උණුසුම් පුවත්

පොලිස් නිලධාරින් ජනතාවට නින්දිතව සැලකීම වහාම නතර නොකල හොත් විශාල විනාශයක් අත ළඟයි…….(අනතුරු ඇඟවීමක් )

Spread the love

ශ්‍රි ලංකා පොලිසිය නැමති උත්තරීතර ආයතනය තුලට මිනිසුන් නොවන බල්ලන්  දේශපාලකයන් ගේ ගෙවල් වල අහුමුළු වලින් රිංගා පැමිණි බව අපි කොතෙකුත් කීවත් පොලිස්පති වික්‍රමරත්න බීරි අලියෙක් සේ හැසිරීම ඉතාම කණගාටුදායකය.

මේ වන විට ලංකා පොලිසිය රාජපක්ෂලා ගේ කකුල් පිස දමන් පාපිස්සක් ලෙසට බිමට දමා ඇත. පුජිත ජයසුන්දර නිතිය නැමීමට ගොස් හිරේ විලංගුවේ වැටීමවත් පාඩමකට නොගත් සී.ඩී වික්‍රමරත්න අන්ධයකු, ගොළුවෙකු, බීරෙකු සේ සිටීම ඉතාම කාලකන්නි සිද්ධියකි. දැන් අපේ පොලිසිය වැටි ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු පොලිසියටත් අන්ත ජහ, ජරාම තත්වයටය එය කණගාටුවෙන් වුවත් ලිවිය යුතුමය .

මේ  තත්වය තවත්වත් බලා සිටිය නොහැකි නිසාම කික්‍රමරත්නට විදේශරටකින් හෝ ආනයනය කර දීමට අපි සංගමයක් ලෙසට අදහස්කරනුයේ ඒ නිසාමය. ඒ යකඩ කොන්දු නාරටියකි.

උගත්කම , බුද්ධිය හා දැනුම අතින් වික්‍රමරත්න සමන්විත වුවත් ඔහුට කවරයෙකුට තබා පොලිසිය තුල සිටින පහලම කම්කරුවරයා ටවත් ඇති කොන්දක් නැති පොලිස්පතිවරයෙකි. කෙසේ තම නිලධාරින්  පාලනය කරනවාදැයි කිසිවෙකු ගෙන් අපි  නොවිමසන්නේ එය ඇස් පනාපිට දැකිය හැකි නිසාය.

දේශපාලකයා ගේන් යැපෙන්නෙක් වී ඇති නිසාම පොලිසිය අද අහිංසක ජන්තාවට සලක්න්නේ දඩාවතේ යන බල්ලන්ට ගානටය. කතාකිරීමට නොදන්න බවට නැගෙන පැමිණිලි අනත්තයි. ඊටත්වඩා දැන් පොලිසිය යන්නේ කොහේදැයි කිසිවෙක් නොදනි. සියල්ලම් ඉන්නේ මිඩියා ඔස්තාර්ලාය. ඒ ඔස්තාර්ලා ගේ කුණු කප්පරයක් ඇති බව අපි ඉතාම වගකීමෙන් කියන්නේ කරුණාකර පොලිසිය බලු නොකරන ලෙසයි.

අළුත්ගම දී අහිංසක මන්ද මානසික දරුවෙක් බව තේරුම් ගන්න බැරි පොලිසිය අපරාධකරුවෙකු හදුනා ගන්නේ කෙසේද…?   ඒ දරුවා පාපදිය සමඟ ඔහු ගේ නිවසට ආරක්ෂිතව ඇරලීමට නොහැකි මානසික මට්ටමක් ඇති පොලිසියකින් රටේ ජනතාවට  කුමක් අපේක්ෂා කලහැකිවේද…? ඒ පොලිස් නිල්ධාරින් පියවරුන් නොවුවත් මනුෂ්‍යන් නොවන්නේද…?

ලෝකයේ අද ඇතිව තිබෙන රැල්ල පිලිබදව පොලිස්පති දැඩි අවධානය යොමු නොකොට ඉහල නිල්ධාරින් මිඩියා ශෝවලට යවා ඒ දෙස බලා සිටීනම් අනාගතේ ප්‍රතිඵල භයානක වනු ඇත.මේ ප්‍රශ්නවලට පිලිතුරු දිය යුත්තේ පොලිස්පති වික්‍රමර්ත්නය සිද්ධියේ වගකීම ඔහු භාරගත් යුතුය.

එවනි නිලධාරින් වහාම අත්වඩංගුවට ගෙන් අධිකරණයට ඉදිරිපත් කලයුතුය. ඒත් සිදුවන්නේ එවනි නින්දිත් නිලධාරින්ව සේවයෙන් පහකරනවා වෙනුවට  ඔවුන්රැකගැනීමට බොරු ගෙතිමය. ඊටම නොදවෙනි සිද්ධිය අද වාර්තා වුයේ තම පියාව සම්බන්දව ඇති කුමණ් හෝ විමර්ෂණයකට පැමිණි නිල්ධාරින් වයස අවුරුදු 16 ක පුතාව රැගෙන යාමය.

මේ නිලධාරින්ට විරුද්ධව වහාම දැඩි පියවරගත යුතුය  කුමන  හේතුවක්මතවත් එක් අයෙක් වෙනුවට තව අයෙක් රැගෙන යාහැකි නිතිය පොලිස්පතිවරයා තම නිලධාරින්ට උගන්නන්නේ කුමණ පාසැලේ දී ද අපි නොදනිමු.

මේ සියල්ලටම හේතු වී ඇත්තේ දැන් නිලධාරින් නිතිය ඉගනීමට වඩා උඳු වන්නේ පලාතේ දේශපාලක්යා ගේ හෝ ඔහුගේ බිරිදගේ හිතවතෙකු වීමය මෙයට තිත තැබීමට ප්‍රථමයෙන්ම පොලිස්පති දේශපාලකයා ගේ ගැත්තෙක් නොවිය යුතුය ඔහු හරි දේට හරියයි කියමින් තම නිලධාරින් වෙනුවෙන් පෙනි සිටිය යුතුය.

එසේ නොවුන හොත් තව තවත් පොලිසිය ජනතාවට කරන නින්දිත හිරිහැර නොඉවසා නැගී සිටිනු ඇත එවිට රටත් පොලිසියත් අවසන් ගමන් යනු ඇති බව නම් ස්ථිරය.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like