එම විරෝධතා පගමන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් අරම්භ කෙරිනි.කෙසේවෙතත් පෑලියගොඩ පොලිසිය හා කුරුදුවත්ත පොලිසිය විසින් යෙන් අධිකරණ වාරන නියොගයක් ඉල්ලා සිටි අතර අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම අනුව වරන නියෝගයක් දුන්නද
පෑලියගොඩ පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරනලදි.
පාගමන ඩ්.අර්.විජේවර්ධන මවත කොම්පඤ්ඤ විදිය ඔස්සේ යුනියන් පෙදෙසට ගමන්කල අතර පොලිසිය විසින් ඉබ්බන්වල මන්සන්දියේදී මර්ඟ බාදක යෙදීම හෙතුවෙන් බේග්ගෘප් පෙදෙසට පමිණි අතර ජෙ.ආර්.ජයවර්දන කෙන්ද්‍රය අසලදි පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහරයක් එල්ල කරන ලදි.
එම අවස්ථාවෙදී සිසුන් විහාරමහාදේවී උද්‍යානයට පමිණි අතර එහිදීද කදුළු ගෑස් ප්‍රහරයක් එල්ල කරනලදී.
එම ප්‍රහර හමුවේ ජාතික කලා බවන ඉදිරිපිටින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යාමේදීද කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් 19 දෙනෙකු රොහල්ගත කරන ලද අතර සිසුන් 10 දෙනෙකු අත්වඩංගුවට ගත්හ.
උතුරුමැද ප්‍රාදේශීය වර්තාකරු එස්.ඒ.පි.ම්.දයාරත්න