උණුසුම් පුවත්

ස්වාධීන අධිකරණයට දැනටමත් ගෝඨා ගේ තර්ජනය……..කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හා මහේස්ත්‍රාත් රංග දිසානායකලා පිටුපස රහස් ඔත්තුකරුවන්……..!!

Spread the love

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට හා රංග දිසානායක මහේත්‍රාත්වරයා පිටුපසට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් මේ  වන විට යොදවා ඇති බව අප වෙත ඉතාම  විශ්වාසවන්ත ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

මීට ප්‍රධාන තම හේතුව වී ඇත්තේ ලංකා ජයරත්න ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට නොව රටේ පවතින නිතියට නිතියේ ඇති විදිහට කටයුතු කිරීමය. ඒ හා සමානවම ඉතාම ස්වාධීන ලෙස තම වපසරිය තුල කටයුතු කරනු ලබන රංග දිසානායකටද මේ වනවිට දැඩි සේ ඔත්තුකරුවන් යොදවා ඇත.ඒ වගේම ඔවුන් ගේ සියලු දුරකතන මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවය විසින් පටිගත කරන බවද අපිට තොරතුරු ලැබී ඇත.

ඒ ගෝඨා ගේ මිග් ගනු දෙනුවේ සැකකරු උදයංග වීරතුංගට රහස් පොලිසිය ඇප දීමට විරුද්ධ නොවු විටත් ඒ පිලිබදව ප්‍රශ්ණ කිරීම ගෝඨාභය ජනාධිපති ගේ දැඩි වෛරයට පත්ව ඇති බවයි. එසේම මෙම දෙදෙනාම මැතිවරණයෙන් පසුව ඉවත් කිරීමටත් ඒ වෙනුවට වෙනත් රාජපක්ෂ හිතවාදි දෙදෙනෙකු කොළඹට ගෙන ඒමටත් සැලසුම් කර ඇති බව රටේ ජනතාවට අපි වගකීමෙන් මතක් කරමු.

රටේ ස්වාධීණ අධිකරණයක් කියන්නේ මේකට දැයි අපි නොදන්නා නිසා ගෝඨාභය ගෙන් හා හෙන්චයියලා ගෙන් අසා  දැන ගැනීමට කැමතිය.

ලසිනි….


Spread the love

Leave a Comment

You may also like