උණුසුම් පුවත්

කුණුගොඩකට පිලියම් යෙදිමට බැරි…කුණු දේශපාලකයන් නිසා කුණු කන්දකට ජිවිත පුජාකල අහිංසක මිනිසුන්

Spread the love

ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර කවරදාවත්ම කුණු කන්දක් නිසා මිනිසුන්ට ජිවිත අහිමිවි නැත. ලෝකයේ හදිසි ආපදා තත්වයන් ප්‍රකාශ කරනුයේ ගංවතුර, නාය යෑම් හෝ එවනි ස්වභාවික විපත් වලටය.
නමුත් මුළු ලෝකයටම අදවනවිට ලංකාවේ සිටිය හා දැනට ජිවතුන් අතර සිටින සියලුම දේශපාලකයන්ගේ හෙළුව හෙලිවිය. මුන් කොච්චර අසාර්ථක දේශපාලකයෝද ? මේකාලකන්නි දේශපාලකයන් දන්නේ එකම දෙයයි. එ තම හත්මුතු පරම්පරාවටම රටේ සල්ලි හොරාකෑමටය. ලංකාවේ කිසිම දේශපාලකයකුට රටේ පැවති ප්‍රශ්න හෝ පවතින ප්‍රශ්න විසදිමට කිසිම දර්ශනයක් නැත. මුන් හැමොන උන්මුන්ගෙත්, මුනුන්ගෙත් පිට කසා ගැනිම නම් යස අගෙට කරගනු ඇත. මහින්ද නොකල දේ කිරිමට කියා පත්කල උන් දැන් කියන්නේ මිතොට මුල්ලේ ජනතාව කුණු සොයාගෙන ගොස් ඒ කුණු ගොඩේ පදිංච් වු බවකි.
මෛත්‍රිපාල ජනාධිපති පත් වු දා සිටම කරන්නේ ප්‍රශ්නය තමා සොයා ගෙන එන තෙක් ටිවි,පත්තර බැලිමය. එදා මෙදා තුර කිසිදවසක මෛත්‍රිපාල ජනතාවගේ ප්‍රශ්න සොයා ගෙන ගොස් විසදු දිනයක් අද නොවේ මොහු ඇමති කාලයේවත් අප නම් අසා නැත. 2015 ජනවාරි 08 වෙනිදාට පෙරත් මෛත්‍රිපාල සිරිසේන ලංකාවේ මිතොට මුල්ල අසලින් කොපමන නම් යන්න ඇද්ද…? එ වෙනකොට මේ අහිංසක ජනතාව ගොඨාභයගේ පහර කෑමට පවා ලක්ව කුණු ප්‍රශ්නයත් අද යහපාලනයේ නඩයට භාර කිරිමය.
ලංකාවේ සිටින දේශපාලකයන්ට හරි යමන් විදිහට අසුඡි ටික පිට වෙන් නැත්තන් (මුං කන කෑමට ) මුං පහුවදාම නවතින්නේ සිංගප්පුරුවේ මවුන්ටං එලිසබත් රෝහලේය ,එසෙත් නැත්තන් ලංඩන් වික්ටොරියා රෝහලේය. අඩුම තරමින් මුන් ඒ යන එන කොටවත් නිකමටවත් බැලුවේ නැද්ද ඇයි මේ රටවල් වල අපේ වගේ කුණු කදු නැත්තේ කියලාවත්.
හය කෝටි 51 ලක්ෂ එකොලොස් දාස් එකසිය හතලිස් තුනක ජනගහනයක් සිටින එංගලන්තයේ කිසි දවසක කුණු ගොඩක් තිබිනැත. ඒ මේ රටේ ජනතාවගේම හොදකම නිසාම නොවේ රටේ පාලකයන් කවුරු පාලන බලය ලබාගත්තාද රටේ මුලික ප්‍රතිපත්ති කිසිදාක වෙනස් නොවන නිසාය.
කුණු දේශපාලකයන්ගේ කුණු වලට යටවි මියගිය ඒ අහිංසක දරුවන්ගේ, දෙමාපියන්ගේ ජිවිත වලට දැන් මොකා මොන තරන් රුපියල් කාසි ගෙවුවත් කිසිදාක ඔවුන් යලි නැගිටින්නේ නැත.
මෛත්‍රිපාල ජනාධිපති හා රනිල් වික්‍රමසිංහ දෙදෙනාම කරන්නෙම “අශ්වයා පැන ගියපසු ඉස්තාලය වසා දැමිමය” රටකට නායකයන් අවශ්‍ය වන්නේ යමක් සිදු වුවිට ඊට පිලියම් යෙදිමට නොව යමක් සිදු විමට පෙර ඊට සුදුසු කටයුතු කිරිමට බවවත් මොවුන් නොදන්නෙ මොවුන්ගේ බුද්ධිය මොරා නොමති නිසා විය හැක.
දැන්වත් මේ වාහෙලා තේරුම් ගත යුත්තේ ජනතාවගේ ප්‍රශ්න තමුන් වෙතට එනකන් නොඉද තමුන් ජනතාවගේ ප්‍රශ්න සොයා බලා වහාම පිලියම් යෙදිමය..
.


Spread the love

Leave a Comment

You may also like