උණුසුම් පුවත්

සොහොන් බිමක් වී ඇති රටේ ජනාධිපති මන්දිර හදන්නට සැළසුම් කරති

Spread the love

ජනතාව දැන් ජීවත් වන්නේ පාන් කියා ගන්නට බැරි මර ගාතයේය.රට බංකොලොත් වූ දින සිට ජීවන වියදම අහස උසට නැංගේය.එදා වේල හොයාගන්නා ජීවිත වලට කිසිම හව් හරණක් නැත.දිව⁣යිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන්නේ ආර්ථික අපහසුතා පවුල් පිටින් සිදු කරගන්නා සිය දිවි නසා ගැනීම්ය.

එහෙත් සංවර්ධනය ගැන රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ හා පොදු ජන පෙරමුනු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දෙන ලොරි ටෝක් ඇසුවාම ජනතාව සිටින්නේ මුන් මරන් කෑවත් මදියැයි සිතන කෝපයකිනි.
අයිඑම්එෆ් ණය මුදල හිමි වූ විට රටේ ජනතාව කිරිබත් කා රබන් ගසා ප්‍රීති වෙනු ඇතැයි රනිල් රාජපක්ෂ හා හෙංචයින් සිතා ගෙන සිටිය නමුත් රතිඤ්ඤා පත්තු කෙරුවේ කූට්ටාලි යූඇන්පී කාරයන් දෙතුන් දෙනෙකු විතරය.අඩුම ගානේ පොහොට්ටුවන්ට ඒ ගැන ගැම්මක් ඇති වී නොතිබුණි.
මේ වන විට අයිඑම්එෆ් ණය මුදල හිමි වීම ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉන්නේ මාර ජොලියෙනි.16 වන වතාවක් මෙරටට ලැබුණු අයිඑම්එෆ් ණය මුදල් වලින් රට ගොඩ නොදැමූ මේ වාහෙලා 17 වන වතාවේ ලැබුණු අයිඑම්එෆ් ණය මුදලින් රට ගොඩ ගන්නට හැකියැයි කයිවාරු කීම ජනතාවට දැනී ඇත්තේ මරු කියවනවා වාගේය.ඇති නැති පරතරය ඉතා බරපතල වෙමින් දුරස් වෙමින් තිබේ.ජනතාව වෙත පැටවී ඇති ආර්ථික පීඩනය සමනය කිරීමට ආණ්ඩුවට කිසිම සැළසුමක් නැති බව පෙනෙන්ට තිබේ.
ආණ්ඩුවට ඇත්තේ මැති ඇමති වරුන්ගේ හා ඔවුන්ගේ දරු පවුල් වල බඩ වියත රැක  ගැනීමේ ව්‍යාපෘති දියත් කිරීමේ සැලසුම් පමණය.මෙපමන ආර්ථික අර්බුදයක් රට පුරා පවතිද්දී නව ජනපති මන්දිරයක් හා ජනපති ලේකම් කාර්යාලයක් ඉඳි කිරීමට ජනපති රනිල් රාජපක්ෂ ආණ්ඩුව අර අඳිමින් සිටී.
මෙම ඉඳිකිරීම් සඳහා යෝජනා වී ඇත්තේ කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේ ඇති අක්කර නවයකින් යුතු ජාතික සඳුන් උයන ලෙස සංවර්ධනය කරන ලද ඉඩමය.මෙම ඉඩමේ සඳුන් ගස් වැවීම සඳහා වැය කරන ලද මහජන ⁣මුදල රුපියල් කෝටි තිහකි.දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව හදන්නේ ඒ සඳුන් ගස් වැවීමේ උයනෙහි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය ඉඳි කිරීමටය.ඒ ආසන්නයේ ඇති ඉඩමක අගමැති කාර්යාලය  අගමැති නිවස හා අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඉඳි කිරීමට සැළසුම් කර තිබේ.
සැබවින්ම මේ ගැන අපට කීමට ඇත්තේ මුන්ට ඇත්තටම පිස්සු කියාය.තමන්ට සුඛෝපභෝගී ජීවත්වන්නට මන්දිර හැදීමට වඩා ජනතාව ගැන මේ තක්කඩියන් සිතන්නේ නැත්තේ ඒ නිසාය.දහ හත්වන වතාවටත් ලැබුණ අයිඑම්එෆ් ණය මුදලට කෙලින්න යන හැටි මේ මාලිගා හැදිල්ලෙන්ම තේරුම් ගන්නට හැකිය.
රනිල් රාජපක්ෂ ගේ ඔළුවේ තියෙන සංවර්ධනය මහ පොලොවේ පැල වෙන දවසට මේ රටේ ඉතිරිවන්නේ සොහොන් කොත් විතරක් විය හැකිය.මෙවැනි අරුමෝසම් ව්‍යාපෘති කර තව තව ජනතාව පීඩාවට පත් කරනවාට වඩා වඩා කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් හොඳයැයි  අපි ආණ්ඩුවට යෝජනා කරමු.ඒ මේ විනාශ කරන්නට හදන මහජන මුදලින් සතෙකුගේ හරි බඩ පිරෙන නිසාය.

 


Spread the love

Leave a Comment

You may also like