උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පසුව තම මල්ලිව ජනාධිපති කරපු බැසිල් ගේ මීළඟ ඉලක්කය පළාත් සභාවත් මුස්ලිම් මළමිනි උඩින් ගොස් දිනන්නයි.

Spread the love

මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට අයත් පොලිස් මෘත ශරීරාගාරයේ සියලුම ශීතකරණ පිරී ඉතිරී ගොස් ඇති බව අප වෙත වාර්තා වේ.  කොරෝනා රෝගයෙන්  මිය ගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු මේ වනවිට ආදාහනය නොකර එසේම භූමදානය ද නොකර ශීතකරණ වල තැන්පත් කිරීමට බැසිල් රාජපක්ෂ  නියෝග කර තිබේ.  බැසිල් රාජපක්ෂ  කියා ඇත්තේ මුස්ලිම් මරණ ආදාහන කිරීමෙන් ඉදිරි පලාත් සභා ඡන්දයේදි රජයට අවාසි විය හැකි බවයි.  තමන් වෙත සිටින මුස්ලිම් ප්‍රජාව පවා තමන්ගෙන් ගිලිහී යාමට ඉඩ ඇති බව බැසිල් රාජපක්ෂ පෙන්වාදී ඇත. පෙරේදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතාමත්ම සීමිත වූ නිලධාරීන් කීප දෙනෙක් සමග පවිත්‍ර වන්නිආරච්චි,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන සමග පැවති සාකච්ඡාවේ දී දැනුම් දී ඇත්තේ මුස්ලිම් මෘත ශරීර මොනම හේතුවකටවත් පළාත් සභා ඡන්දය ආරම්භ කිරීමට පෙර ආදාහනය නොකරන ලෙසයි. ඒ නිසා ශරීර බෑග්වල දමා මේ විට   කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය ආසන්නය ඇති කොරිඩෝවේ පවා මෘත ශරීර තබා ඇත. මේ පිළිබඳව  කොළඹ රෝහල් අධ්‍යක්ෂකවරයා පවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව  දැනුම් දී ඇත්තේ  දැඩි ව්‍යසනයක් ඇතිවීමට  ඉඩ ඇති බවයි. මේ වන විට දින 15-20  ඉක්මවා ගිය මෘත ශරීර මෙසේ තිබීම අනෙකුත් රෝගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ දැඩි  ජීවිත අවධානමක් ගෙන දිය හැකි ගැටළුවක් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා ඇත. අප වෙත අදහස් දැක්වූ එක් වෛද්‍යවරයෙක් කියා සිටියේ මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ මීට පෙර කිසි දවසක තමා දැක නොමැති බවත් මෘතශරීර පිළිබඳව වහාම තීන්දුවක් නොගන්නේ නම් ඉදිරියේ දී රජය වෛද්‍ය නිලධාරීන් ක්‍රියාමාර්ගයකට යා යුතු බව ඔහු  අප වෙත අවධාරණය කරන ලදී .මෙය හුදෙක් බැසිල් රාජපක්ෂ මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද ඩැහැගැ නීමේ එක් උපායක් බව අපි ඉතා හොදින් දනිමු.  පාස්කු ප්‍රහාරයෙන් පසුව තම මල්ලිව ජනාධිපති කරපු බැසිල් රාජපක්ෂගේ මීළඟ ඉලක්කය පළාත් සභාවත් මුස්ලිම් මළමිනි උඩින් ඡන්දය දිනීමය. මැතිවරණයෙන් පසුව නැවතත් පෙර පරිදි ම ආදාන ක්‍රියාවලිය ඇරඹීමයි. එනිසා  මුස්ලිම් ජනතාව  මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතු බව අප වෙත අදහස් දැක්වූ වෛද්‍යවරයා කියා සිටී.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like