රටේ ජනතාව තම තමා ගේ පුද්ගලික උවමනාවන් පිරිමසා ගැනීමටතම ඡන්ද බලය පාවිච්චි කරන්නේම ඒ පිලිබදව නිසි අවබෝධයක් නොතිබීම නිසාමය. ඒත් වසර 72 තිස්සෙම ඉන් ඔබ්බට යමක් සිතා කටයුතු කිරීමට තරම් උවමනාවක් ද නොමති වීම ඉතාම අවාසනාවකි.
ඉන් ප්‍රයෝජන ගෙන ක්‍රියා කරන වර්තමාන රාජපක්ෂ කදවුර දැන් සුදානම් වන්නේ ඉතාම බිකරු ආගාධයකට ශ්‍රි ලංකාව හෙලිමට බව එක්සත් ජාතික පක්ෂය ට හෝ සමඟි ජනබල වේගයේ සජිත් පිලටද කිසිදු උවමනාවක් නැත. ඔවුන් දැන් ගනන් හදන්නේම මීළඟ වසර 05 ඉක්ම ගිය පසු රටේ බලය ලබා ගැනීමටය.
ඊයේ රාත්‍රි රාජපක්ෂලා ගේ ඇතිවු තීරණාතමක් සාකච්චාවේදී මිළඟ වසර 05 ටද ගෝඨාභයම ජනාධිපති තනතුරේම තබා ගැනීමටත් ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් තවත් වසර ගනනාවක් මෙය වසර ගනනකින් කිව නොහැකි ආකාරයට ව්‍යවස්ථානුකූලවම අඛණ්ඩව බලය ගෙනයාමේ ක්‍රමයකට රැගෙන යන බවට ඊයේ රාජපක්ෂවරු සියල්ලම ඒකට එක්ව අනුමත කලෝය.
2025 පසු නාමල් රාජපක්ෂ බලය ලබාගැනීමටත් ඊට පෙර කිසි ලෙසකින් බලය ලබා නොගනීමටත් සියළු පිබුරුපත් සැකසීය. ජනතාව ගේ උත්තරීතර අධිකරණ බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මේ සමසථ ක්‍රියාවලියටම සම්පුර්ණව වගකිවයුතුය. තවත්වසර ගනනාවක්දී අද මේ ලියුම් කරු ලියන සෑම අකුරක්ම සත්‍ය වනු ඇත. එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලෙසට සිටි මේ මොහොත වන විටත් රටේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය හා ඒ සත් පුද්ගල විනිශ්චයකාරවරු ද දැන් රාජපක්ෂලා ගේ බෙර පදේට නටන නැට්ටුවන් වී ඇත. . ඒ බවට ඊයේ සහතික කොට කීවේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ය.
රාජ්‍ය පරිපාලනය හමුදාකරණය;……….
රාජ්‍ය පරිපාලනය හමුදාකරණය කරමින් මින් ඉදිරියට සියලු පත් පත්කිරීම /උසස් කිරීම / ඉවත් කිරීම් සියල්ලම සිදුවිය යුත්තේ රාජ්‍ය පරිපාලන ඇමති ගේ වුවමනාව මත හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් මගින් නොව සියල්ලම සිදුවන්නේ සේනාධිනායක ජනාධිපති ගේ උවමනා එපාකම් මත ආරක්ෂක අමාත්‍යංශය තුලිනි.
මෙය රටක ජනතාව ගේ මුලික අයිතින අමු අමුවේම විනාශ කිරීමකි. අද රාජපක්ෂලාට ඊට අවශ්‍ය සියලු වටපිටාව සකසා දෙන්නෝ ඇමරිකාව හා ඉනදියාව බව අපි සහතික කොට වගකීමෙන්සටහන් කරමු. ලබන වසරේවසරක් වු 2021 අගෝස්තු 28 වන දින අද වනවිට ඔබට බුක්ති විදීමට ලැබෙන්නේ රාජපක්ෂ්ලා දෙන නිදහසක් පමණි .
ඇමරිකාවේ උවමනාවට චුදිතයෙක් රටක ජනාධිපති වීම……..
