උණුසුම් පුවත්

ජනපති නන්දසේනගේ කාලි අම්මා මිනීමරයි.

Spread the love

සතර පෝයට බණ අහන සිල්වත් පට්ට බෞද්ධ සිල්වත් උපාසකයන් ලෙස  රටම අන්දන රාජපක්ෂ පවුලේ  සයල්ලන්ම මිථ්‍යා විශ්වාසයන් තුල ඇලී ගැලී ජීවත් වන්නෝය.රාජපක්ෂ පවුලේ සැම අදහන්නේත් විශ්වාසකරන්නේත් කට්ටඩියන් හා ඔවුන් ගේ ගුරුකම් පමණය.බලය තහවුරුව පවත්වා ගැනීම සඳහා ඕනෑම මිලක් ගෙවීමට ඔවුන් සූදානමිනි.කාලයෙන් කාලයට විවිධ කට්ටිඩි ⁣ හා ගුරුකම් කාරයන් සම්බන්ද කරගනිමින් ඔවුන් දෙන ගුරුකම් අකුරට පිළිපදිමින්  කන බොන මලපහකරන රාජපක්ෂ පවුලේ ඇත්තන්ගේ මේ කෙරුවාව ගැන දන්නේ ඔවුන් හා සමීපතයන්ම පමනි.තමන් හා සමීපයේ සිටිිිිය යුතු  හා සමීපයට නොගතයුතු පිරිස පිළිබඳවද රාජපක්ෂ පවුල උපදෙස් සොයන්නේ මේ කට්ටඩි ගුරුකම්කාරයන්ගෙනි.

