උණුසුම් පුවත්

නාමල් ගේ මන්ද මානසික කෙරුවාව හෙළිවේ

Spread the love

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අමාත්‍ය ටිරාන් අලස්ට අයත් මවුබිම පුවත්පතෙහි පලවූ ප්‍රවෘත්තියකින් තමන්ට අපහාසයක් වූයේ යැයි ප්‍රකාශ කරමින් තංගල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුගියදා ඉරිදා මවුබිම පුවත් පතෙහි පල වූ එම ප්‍රවෘත්තිය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියෙන් පදක්කමක් දිනා ගත් නෙත්මි අහිංසා දැරිය නොමග යවමින් නාමල් රාජපක්ෂ  මන්ත්‍රීවරයා විසින් සිදු කළ තක්කඩි වංචනික ක්‍රියාවක් ගැන තොරතුරකි.එම ප්‍රවෘත්ති වාර්තාව මෙසේය.

” ශ්‍රී ලංකාව දොම්නසින් සිටි වකවානුවක රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිවුල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබුණි.උත්සවය  පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ පදනම් ආයතනයේය.උත්සවයට පැමිණීමට නෙත්මිට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත.ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්  වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය.නෙත්මි අහිංසා ඇයගේ පුහුණුකරු සමග කොළඹ එමින් සිටියාය.ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මගහරවා නෙත්මිව නාමල් රාජපක්ෂ හමුවට ගෙන යාම සඳහා සිදු වෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමතිගේ නිවසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටි නිවසට ගෙන ගියේය.ක්‍රීඩා ඇමති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත් පුහුණුකරුත් විමතියට පත්විය.එහෙත් ඔවුන්ට කළ හැක්කක්  නොවීය.නාමල්ගේ ආරක්ෂකයෝ ඔවුන්ගේ දුරකතන ක්‍රියා විරහිත කරන්නට උපදෙස් දුන් බැවින් ඔවුන් වඩාත් අසරණ විය.
දුරකතන නිහඬ වූ බැවින් පදනම් ආයතනයේ උත්සව සංවිධයකයෝ කලබල වූහ.නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි නාමල් හමු වූ පුවත සමාජ මාධ්‍යයට ලබා දෙමින් ප්‍රචාරක වාසිය අත්කර ගෙන තිබුණි.පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදුවූ අකරතැබ්බය ක්‍රීඩා බලධරයන්ට පැවසූ විට සියල්ලෝම කණගා⁣ටුවටත් කළකිරීමටත් පත් වූහ.මීට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයාද සිය කණගාටුව පළ කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මෙලෙස දැරියගේ හෝ ඇයගේ දෙමවුපියන්ගේ අනුදැනුමකින් ⁣ තොරව බාලවයස්කාර දැරියක් යමෙකුගේ නිවසට ගෙන යා හැකිදැයි මෙම පුවත සම්බන්ධයෙන් කම්පා වන පාර්ශවයන් ප්‍රශ්න කර සිටිනවා.”   
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තංගල්ල පොලීසියට පැමිණිල්ල කර ඇත්තේ මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.අහිංසක දැරියක මුලාවට පත් කරමින් සිය ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට අසික්කිත පාහර කුමන්ත්‍රණයක් කළ නාමල් රාජපක්ෂ තංගල්ල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට ලිඛිතව දන්වා ඇත්තේ මවුබිම පුවත්පතේ පළ වූ ඉහත ප්‍රවෘත්තියෙන් තමන්ට අපහාසයක් වී ඇති බවය.ඔහු වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ එම ප්‍රවෘත්තිය ලියන ලද කර්තෘ සහ රචකයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසය.එහිදී අදාල පුවත සම්බන්ධ කරගනිම්න් සමාජ මාධ්‍ය වල තමන්ට අපහාසයක් ඇති වන ආකාරයෙන් මඩ ප්‍රචාර කළ අයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා තිබේ.
