2014 වසරේ දී අජිත් නිවාඩ් කබ් රාල් මහබැංකු අධිපති ඉන්න විට මුදල් අමාත්‍යංශයේ ලේකම් සිටියේ පී.බී. ජයසුන්දරයි. එදා ගෝල්ඩන් කී සමාගමේ ,ද ෆිනෑන්ස් තැම්පතුකරුවන්,ඊ .ටී. අයි. තැන්පතුකරුවන්, ස්වර්ණමහල් තැන්පත්කරුවන්,එෆ්.ඇන්.ජී. ගැරන්ටීන් තැන්පතු කරුවන්, සී.අයි. ෆ්.එල් සමාගමේ තැන්පතුකරුවන් ,එදා රටේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි. මේ එකක්වත් සාමාන්‍ය මිනිස්සුන් ගේ පිහිටවපු ආයතන නොවේ .
මෙවා කිසිවක් එදත් අදත් අපිට නියාමනය කිරීමට ඉඩක් නෑ ඒවා ගේ කොල පුරවන එක විතරයි අපි කරන්නේ මේවා සියල්ලම එදත් අදත් කරන්නේ එයාල ගේ හිතවත්තුහා ඥාති සම්බන්දකම් තියෙන අයවළුන් ,
මේටත් වඩා ඉතාම බරපතල තත්වය මිනිස්සු දන්නේ නෑ. මේප්‍රපචුවල් ට්‍රසරිස් වගේම තවත් ප්‍රයිමරි ඩීල කෙනෙක් එන්ට්‍රස් සිකියුරිටි කියන සමාගමත් මේ එන්ට්‍රස් සිකියුරිටි සමාගම එවකට මහනුවර ඇමති සිටිඅනුරුද්ද රත්වත්ත ගේ පුතා, ලොහාන් රත්වත්ත ගේ මල්ලි චානුක රත්වත්ත ගේ මේ එන්ට්‍රස් සිකියුරිටි නැමති ප්‍රයිමරි ඩීල ප්‍රාථමික ගැනුම්කරු වු චානුක රත්වත්තට අයත් එම සමාගම රටේ මහ බැංකුවට පොල්ලක් තියනවා.
1. ඒ වංචාව මහ බැංකු සේවකයන් ගේ විශ්‍රාම වැටුප් හා ඊ.පී.එෆ් එකට එම වංචාව සිදුකරන්නේ රැපෝහරහාය මුදල මිලියන 12,000ක් අපේ සල්ලි හොරකම් කරා කෝ ඒවට අපි ඒදා අජිත් නිවාඩ් කබ් රාල්ට කිවා ලේකම් ඔය දැන් කෑගහන පී.බී.ජයසුන්දරයි, එදා මුදල් ඇමති මහින්දමයි. අපේ සේවකයන් ගේ සල්ලි හොරාකපු වුන්ව අල්ලන් නැතුව දැන් ගෝඨාභය අපෙන් ඉල්ලනවා රට හදන්න ප්ලෑන් මේවා විහිළු කතා මහත්තයෝ කියා ඔහු දි ටම කතාව කරමින් තවදුරටත් මෙසේ පැවසීය.
2.මහබැංකුව යටතේ ඇති ප්‍රදේශිය සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව තිබු රුපියල් මිලියන 2000 කටද
3.මහබැංකුව යටතේ ඇති රක්ෂණ සමාගම් වල ද්‍රව ශිලතාවය පවත්වා ගෙන යාමට ඇති ගිණුමේ රුපියල් මිලියන 2000 ක් ද
4. ලංකා විදුලි බල මංඩලයට ද රුපියල් මිලියන 2000 ක් ද
5. ද ෆිනෑන්ස් සමාගමට රුපියල් මිලියන් 180 ක්ද
6. හංවැල්ල සමුපකාර සංගමය ට රුපියල් මිලියන් 567 ක්ද
මේ සියල්ලම් ගත්විට 2014 ට පෙරදි ප්‍රාථමික ගැණුම් කරුවෙකු ලෙසට මහබැංකුවේ ලියාපදිංචිව සිටි මේ එන්ට්‍රස් සිකියුරිටි සමාගම රුපියල් මිලියන 12,000 ක් සම්පුර්ණවම වංචා කරනවා අපි මේ පිලිබදව එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල්ට හා එවකට මුදල් අමාත්‍යංශ ලේකම්ට පැහැදිලි කලා මහ බැංකුව සතු මුදල්මෙසේ කොල්ල කෑමට ඉඩ නොදිය යුතු බව.
