උණුසුම් පුවත්

ලෝගුවෙන් වසා ගත් පාස්කු ප්‍රහාරය අවසානයේ අල්තාරය ට භාරකොට පැනගිය බල්ලන් සෙවීමට බූරුවන් හය දෙනකු පත් කර ගත් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ

Spread the love

ලෝගුවෙන් වැසූ පාස්කු ප්‍රහාරය   අල්තාරය ට භාර කරමින් අති උතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන් කියා සිටියේ එම ප්‍රහාරකයින් සියලු දෙනාට ම උන්වහන්සේ සමාව දෙන බව ය. 2019 අප්‍රේල් 21 වන දින මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට දැන් ස්ථිර වශයෙන්ම තිත තැබීමට තවත් ඇත්තේ ස්වල්ප දිනයකි. ඒ ගෝඨාභය රාජපක්ෂ විසින් ඉතාමත්ම බුද්ධිමත් සහ තීක්ෂණ විමර්ශකයන් හය දෙනකු පත් කරමින් සමයන්  කොමිසමක් නැවතත් පත් කිරීමයි.

 මෙය බල්ලෙක් සෙවීමට බූරුවන් 6  දෙනෙකු යෙදවීමට සමාන යැයි කිවහොත් එය නිවැරදිය. පාස්කු ප්‍රහාරයෙන් 350 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල පිරිසක් මේ වන තෙක් ජීවිතයත් මරණයත් සටනක් ගෙනියන බව එදා සිටම අදත්, හෙටත්, අපි නො නවතා කියන්නේ ඒ නිසාය. එහි ඇඟිල්ල දික් වෙන කිසිවකුට නොව ” සහරාන්ලා ” ව මෙහෙය වූ සහරාන්ලා ව පුහුණු කරපු බෝම්බ පිළිබඳව විශේෂයෙන් ෂැංගිලා හෝටලයේ  ආරක්ෂක අධ්‍යක්ෂවරුන් ලෙස පත් කරගත් පුද්ගලයින් ගේ අනුදැනුම ඇතිව ගෝඨාභය රාජපක්ෂ ගේ හා බැසිල් ගේ මෙහෙයවීමෙන් පුපුරා ගිය බව එදා සිට අදත් ,හෙටත් ,ඉදිරියටත් අපි නොබියව කියන්නෙමු.

ඒත් අවාසනාව නම් මෙම දේවමෙහෙයන් වලට පැමිණි අහිංසක ජනතාවට  දෙවියන්ගේ පිහිට වත් නොමැති වීම දෛවයේ තවත් එක් අවාසනාවන්ත තැනකට පත් කර ඇති බව අද කිව යුතුමය. මෙම පාස්කු  ප්‍රහාරය වූ දා සිට අද තෙක් ම අප දිගින් දිගටම මේ පිළිබඳව කියා සිටියේ මියගිය ,  ජීවත්වන්නන්ගේ අයිතියත් සහ නැවත කිසි දවසක මෙවැනි මිලේච්ඡ ප්‍රහාරයක්  කිරීමට කිසිවකුටත් ඉඩ නොතැබීමට ය .

ඒත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ලෝගුවෙන් සියල්ලම වැසී ගියා දොයි   බලවත් සැකයක් අප හට අද ඇතිව තිබේ .ඒ රාජපක්ෂ පවුලට එරෙහිව කෙල බිඳක් හෙලීමට නොහිතන කාදිනල්  හිමිපාණන්  සිදුවූ අපරාධය ජාත්‍යන්තර පොලිසියේ ආධාර ඇතිව හෝ විමර්ශනයක් නොකොට ඒ සියල්ලම දෙවියන් වහන්සේට භාර කරනවා නම් එයින් හැඟී යන්නේ කාදිනල් උන්වහන්සේගේ අවශ්‍යතාවයත් මිනීමරු රාජපක්ෂලා ව රැක ගැනීම බව අද ඉතා පැහැදිලිය.

සමයන් කොමිසන් දමමින් රාජපක්ෂලා ගසන බෙර පදයට කාදිනල් උන්වහන්සේ අද නටමින් මිය ගිය පුද්ගලයින් වළදමා අවසානයි, ජීවත්ව සිටින පුද්ගලයින් සියල්ලම ලෝගුවෙන් වසා ගන්නවා යැයි උන්වහන්සේ සිතනවා නම් එය මියගිය සහ ජීවත්වන සියල්ලටම සිදු කරනු ලබන මහත් අපහාසයකි. එදා පැවැති රජයට ඇඟිල්ල දික් කළ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෛත්‍රිපාල ජනාධිපති වරයා වහාම පත්කළ ජනාධිපති කොමිෂන් සභාව රාජපක්ෂලාට ඕන ආකාරයට  නටන නැටුම් පොළක් විය .

ඒ සියල්ල නිමා කරමින්   ප්‍රහාරයේ බල්ලන් සෙවීමට පත් කර ඇත්තේ තවත් බූරුවන් 06  දෙනෙකි, මෙම බූරුවන් ගැන  කියා වටිනා කාලයක් සහ නාස්ති නොකළ යුතු යැයි මෙම ලියුම්කරුගේ අදහසයි.  අද ඔබ වහන්සේ කිසිදු හිරිකිතයක් නොමැතිව එය භාර කරන්නේ ජේසුස් වහන්සේගේ අල්තාරයට නම්   ඔබ වහන්සේ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය මෙයද,……. ? ඔබ වහන්සේ කෙරෙහි  ජනතාවට තැබූ අපරිමිත ආදරය , ගෞරවය , සහ භක්තිය තවත් නම් ජනතාවගේ හදවතේ තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථයකි …..?

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්  හිමිපානෙණි…….. ඔබ වහන්සේගේ ලෝගුවෙන් රාජපක්ෂලාට එල්ල වූ ප්‍රහාරයන් වළකා ගත්තත් ,අද ඔබ වහන්සේ සියල්ල බාර කරන්නේ නිහඬ අල්තාර යකට නම් ඔබ වහන්සේ ගැන තවත් කුමන කතා ද………..?

ශ්‍රී ලංකීය සෑම ආගමිකයෙකු ගේම මහත්  ගෞරවාදරයට   පාත්‍ර වූ ඔබ වහන්සේ මෙතෙක් පැළඳ සිටි ලොකුව ක්‍රමානුකූලව රාජපක්ෂලා අද ගලවා බිමට දැමුවාදැයි ඉතා කණගාටුවෙන් කිවයුතුය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like