සාමාන්‍යයෙන් යම් ප්‍රවෘත්ති පතක පල වූ ප්‍රවෘත්තියකින් යම් තැනැත්තෙකුට අපහාසයක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමේ අයිතිය අපහාසය සිදු වූ⁣යේ කියවෙන පාර්ශවයට ඉඩ පහසුකම් පවතී.එසේම
එවැනි ප්‍රවෘත්ති ගැන විභාග කරන්නට පුවත්පත් පත් පැමිණිලි කොමිෂමද තිබේ.මවුබිම වාර්තා කරන ලද එම පුවත අසත්‍ය නම් නාමල් රාජපක්ෂට ඒ ගැන පිළිතුරු සැපයීමට අයිතියක් ද ඇත.
එහෙත් ප්‍රවෘත්ති පත්‍රයක පළ කරන ලද ප්‍රවෘත්තියකින් තමාට අපහාසයක් සිදු කරන ලදැයි ප්‍රකාශ කරමින් “නීතිඥ” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තංගල්ල පොලීසියට කර ඇති පැමිණිල්ල මේ ගොබ්බයාට මෙරට පවතින නීතිය ගැන පවතින දැනුම හා අවබෝධයේ දිග පලල කෙතරම්ද යන්න අපට තක්සේරු කර ගත හැකිය.මේ තක්කඩියා හොරට නීති විභාගය ලියා නීතිඥයෙක් වූ බව ⁣මුළු රටම දනී. එහෙත් දැනට “නීතිඥ” පට්ටමක් එල්ලා ගෙන සිටින මේ ගොබ්බ නාමල් රාජපක්ෂ සාපරාධී අපහාස නීතිය මෙරට අපරාද නඩු විධාන සංග්‍රහයෙන් ඉවත් කර ඇති බව වත් නොදන්නා අයෙකු බව තංගල්ල පොලීසියට යවා ඇති ලිපියෙන් තහවුරු කර ගත හැකිය.ප්‍රවෘත්ති පත්‍රයක පල වූ පුවතකින් අපහාසයක් සිදු වූයේ යැයි කියවෙන වරදකට පොලීසියකට කරන්නට පුළුවන් කෙහුරක් නැත.අවශ්‍ය නම් අතෘප්තියට පත් පාර්ශවයට සිද්ධියට සම්බන්ධ පුවත්පතට එරෙහිව සිවිල් නඩුකරයක් පවරා වන්දි ඉල්ලා සිටිය හැක.
මේ සමගම  මේ ගොබ්බයාගේ සිදු කළ තවත් ගොන් මැදිහත්වීමක් අපගේ  මතකයේ ඇත. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන කාලයේදීය.එදවස මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මොහු විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ලකුණු මදි වූ ශිෂ්‍යාවක කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගන්නා ලෙසට විශ්ව විද්‍යාල කොමිෂමට ලිඛිතව නියෝග කර තිබුණි.එය රාවය  පුවත්පත මගින් අනාවරනය කරන ලදී.
රාජපක්ෂ සනුහරය තවමත් සිතා ගෙන සිටින්නේ මෙරට ජීවත්වන්නන් ඔවුන්ගේ වහළුන් ලෙස ජීවත් විය යුතු බවය. මුළු රටම සිටින්නේ මේ තක්කඩි පෝරිසාදයන් නැවත බලයට පත් නොකළ යුතුය යන අදහසිනි.එහෙත්
බලය නොමැතිව ජීවත්වීම නාමල් රාජපක්ෂ වැන්නෙකුට දරා ගන්නට නොහැකි බරපතල පීඩනයක් ගෙන දෙන කාරණයක් වී තිබේ.
එබැවින් පාදඩ වැඩක් සිදු කර හෝ ආශ්වාදයක් විඳීම ⁣නාමල් රාජපක්ෂ ගේ හැඟීම බව නෙත්මි දැරියගේ සිද්ධියෙන් අපට සිතා ගත හැකිය.මේ මානසික විකෘතිය තුළ ජීවත්වෙන නාමල් රාජපක්ෂ ලාගේ මන්ද මානසික කෙරුවාවල් හෙට අනිද්දා වෙන විට තව තව දැක අසා ගන්නට පුළුවන් වෙන බව නම් නිසැකය. 

 


Spread the love

Leave a Comment

You may also like