ශ්‍රි ලංකා යුධහමුදාපති නිලයට පවා අවනම්බු කරමින් කෝරෝනා වෛරසය මැඩලීමට වෛද්‍ය (ලිංගික වෛද්‍ය ) ශවින්ද්‍ර සිල්වා ගෝඨා ගේ පවට කර ගැසීය . තමා නොදන්නා වෙදකම් නොකර රටේ වසංගත විද්‍යාඥයන්ට භාර දෙන ලෙසට කීමට තරන් කොදු නාරටියක් නොතිබීම රටේ ජනතාවට මනාව පෙනුනි. ඒත් තමා කොරෝනා කාර්ය සාධක බලකායේ සිට අනේක විධි නිති පනවමින් පසු ගිය කාලයේම බස්නාහිර පලාතම වසා දමා ,තමා රටේ රාජ්‍ය නායකයා නැමති ගොංවාහෙත් සමඟ රට පුරා රවුම් ගැසීය . රටක නිති අණ පනත් පුද්ගලයන් හෝ තරාතිරම අනුව නොව මහජන සුභ සිද්ධිය වෙනුවෙන් නම් ඊට අවනත විය යුත්තේ ඒවා පනවන උන්මය.
ඒ හා සමානවම මේ වනවිට පොලිසි මගින් අත් අඩංගුවට ගත් අහිංසක තරුණයන් හා රටේ උතුරේත් ,දකුණේත් පුරවැසියන් දහස් ගනනකි. ඒත් ශවින්ද්‍ර සිල්වා ගේ හෝ සුජිවා නෙල්සන් ගේ පවුලේ උන්ට ඒ නිති වලංගු නොවන්නේ කෙසේදැයි…….? අපි ප්‍රශ්ණ කරන්නේ අපි සතුව විඩියෝ හා ඡායාරුප ද ඇති නිසාය. ශවින්ද්‍ර සිල්වා කොරෝනා ජාතික මංඩලයේ සභාපති වී උගේ හැත්ත වරිගේම කොළඹ පාක් රෝඩ් අවන්හල් වලට ගොස් මුඛ වරණ නොමතිව මධ්‍යම රාත්‍රි වෙනතුරු බාල්නැටීමට අවසර ලැබෙන්නේ කුමණ නිතියකට අනුව ද….? රටේ ඇත්තේ ප්‍රධානම නිතිය වු මුලික නිතිය සියල්ලටම එකය ,ශවින්ද්‍ර හමුදාපති වු පලියටවත් සුජීවා නෙල්සන්ට අතිගරු ජනාධිපති උතුමානන් ගේ “ගෝඨා අයියා ” වු පලියටවත් රටේ පොදු නිති කිසිවක් වෙනස් නොවන බව සුජිවා නෙල්සන් නොහොත් ශ්‍රි ලංකා යුධ හමුදාපති ගේ බිරියට අපි රටේ ජනතාව වෙනුවෙන් මතක් කරන්නෙමු. අඩුම තරුණ දු දරුවන්ටවත් එවනි නිතිවලට ගරු යුතු යැයි කියා නොදෙන පාහර පවුල් මේරටේ නිතියට කුඩා කාලේ පටන්ම විශේෂ වරප්‍රසාද තිබෙන බව දරුවන් ගේ මනසට දමන කාලන්නියන් මුන් නොවේද …? උන් වැඩි හිටියන් වී එදාටත් උන් ගේ අම්මලා, තාත්තලා, අංකල්ලා කල අකාරයටම රටේ නිතියෙන් දුප්පතුන් බැද දමා මුන්ද බාල නටන බව සහතිකය. දැන් වත් රටේ ජනතාව නිතිය සැමට එකයි යන්න සිහිතබා ගෙන නිති කඩ කරන්නන්ට විරුද්ධ විය යුතුයි. ඔහු කුමණ පක්ෂයක ,කුමණ ජාතිකයෙක්, වුවත් සාමුහිකව විරුද්ධ වී “මම ” නොව “රට ” බේරා ගත යුතුය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස