මේ වන විට සූරියවැව වම්ඉවුර සියලුම ගොවි සමිති ඒකාබද්ධ ව මාරාන්තික උපවාසයකට අවතීර්ණ වී ඇත. ඔවුන් එසේ සිදු කරන්නේ කිසිදු පටු අරමුණක් මුල් කරගෙන නොවන බවත් අලි මිනිස් ගැටුමට යම් ප්‍රමාණයකට හෝ විසඳුමක් ලෙස ඔවුන් ඉල්ලා සිටින්නේ වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙසයි.
ඒ සඳහා විදුලි වැටක් සකස් කර දෙන ලෙසත් ගොවියන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටි නමුත් කිසිදු පියවරක් නොගැනීම නිසා අද වන විට මාරාන්තික උපවාසයකට ගොවියන් පෙළඹී ඇත.එම ගොවියන්ගේ ඉල්ලීම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කළ අතරම ඒ සඳහා පුද්ගලිකව මැදිහත්ව ගොවියන්ට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.
ඒ පිළිබඳව වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැක
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස