රාජපක්ෂලා ගේ නඩය කල හොරකම් ලංකාවට පමණක් සීමා නොවීය. ලගම ඥාතියකු වූ ජාලිය 2005 සිට 2014 දක්වා වොෂින්ටනයේ තානාපති විය. ඉන්පසු අනිත් රාජපක්ෂලා මෙන් ඇමරිකන් පුරවැසිභාවය ලබාගත්තේය. ඔහු යන්නට පෙර් වොෂින්ටනයේ තානාපති කාර්‍යාලය සදහා නව ගොඩනැගිල්ලක් මිලදී ගත්තේය
එහිදී ඔහු ඩොලර් 332,000/= මුදලක් වැඩියෙන් සදහන් කොට එය ලබාගත්තේය. ඇමරිකාව තුල සෑම ඩොලර් එකක්ම ඉපයූ ආකාරය නීත්‍යානුකූලව පෙන්විය යුතුය.
අවසානයේදී ජාලියට එරෙහිව ඇමරිකන් අධිකරණය වංචාව සහ මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පැවරීය. ඔහුට තිබූ තානාපති විනිර්මුක්තිය 2017 දී ඉවත් කරන ලදි. ඔහු 2018 නැවත මුක්තිය ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් කල අතර එය ජනාධිපති විසින් ඉවත් කර ඇති නිසා අධිකරණයට කල හැක්කක් නොමැති බව තීන්දු කලේය. දැන් එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇත. ඉදිරියේදී අපට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන තීන්දුව බලාගත හැක.
කෙසේ වුවද ඇමරිකන් අධිකරණය මේ නියෝග වලින් බැදී නැත. එසේම තානාපති විනිර්මුක්තිය සම්බන්ධ වියනා සම්මුතියට අනුව ජාලියට නැවත විනිර්මුක්තිය ලබාදිය නොහැක. දැන් ඔහු ඇමරිකන් පුරවැසියෙකි.
මෙම නඩුවෙන් රාජපක්ෂලාට, අලිසබ්‍රිට සහ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට කන රත්වෙන්න ඇමරිකාව දෙන බවට ස්ථිරවම කිවහැකිය.
එසේම 20 ජනාධිපති මුක්තිය හදාගෙන පිස්සු කෙලින්න හිතන ගෝඨා ප්‍රමුඛ නඩය මතක තබාගත යුත්තේ ඇමරිකානු අධිකරණය ලංකාවේ මෙන් අලිසබ්‍රි ලියන තීන්දු කියවීමට බැදී නැති බවයි.
ජාලිය වික්‍රමසූරියගේ තීන්දුව රාජපක්ෂලාට ඇමරිකාව දෙන අවවාදයක් වනු ඇත.