උණුසුම් පුවත්

රාජිත සේනාරත්න ගේ ඇප නියෝග අවලංගු කරයි ඔහු වහාම අත්වඩංගුවට ගන්න – කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කරයි

Spread the love

ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන්  සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැර ගෙන යෑම පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය සිදුකළ බවට චෝදනා කරමින් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පසුගියදා එවැනි මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳව රාජිත සේනානායක හිටපු අමාත්‍යවරයාට විරුද්ධව පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කොටඇත.

පසුව ඔහු අත්වඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප දීමෙන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත එම ඇප දීමට විරුද්ධව මහාධිකරණයට කරන ලද ඉල්ලීමකට අනුව අද දින ඒ විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කියා සිටියේ මෙම දෙසැම්බර් 30 කොළඹ මහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද ඇප පිළිබඳව දැඩි දෝෂ සහගත බවක් ඇති හෙයින් රාජිත සේනාරත්න එකී චෝදනාව යටතේඔහු අත්වඩංගුවට ගෙන   නැවත අධිකරණය ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමේ බලය දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවයි ඒ අනුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි පියවර ගැනීමට හැකි බව ඒ අනුව පෙනී යන කරුණකි.

දැන් රාජිතව සොයා අපරාධපරික්ෂණ දෙපාරතමේන්තුව ගොස් ඇත.

අජිත්


Spread the love

Leave a Comment

You may also like