උණුසුම් පුවත්

උඩතලවින්න මිනීමරුවා ලොහාන් රත්වත්ත බන්ධනාගාර භාර ඇමති ලෙස පත් කරයි

Spread the love

මිනීමරුවෙක් බන්ධනාගාරයේ රැඳවියන් තවත් මරන්න දැයි අපි ජනාධිපති ගෙන් අසමු අනුරුද්ධ රත්වත්ත හිටපු ආරක්ෂක අමාත්‍යවරයාගේ පුත්‍රයා වන ලොහාන් රත්වත්ත ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ බන්ධනාගාර හා පුනරුත්ථාපන කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් පත් කර ඇත. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රිලංකාව අත්සන් තබා ඇති සිරකරුවන් ගේ ආරක්ෂාව හා සුභසාධනය සහ මානුෂීය ආකාරයෙන් සැලකීමේ ප්‍රඥප්තියට මුළුමනින්ම නිඟා කරන්නෙකි  ඉතිහාසය කළු පැල්ලමක් තැබූ උඩතලවින්න සමූහ ඝාතනයේ ප්‍රධාන සැකකරු වශයෙන් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී චෝදනා ලැබ සිරගතව සිට වසර ගණනාවක් එම නඩුව තිබීමෙන් පසු දේශපාලන බලපෑම් මත නිසි විමර්ශනයක් සිදු නොවීය. උඩතලවින්න සමූහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු තවත් බන්ධනාගාරවල සිදුවන මිනීමැරුම් වලට අණදීම සඳහා පත් කරා දැයි ගෝඨාභය රාජපක්ෂ නින්දිත පාලකයා ගෙන් අපි අසන්නෙමු.
1. T. M. Fisar (24)
2. F.M. Rizwan (27)
3. M.R.M. Nazir (25)
4. A.M.M. Mohideen (31)
5. A.M.Milsar (23)
6. Z.M. Nazar (19)
7. M.I.M. Ashwar (26)
8. M. Riswan (23)
9. I.M.I. Fasar Yahamod (25)
10.M. Mohamad (25)මේ පාසැල් සිසුන් සියල්ලම 05 /12/2001 දි වෙඩිතබා මැරු මිනිමරුවා ලොහාන් රත්වත්තේය. එවනි එකෙකුට රටේ අහිංසක නිරායුධ මිනිසුන් ගේ ජීවිත් බාර දීමට ඇත්තටම ගෝඨාට පිස්සු තිබිය යුතුය.
පුවත්පතක් වශයෙන් ශ්‍රිලංකාවට මෙවැනි කළු පැල්ලම් ගෙන එන ඇමතිවරු පත් කරමින් සමස්ත ජනතාවම බිල්ලට ගනිමින් සිටීම ඉතාම භයානකය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්යන්තර, ජාත්‍යන්තර ක්ෂමා ආයාතනය, amongst interntional වැනි ආයතන වහාම ශ්රී ලංකාවේ මෙම ක්රියාවන් පිළිබඳව දැන් මැදිහත් විය යුතුය .මන්ද 2012 නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරයෙන් නිරායුධ රැඳවියන් 27 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමත් මහර බන්ධනාගාරයේ දී මේ වන විට රැඳවියන් 09 දෙනෙකු ඝාතනය කොට තවත් අසාධ්ය තත්වයෙන් පසුවන මාරාන්තික තුවාල ලබා ඇති තවත් සැකකරුවන් 16 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙවැනි අවස්ථාවකදී, මිනිමැරුම්චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ  ඇමැතිවරයා වශයෙන් පත් කිරීම   සිරකරුවන් ගේ ජීවිත දැඩි අනතුරකට හෙලීමකි. බන්ධනාගාර වල ඇති තදබදයට වහාම පිළියම් යෙදීම සහ රැඳවියන් ගේ මානුෂීය අයිතිය තහවුරු කිරීම වැනි ඉතාමත්ම මානුෂීය ප්රශ්න පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු මොහොතක ලොහාන් රත්වත්ත නැමැති මිනීමරුවෙකු බන්ධනාගාර භාර ඇමැතිවරයා වශයෙන් පත් කිරීම නොකලයුතුය. මෙයින් සිදු වන්නේ සමස්ත බන්ධනාගාර රැඳවියන් ගේම ජීවිත තවත් අනතුරට පත් කිරීමකි. මෙයින් ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී බෝගම්බර සහ විශේෂයෙන්ම පාතාල සාමාජිකයින් රඳවා සිටින ගාල්ල බුස්ස කදවුරේ කන්ජපානිලා ,අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල සිද්ධීන් ඇති කොට තෝරා ගත් සැකකරුවන් මරා දැමීමට සූදානම් වන බව මෙයින් හෙලිවන කරුණකි.අපි මේ පිලිබදව එක්සත් ජාතින් ගේ සංවිධානය දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.
අද ගෝඨා ගේ සේම මහින්ද ගේ එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ බලු නඩු………
විශේෂ ස්තුතිය තිණකරන් පුවත් පතට…

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස     


Spread the love

Leave a Comment

You may also like