රාජපක්ෂ පවුලේ එම ගුරුකම් කට්ටඩි වැඩ සඳහා මේ වනවිට ඔවුන් සම්බන්ධ වී ඇත්තේ අනුරාදපුරයේ ඥානා නම් තැනැත්තියකි.ඇය වර්තමානයේ රාජපක්ෂ පවුලේ ඉෂ්ට දේවතාවියයි.කොටින්ම ⁣කියතොත් ජනපති නන්දසේනත් අගමැති පර්සි මහෙන්ද්‍රත් අද රට පාලනය කරන්නේ මේ කට්ටඬි ඥානාගේ  දේව උපදෙස් මත ලබා දෙන නැකතටය.ක්‍රීඩා ඇමති නාමල් අමාත්‍යංශයේ මීටින් කැඳවන්නේ කට්ටඩි ඥානා ගේ නැකතටය. අගමැති පර්සිිි මහේන්ද්‍රගේ නෝනා හාමු නාන්නේ ඥානා ගේ කට්ටඩි නැකතටය.මේවා අමූලික අසත්‍ය කාරණා යැයි ඇතැමුන් විශ්වාස කරන්නට ඉඩ තිබේ .එහෙත් රාජපක්ෂ වරුන්  ගුප්ත කට්ටඩි වැඩ පිළිබඳව දක්වන විශ්වාසය හා ඔවුන් ඒ කෙරෙහි පවතින නැඹුරුව ගැන දන්නා අය නම් මේ තොරතුරු අසත්‍ය නොවන බවට තහවුරු කරනු ඇත්තේය.
අනුරාධපුරයේ ගුවන්තොටුපොළ පාරේ පදිංචි ඥානා අනුරාදපුර රෝහලේ  කම්කරු ශ්‍රේණයේ සේවිකාවක ලෙස සේවයේ නිරතව සිටියාය .ඒ අතරතුර ඇය මහා බද්‍රකාලී ආවේශයෙන් සාස්තර කියන දේවාලයක්දද නිවසේ පවත්වාගෙන ගියාය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණයට තරග කළ අවස්තාවේ ඔහු ජනපතිවරණයෙන් දිනවීමට ඥානා කට්ටඩි දේව මෑණියන් යාග හෝම කළ බව කියවේ ඇය මගින් එම ගුරුකම් වැඩ සිදු කරගත්තේ අනුරාදපුුුුර   ගුවන් තොටුපල පාරේ පදිංචි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාය.දුම්න්ද ඥානා කට්ටඩි මෑණියන්ගේ අසල්වාසියකු විය.ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඥාණා ⁣කට්ටඩි මෑණියන් ගේ කට්ටඬි අනාවැකි කීම පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ අවධානයට යොමු වූ බව පැවසේ මෛත්‍රීපාල සිරිසේන ජනපති පදිවි ප්‍රාප්තියේ නැකත පවා සකසා දුන්නේ මේ කට්ටඩි ඥාණාය.තමන්  ජයග්‍රහණය කරන බවට කට්ටඬි ඥානා පැවසූ අනාවැකිය වෙනුවෙන් මෛත්‍රීපාල ජනපති පදිවියට පත්වීමෙන් පසුව ඥානා අනුරාදපුර රෝහලේ දුරකතන ක්‍රියාකරවන්නියක ලෙසට පත් කරන ලදී
අද වන විට ජනපති නන්දසේනගේ ගැලවුම් කාරිය වී ඇත්තේ මේ කට්ටඬි ඥානාය.ජනපතිිි නන්දසේනගේ විධායක බලයේ රාජකාරිය වත්මන රට  පුරා පැතිරෙන්නේ මෙම කට්ටඩි ඥානා ගේ දේවාලය හරහාය.හමුදාවේ ජනරාල්වරු පත්කෙරෙන්නේත් අධිකරණය තුල විනිසුරු විනිසුරුවරියන් ඉහල පහල යන්නේත් ඇමතිවරුන්⁣ට බලය හිමි වන්නේත් ඔවුන්ගේ බලය කප්පාදු වන්නේත්   කට්ටඬි ඥානා ගේ රෙකමදාරුව මතය .දේව උපදෙස් හරහාය.
මේ වනවිට කට්ටඬි ඥාානා අනුරාදපු⁣රයේ බලවන්තියක් වී සිටී .ඇය විසින් ඉඳිකරමින්  පවතින  සුඛෝපභෝගී සංචාරක නිකේතනයක් ගොඩනගමින් සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාව මගිනි. 
පසුගියදා අනුරාධපුරයේ දහයියාගම හන්දියේ වෙඩි තැබීමෙන් මියගිය පාතාල ක්‍රියාකාරිකයකු වූ එස්එෆ් ලොක්කා ගේ මරා දමන ලද්දේ මේ කට්ටඬි ඥානා විසන්ම මෙහෙයවන ලද හමුදා කණ්ඩායමක් මගින් බව  ලංකා දවසට තොරුතුරු ලැබී ඇත.කට්ටඩි ඥානා හා එස් එෆ් ලොක්කා අතර අනියම් සම්බන්ධයක් පැවැති බවත් පසුකලකදී දෙදෙනා විරසක වූ බවත් අනුරාධපුර ප්‍රදේශවාසීහු පවසති.එය මුදල් ගනුදෙනුවක අවසන් ප්‍රතිඵළය බවද වැඩිදුරටත් කියවේ එහෙත් එස්එෆ් ලොක්කාගේ පාතාල මැර ක්‍රයාවන්⁣ ගැන දන්නා හෙයින් ඔහු ගැන කට්ටඬි ඥානා   බියෙන් සිටි  බවද පැවසේ.මේ සිදුවීම සම්බන්ධයෙන් කට්ටඬි ඥානා හමුදා ප්‍රබලයකු දැනුවත් කර ඇති බවත් එම හමදා ප්‍රබලයා ජනපති නන්දසේන ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව එස්එෆ් ලොක්කාගේ ඉරණම මේ ආකාරයෙන්   සිදුකළ යුතු බවට තීරණය කර තිබේ.එහි ඇති හාස්‍ය ජනක බව නම් එස්එෆ් ලොක්කා මරා දැමීමට හමුදා කණ්ඩායම පිටවන්නේද කට්ටඬි ඥානාගේ නැකතට වීමය.
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත මරා දමන ලද්දේ යුරෝපීය රටවල හරකුන් මරන අනින උලකින් සමන්විත ආයුදයකිනි.පොලීසිය පවා නොමග යවන ආකාරයට වෙඩි තැබීමකින් ලසන්ත මරා දැමුන බව මාධ්‍ය වාර්තා කලද ඔහු මරා දැමීමට උපයෝගි කර ගෙන ඇත්තේ ඉහත සඳහන් ආයුදය සියල්ලන්  දැනගත්තේ  පසුකාලයකදීය. එලෙසම කාරයකින් යමින් සිටි එස්එෆ්  ලොක්කා මරා දැමීමෙන් පසු ඔහු පැදවූ රථය ගිනිි ගැනීම පුදුම සහගතය.එස්එෆ් ලොක්කා මරා දැමීමට පැමිණි යතුරු පැදියේ හිමිකරු පොලීසිය මගින් සොයාගැනින.එහි හිමිකරු වී ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයෙකි.පොලීසිය ඔහුගෙන් ලබාගෙන ඇති කට උත්තරයේ සදහන් වී ඇත්තේ  තම යතුරු පැදියේ කාර්මික දොසක් සකස් කර ගැනීම සදහා ගරාජයකට දුන් බවත් එහිදී එම යතුරුපැදිය සොරකම් කර ඇති බවය.එහිදී සිය  යතුරු පැදිය   සොරකම් කිරීම ගැන පොලීසියේ පැමිණිල්ලක් කෙරුවේදැයි ඔහුගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇත.ඔහු එම ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ වැඩක් නැති නිසා යතුරුපැදිය හොරකම් කිරීම ගැන පැමිණිල්ලක් නොකළ බවය.
එම කට උත්තරයෙන් පසුව එස්එෆ් ලොක්කා මරාදැමීමේ පොලිස් පරීක්ෂණ අවසන්ය.එය එසේ අවසන් කිරීම ගැන ප්‍රශ්න කරන්නට කිසිවෙකුත් නැත.ඒ මන්ද යත් මරා දමා ඇත්තේ පාතාල ක්‍රියාකාරිකයකු නිසාය.එය එසේ වන්නා සේම කාලි අම්මාගේ ආශීර්වාදයෙන් කට්ටඬි ඥානා තවමත් යහතින්යයැයි හැමෝම සිතනු ඇත.
ජනපති නන්දසේන කල්ලිය ⁣කට්ටඬි ඥානාට ගෙවා ඇති බිලි පූජා සංතෝසම ගැන දන්නා අයවළුන් පවා නොදන්නා ලෙස නිහඬව සි⁣ටිනු ඇත්තේය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like