උණුසුම් පුවත්

   කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන කඩාවැටුණු දේශීය ව්‍යාපාරිකයෝ නගාසිටුවීමට වෙන්කල මුදල් බිලියන් 4 1/2 උන්ම බෙදාගෙන………..!!

Spread the love

   කොරෝනා ව්‍යසනය  නිසා බොහෝ දේශීය ව්‍යාපාරිකයෝ යන එන මං නැතුව අතර අතරමන්ව සිටීම හේතු කොටගෙන   මහ බැංකුව දෙන ලද නියමයන්  (guidelines ) අනුව එම දේශීය ව්‍යාපාරිකයින්ට සිට 4% ක බැංකු පොලියකට ලක්ෂ පනහ දක්වා ණය ලබාදීමට චක්‍රලේඛන නිකුත් කර තිබුණි.

  එහෙත් ඒ සියලුම චක්‍රලේඛන ලේඛන වලටම සීමා කරමින් මහ බැංකුවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් දෙන ලද උපදෙස් අනුව ඇමතිවරුන්ගේ රියැදුරන්ට පවා තවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකුගේ සහෝදරයින් දෙදෙනෙකුට සහ තවත් ඥාතීන් කීප දෙනකුට ද සියයට 4 % ක පොලිය මත එම ණය  වාරික වශයෙන් ගෙවීමට මිලියන 20 / 10  / 15 ලෙසට බැංකුවලින් ණය ගෙවා ඇති බව අප වෙත වාර්තාවී ඇත.

කෙසේ වෙතත් මෙම ණය පිළිබඳව   ගැටළුවක් පැන නගින්නේ නම් එය  ජනතාව මුළා කිරීම සඳහා වෙනත් ගිණුම් හරහා පවත්වාගෙන යන ලද බැංකු ගිණුම්වලට ගෙවීමට එම බැංකු  වලට සිදුව ඇත.

රජය විසින් දේශීය ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටී ඇති හේතුකොටගෙන සහ කොරෝනා වසංගතය හේතුකොටගෙන වසා දමා ඇති ව්‍යාපාර නැවත නගා සිටුවීම වෙනුවට කරන ලද මෙම තුච්ච ක්‍රියාව නිසා සමස්ත රටේ ජනතාවට මහත්   ව්‍යසනයකට නැවත වතාවක් විඳීමට සිදුවේ.

එසේ වන්නේ සෑම ව්‍යාපාරයක් තුළ ම අවම වශයෙන් සේවකයින් 50ත් 100ත් අතර ගනනක් තම පවුල් සීයක් දෙසීයක් පමණ ප්‍රමාණයක් මේ වන විට යැපෙමින් ඇත.  මේ නිසාම අපි මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ විශේෂයෙන්ම ලංකාවේ බොහෝ ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සියලුම මුදල් තමාගේ හෙන්චයියන්ට සහ තම වාහන රියදුරන් වෙත මුදා හැර ඇති බවයි වශයෙන් බොහෝ තැන්වල අප සොයා බැලීමේදී පෙනී ගියේ එක්තරා බැංකුවකින් දැන ගැනීමට හැකි වූයේ රියදුරන් දෙදෙනෙකුට ප්‍රබල ඇමතිවරයෙකුගේ නියෝග මත මිලියන 10 බැගින් ගෙවා ඇති බවයි.

එම රියදුරන් ව්‍යාපාරික වශයෙන් ද, රාජ්‍ය අමාත්‍යවරයාගෙ රියදුරන් වශයෙන්ද සිටිමින් වංචා සහගතව මෙම මුදල් ලබා ගෙන ඇති බව අපට ඒත්තු ගොස් ඇත

මේ ආකාරයෙන්  ආණ්ඩුව මෙතෙක් සතයක්වත් විදේශාධාර හෝ ණය නොලැබුණා කියමින් එම මුදල් පිල්ලි ගසන ආකාරයටම තම හෙන්චයියන්ව සතුටු කිරීමට රුපියල් බිලියන 04 ක් ගෙවා ඇත.

ජනතාවට කොරෝනා වසන්ගතයක් උවත් වසන්ගතයක් හෝ ස්වාභාවික ආපදාවක් රාජපක්ෂලා ගේ  වාසනාවක් වී ඇත්තේ උප්පත්තියෙන් මදැයි අපිට වරෙක් සිතේ.

07/25


Spread the love

Leave a Comment

You may also like