දේශපාලඥයන්ට ගෑණු සැපයීමට ප්‍රසිද්ධ අයෙකු පත්කර තිබේ.අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී වරයා ගණිකාවන් සමග හුරතල් වන වටපිටාවේ සිල්ලර පාදඩයන් සමග කන බොන බේබද්දෙකි.
මොනරාගල ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම ප්‍රදේශයේ ඒඑස්පී ලෙස සේවය කරන අවදියේ ගංජා බිස්නස් හා ගණිකා නිවාස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.කුඩු ඩී අයිජී බන්දු පාතාල ගණුදෙනු කරමින් කෝටි ගනන් උපයමින් සිටී ඔහුගේ අළුත් සෙල්ලම මුදල් විශුද්දි කරණ පනත යටතේ පාතාලයන් අත් අඩංගුවට ගෙන කෝටි ගනනක් ඔවුන්ගෙන් ලබා ගෙන නඩු නොදමා මුදා හැරීමය   
අද වන විට ජරාපක්ෂ ඔඩොක්කු කුක්කන් වූ මේ පොලිස් මදාවිකාර නඩයට නම්කල්ල මරේය.පොලීසිය මේ විදියට ගඳ ගහන  අසූචි වලක් වෙද්දී පොලිසි ඇමති පුරසාරම් පුරජේරු කයිවාරු දොඩමින් සිටීම කණගාටු දායකය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like