ඒ රටේ ජනතාව දැන හෝ නොදැන සිදුවු වරදක ප්‍රතිඵලය රටේ ජනතාවම ඉතාම ළගදීම බුක්ති විදිනු අපිට දැකිය හැකිවනු ඇත. ඇමරිකන් හා ඉන්දියන් තල්ලුව …. ට්‍රම්ප් ජනාධිපති ගේ පැමිණීම නිසාම ගෝඨාභයට වැනි මහාධිකරණයක් චෝදනා ලැබු චුදිතයකුට වෙනත් රටක ජනාධිපති කමට පත්වීමට හැකියාව පැවතුනි. ඒ පාර මුලුමනින්ම කැපුවේ ඇමරිකාව හා ඉන්දියාව විසිනි.
පාස්කු ප්‍රහාරයෙන් බලයට පැමිණීමට ඉන්දියාවේ මොදිට හැකිවුයේත් ජාතිවාදිය නිසාමය ඉදියානු ස්වාමිනාදන් නැමති රෝ ඔත්තුකරු වු මොදිගේ ප්‍රබලතම සගයා රාජපක්ෂලා ගේ අතිජාත මිතුරාය. ඒ නිසම ඉන්දියාව ඇමරිකව හා එක්ව සියල්ල රෝ ඔත්තු සේවය හරහා ස්ථාන ගතකලෝය. දැන හෝ නොදෙන සජිත් ප්‍රේමදාසද ඊට අලගු තැබුවාය.
ඒ කිලි මහාරාජා හරහාය ඔහු දිගින් දිගටම රනිල්ට පහර ගැසුවාය. එදා සිටම රනිල්ට පහර ගැසු සියල්ලම අද රාජපක්ෂලා ගේ මේ චීන කොමියුනිස්ට් මුලික නිදහස සීමා කිරීම වලට වග කිව යුතුය. දැන් ඊට අනුගත වෙමින් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රථම යෙන්ම ජනතාව මෙල්ලකර ගැනීමට අවශ්‍ය සියලුම නිති අණ පනත් ඉතාම ලහි ලහියේ සකසමින් ඇත.
චීනයේ ක්‍රියාත්මක වෙන ආකාරයේ මාධ්‍ය…….
ඒ සැකසීමට ගන්න ආදර්ශය සමස්ථ චීනයේ ක්‍රියාත්මක වෙන ආකාරයේ මාධ්‍ය නිදහස ,කතා කිරීමේ හා ලිවිමේ නිදහස, යන සියල්ලම චීන අනුශාරයේ කෙටුම්පත තවත් නොබෝ දිනකින් එලිබසිනු ඇත.
මේ ආකාරයේ දිගින් දිගටම රාජපක්ෂ රෙජිමය කටයුතු කලවිට තරුණ නැගිටීම කිසි කලකත් වැලැක්විය නොහැකිය . හොංකොන් වල මේ වන විටත් ඇතිව තිබෙන සිද්ධි සියල්ලම තරුණ ජීවිත මරා දමා නිහඩ කොට ඇත.
ඒ චීන ප්‍රතිපත්තියයි. ලාංකීය ජන්තාවට ඡන්ද බලය නොදිය යුතුයැයි එදා මැල්කම් ආණ්ඩුකාරවරයා කියු දේ අදටත් වලංගුය.
අදවනවිට රාජපක්ෂ පරමපරාව හා එම රෙජිමයට රටේ මුලික නිතිය හා සදා චරය වැඩක් නැත මින් ඉදිටියට රාජපක්ෂලාගේ සිදුවන සියල්ලටම රටේ පක්ෂ විපක්ෂ සියල්ලම වගකිව යුතුය.
මුලික නිතිය ගැනවත් නොතකා ක්‍රියාකරන රාජපක්ෂ හමුදාජුන්ටාවේ ක්‍රියාවන්ට ජනතාව ගේ අයිතින් යටපත් කොට අවසානය ඒත් ඒ සියල්ල උඩු යටිකුරුවන්නේ මිළඟ ඇමරිකානු ඡන්දයෙන් ඩොනල් ට්‍රම්ප් ගේ පරාජයත් සමඟ රාජපක්ෂලාට නැවත මැතිරීමට විදුලි පුටු තොග පිටින් එනවා ඇත.
අජිත්….