පසුගිය දින දෙකක් අපි ජනතාපුවත් පතක් ලෙසට බන්ධනාගාරවල් වල සිදුවන අපචාරයන් එලියට ගෙන රටට කියා සිටියේ ඉන් රටට සිදුවන විනාශ දැකය. ඒ පිලිබදව දැඩි අවධානය යොමුකර ඇති ජනාධිපති වරයාට නිතිගරුක සමස්ථ රටවැසියා ගේම ස්තුතිය පුදකල යුතුය. අපි පුවත් පතක් ලෙසත් පුද්ගලිකවත් කිසිවෙකු ගේ වහලෙකු නොවන බව නැවත නැවතත් සිහි ගන්වනු කැමැත්තෙමු.
ජනාධිපතිවරයා ගේ ඒ මැදිහත්වීම ඉතාම අගනේය එයට හොදයි කීමට අපි කිසිවිටෙකත් මැලි නොවෙමු. හරි දේට හරි කීමත් වැරදි දේ දුටු විට වැරදී කීමත් අපේ පුවත් පතේ අරමුණය.
රටට විනයක් නොමති නම් ඒ රට විනාශයට ඉතාම ඉක්මනින් ලන්වෙනු ඇත. ඒත් අද අපි දුටුවේ විනයක් ඇති රටක් සෑදිය යුතුයි යන්න ජනාධිපති ගෝඨාභය ගෙත් වුවමනාවනම් අපි කොන්දේසි විරහිතව කුමණ මට්ටමේ අතීතයේ වැරදි තිබුණත් වර්තමානයේ හෝ අනාගතයේ ඒවා නොවෙනවානම් අපේ පුර්ණ සහාය ඒ වෙනුවෙන් ලබාදීමට අපි පෙරට එන්නෙමු.
ඒත් මෙය බන්ධනාගාරයේම කලක් අරක් ගෙන සිටිය වුන්ටම 2015 වේ නතරකල තැනින් පටන් ගැනීමට උන්ටම භාර දී සිටිය හොත් එදාට ඔබගේ අරමුණ ඉටු නොවන බවත් ඇතිවන්නේ තවත් රටේ නිතිය හා සාමය බලු වීමය. ඒ නිසාම වහාම බන්ධනාගාර තුලට රාජ්‍ය බුද්ධි නිලධාරින් යොදවා ප්‍රථමයෙන්ම ඉහලම ඇවරිය සුද්ධ කලයුතුය .
ඒත් සිදුවන්නේ කුමණ රජයක් බලයට පත් වුවත් පහලින් ඉහලට යාමය ඒත් පහල සියල්ලම ඉක්මනින් නතර කලහැකිය . විය යුත්තේ ඉහල කොමස්සාරිස් ජනරාල් ගේ පටන් පහලට සුද්ධ කිරීම බව ජනාධිපති තුමන්ට අපි ජනතාව වෙනුවෙන් මතක් කරන්නෙමු.
ජනාධිපති තුමනි ; ඔබ ගේ ඒ කැපවීම අපේ සතුටට රටේ යහපතට හේතු වෙනවා ඇත. ඊට මැදිහත්ව ක්‍රියා කිරීම පිලිබදව ඔබට අප පුවත් පතේ ගෞරවය පුදකරන්නෙමු.
අජිත්..