2015 පසුව සිදු වු සියලලත් මේ ගොල්ලන්ට අවශ්‍ය වසා දමන්න එවට නිලධාරින්ට කලහැකි හැම දේම සිදුකරලයි තියෙන්නේ ඔය බොරු කතා
ඒත් අද වෙන තුරු කිසිදු නිතියානුකූල ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ එසේ කරපු අජිත් නිවාඩ් කබ් රාල් දැන් ඉන්නේ අගමති මුදල් ඇමති ගේ ආර්ථික උපදේශක වෙලා පි.බී. ජයසුන්දර ඉන්නේ ජනාධිපති ලේකම් වෙලා, මේ දෙන්නම වහාම අත්වඩංගුව ගන්න ඔනි.
මේ දෙන්නම ඊට වගකියන්න ඔනි ඒවා විනාශ කලේ අපිව ගේ විධායක ශ්‍රේණියේ අය නෙවේ. අනික කොරෝනා වසංගත කාලය තුල සියළුම රාජ්‍ය බැංකුවලට හා අනිකුත් මුල්‍ය ආයතන් වලට චක්‍ර ලේකන නිකුත් කලේ අපිව ගෙන්නලා සාකච්චාකර නෙවේ.
ඒක කලේ මුදල් ඇමති හා අගමැති වු මහින්ද රාජපක්ෂයි ඒ චක්‍රලේකණ දෙකක් ගහලා ෆිනෑන්ස් සමාගම් වලට එකක් හා ජනතාව සතුටු කරන්න තව එකක් ඉතිං මේව අපි ද කලේ ඒ නිසාම තමයි ඔය සුනිල් ජයවර්ධන කියන් පුද්ගලයාත් මැරුණේ මොකද ෆිනෑන්ස් ආයත්න වලට යවලා තියෙන චක්‍ර ලේකණයේ තියෙන්නේ මාස 06ක කාලයට ණය හා වාරිකයට තව පොලියක් එකතු කොට අය කරගැනීමටත් මහජන්තාව සතුටු කිරීමට මේ ගොල්ලන් යැව්වා ඒ ණය වාරික නිදහස් යන් අර්ථය ඇගවෙන්න මේක මහා අපරාධයක් .
ඒක කලේ අපේ මහ බැංකුවේ කිසිම නිලධාරියෙක් නොදනයි . දැන් ඇති බරපතලම තත්වය ලංකාවේ පුද්ගලික බැංකු කෙසේ වෙතත්රාජ්‍ය බැංකු කඩා වැටීමට ආසන්නව ඇත්තේ සමස්ථයක් ලෙසට රටේ සියළුම බැංකු බිදවැටීමට ඉතාම ආසන්නයි.
මේ කිසිම හොරකමකට නිතියානුකුලව රජය මැදිවී ආපසු අයකර ගැනීමක් නෑ. එසේම ඉදිරියටත් මේ ආකාරයට රටකට යන්න බෑ. අපි කොහොමද මිනිස්සුන් ගේ සල්ලි ආරක්ෂා කරන්නේ අපේ සල්ලිත් හොරාකාල තියෙද්දි.
අනික අපි ජනාධිපති හමුවීමට ඇතුලට යනකොටම අපිට හමුදාවේ නිලධාරින් කිවේ ඔයාල ගිහින්වාඩිවෙන්න ජනාධිපති තුමා කියන දේවල අහන් ඉනන වචනයක් වත් කතාකරන්න එපා කිවා.
මේක හරියට මීඩියා වලට දුන්න ශෝ එකක් . මම ඇත්තෙන්ම හිතුවා අපිට එන්න කියන කොටම රටේ සල්ලි හොරාකාපු පී.බී.ජයසුන්දරයි ,අජිත් නිවල් කබ් රාලුයි අල්ලලා අපිව සාක්ෂි ගන්නවත් ගෙන්නලා ද කියලා මේ මහ බැංකුව කියන නමයි ගොඩනැගිල්ලයි විතරයි දැන් තියෙන්නේ.ඝානාව ,සිම්බාබේ වගේ රටවල් ළඟටම අපි ඇවිත් තියෙන්නේ මේ විනාශය කරේ රටේ පාලකයෝ මිසක් නිලධාරින් වු අපි නෙවෙයි.
සේරම සල්ලි එයාලම හොරාකාලා දැන් රට හදන්න අපෙන් උපදෙස් අහනවා මෙවා පුදුම විහිළු කතා යැයි කියමින් කතාව නතර කල ඔහු අවසන්කරමින් කිවේ,
මම කැමති නෑ කටට වෙඩිතියා ගෙන නිදහස් චතුරශ්‍රයේ මැරෙන්න මගේ නම හෝ තනතුර සදහන් කරන්න එපා යැයි කියමින් ඔහු ගේ දිර්ඝ විස්තරය නිමාකලේය. `
සකච්චා කලේ
අජිත්