ලෝකේ රටවල් වල නීතිය සහ සාමය පවත්වාගෙන යාමට මෙන්ම සමස්ත නීති පදිය නීති පිළිබඳව සත්‍ය කරුණු ගෙන හැර පෑමට ඇති එකම ස්ථානය නීතිපති දෙපාර්තමේන්තුව නොඑසේනම් නීති අංශයේ එහෙත් ශ්‍රී ලංකාවේ අවාසනාවට නීතිපතිවරයා පෙනී සිටින්නේ පල් හොරුන් වෙනුවෙනි.
මෙහි අවාසනාවන්තම සිද්ධීන් කීපයක් පසුගිය වකවානුවේ පෙළ ගැසුණේ ජනතාවගේ කරුමයට දැයි වරෙක සිතේ, ඒ යහපාලන රජය යටතේ සිටියදී නීතිපති වර්තමාන අග්‍රවිනිශ්චයකරු ජයන්ත ජයසූරිය පෙනී සිටියේ රාජපක්ෂලා දින 52 නීතිවිරෝධී ආණ්ඩුව නිතියානුකූලයි යනුවෙන් කරුණු දැක්වීමට ය.
අද ද ඒ ආකාරයටම කටයුතු කරමින් මැදමූලන රාජපක්ෂලා ට සුදුපිරිවට අන්දන්න යන්නේ ජනතා මුදලින් පඩි ලබන නිතිපති දප්පුලුය.ගිය දිනක සුදුවෑන් සම්බන්ධව ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම වෙනුවෙන් රාජිත සේනාරත්න බන්ධනාගාර ගත ගත විය.
ඒ පිළිබඳව අපි අදහස් නොකරන්නේ එය දැනට අධිකරණය කටයුත්තක් බැවින් හරිද වැරදිද යන්න වඩා නීතිපතිවරයා පෙනී සිටින්නේ කොතැන කවුරු වෙනුවෙන්ද යන්න රටේ ජනතාවට මහත් පිලිකුලකි.
මිග් යානා ගනුදෙණුව රජයේ මුදල් බවත් ඊට රතු වරෙන්තු ඉල්ලුවේ එදා රටේ ජනතව නොව නිතිපති දප්පුලුය, ඒත් සමඟම නිතිපති දප්පුලු ගේ දිව මාරුවිය , ආණ්ඩුව පෙරළීමක් සමගම ගෝඨාභය ජනාධිපති වීමෙන් පසුව කියන්නේ ඒවා රටේ සල්ලි නොවන බවයි. දැනට සමාගමක් වූ ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයක් බව පාසල් දරුවෙක් සිට දන්නා දෙයකි, එහෙත් උදයංග වීරතුංගට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු පෙනී නොසිටියේ එම රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කෙසේ වෙතත් රජයේ මුදල් වත් යන්න හෙළි කිරීමට අකමැති නිසයි.
එසේනම් දැන් දප්පුල ලිවේරා රටේ නීතිපතිවරයා පෙනී සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. මේ වන විට තවත් ආන්දෝලනාත්මක කරුණක් වු පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාගය කිසිසේත් මෙවනි වසංගත් තත්වයක් ඇතිවිටක මැතිවරණයක් අවශ්‍ය නොවන් බව ජනතාව කියද් දීත් රටේ මේ වන විට පාර්ලිමේතුවක් ඇති නිසාම එය බලාත්මක් කොට රටේ කෝටි 1700ක් ඉතිරි කිරීමට් කියන නමුත් රාජපක්ෂලා ගේ අවශ්‍යතාවය 2/3 ගැනීමය.
එවිට රටේ අධිකරණයත් “බල්ලා ” මාක්ය. පොලිසිය “බල්ලගේ වලිගේ “අන්තිම කොනටය . රාජපක්ෂලාට අවශ්‍ය ඒ ආකාරයේ රටකි.
එවනි රටකට රටේ උත්තරීතර අධිකරණයත් එකඟ වෙන්වා නම් ඒ අධිකරණයේ විනිසුරන්ලාත් සියදිවි නසා ගැනීමකි.
එදා ඇන් .ඇම්. ……1978 ව්‍යවස්ථාව ගැන කීවේ …” යම් දවසක් මෙය පිස්සෙක් අතට පත් වුවහොත් කුමකින් කුමක් කරයිද……”? පිස්සෙකු ගේ භුමිකාව අපි අත් වින්දේ 2015 දීය.
එත් පිස්සු හමුදා ආඥා දායකයෙකුට මේ මොහොතේ මෙය පුජාකලොත් කුමකින් කුමක් වේවිද………? තීරණය අධිකරණය සතුය………?
අජිත්