නමුණුකුල වනාහි නිතරම මීදුම් සළුවලින් වැසී යන කඳු ගැට පෙළකි. මේ සීත කඳු පෙළ පාමුල නමුණුකුල තරම් බරක් හිස මත තබා ගත් පවුලක් විසීය. එම පවුල නමින් බණ්ඩාර පවුල නම් විය. කිරි හරක් දෙදෙනාගෙන් දොවාගත් කිරිත්, කුඩා ඉඩම් කැබැල්ලේ තිබෙන පලා වර්ගත්, පාර අද්දර තබා විකිණීමෙන් ඔවුන් යාන්තම් එදිනෙදා වියදම් පිරිමසා ගත්තේය. පුතුනුවන් හා දියණිය පාසල් යවා ඇතිදැඩි කිරීමට ඔවුන් මහත් වෙහෙසක් ගත්තේය. යන්තම් සෙවිලි කරගත් කුඩා තාවකාලික නිවසත් , කුස්සිය නමින් වූ එළිමහන් මඩුවත්, ඔවුන්ගේ නිවහන විය. වැසි සමයේ කීරි ගැසෙන සීතල දෙමහල්ලන් හා දරුවන් පීඩාවට නිරන්තරයෙන් පත් කළේය. ඕනෑම මිනිසෙකුගේ සිහිනයක් වන්නේ තමන්ට කියා නිවසක් තනා ගැනීමය බණ්ඩාරට වසර 55 ඉක්මවුවත්, ඒ සිහිනේ ලඟාකර ගැනීම හෝ ළඟා කරගත හැකි මාර්ගයක් ගැන සිතීමද සිහිනයක්ම වී තිබිණි.
එවන් මොහොතක ඔවුන් සොයා සොඳුරු මිනිසුන් පැමිණියේය. මේ මාතෘ භූමියේ ඉපිද දැනට විදෙස්ගතව රැකියාවල නියුතු පිරිස් අතර වූ ඕස්ට්‍රේලියාවේ වෙසෙන වෛද්‍යවරයෙකු වන කීර්ති කුලසේකර නම්වූ මානව හිතවාදියා ඇතුළු පිරිසත්, කවදත් දුක් විඳින මිනිසුන් වෙනුවෙන්ම කැප වෙන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න සහෝදරයා ප්‍රමුඛ ඔවුන්ගේ පිරිසත්, බණ්ඩාර පවුලේ සිහිනය සැබෑ කරන්නට එකඟ විය. ඔවුන් යුහුසුළුව කටයුතු කළේය. සැබෑ සහෝදරත්වයෙන් හා මානව ප්‍රේමයෙන් වෙලුනු සොඳුරු මිනිසුන්, තමන් ඉපයූ රුපියල් සත හා තම ශ්‍රමය දහදිය නිවස ඉදිකිරීම සඳහා මුසු කරන්නට විය. අවුරුද්දක කාලයක් ගෙවීමට ආසන්න මොහොත වන විට නමුණුකුල පාමුළ ඉතා මනරම් අයුරින් සොඳුරු කැදැල්ල නිමා කිරීමට ඔවුන් සමත් විය.
2020 දෙසැම්බර් 20 වන ඊයේ දින, එම සියලු මිනිසුන්ට ද බණ්ඩාර පවුලේ ඥාතීන්ට ද අසල්වාසීන්ට ද ප්‍රීතිමත් දිනයක් විය. මුදල් පසුපසම හඹා යන සමාජයක, ඉඩකඩම් දේපළ ම රැස් කරගනිමින් තනි තනිව වැජඹීමට කැමති මිනිසුන් ද සිටින සමාජයක, ආත්මාර්ථකාමී හා කුහක බවින් කුරුවල් වෙමින් පවතින දේශයක, පොදු හැඟීමෙන් පරාර්ථකාමීව කැපවීමෙන් සහෝදරත්වයෙන් මානව දයාවෙන්, යුක්තව කටයුතු කළ ඒ සොඳුරු මිනිසුන් බණ්ඩාර පවුලට තම දෑතින් නිර්මාණය කළ එම නිවස භාර දෙනු ලැබීය.
මෙම මොහොතට අන්තර්ජාලය ඔස්සේ කීර්ති කුලසේකර මහතා තම සතුට හා සුබ පැතුම් එක් කළේය. මෙම මොහොතට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න හා මොණරාගල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී එච්. එම්. ජයවර්ධන සහෝදරයන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරු ගණනාවක් ද සහභාගි විය.
පැමිණි බොහෝ පිරිසක් බණ්ඩාර පවුලට තෑගි බෝග රැගෙන ආවෝය. බණ්ඩාර පවුල විසින් පැමිණි පිරිසට සතුට බෙදා හදා ගනිමින් කැවිලි පෙවිලිවලින් සංග්‍රහ කළේය. තුමුල නමුණුකුල පාමුළ සොඳුරු සිනා බෝ විය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස