උණුසුම් පුවත් උණුසුම් පුවත්

හිටපු ජනපති මහින්ද හා හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නඅල්ලස් කොමිසමෙන් කැඳවීමක්

Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ඇමති පියංකර ජයරත්නට මැයි මස 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිට එම කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට ගැන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම කොමිසම විසින් සිතාසි නිකුත් කර තිබේ.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි.

ඒ ප්‍රංශ එයාබස් සමාගමේ ගනු⁣දෙනු සම්බන්දයෙන් සිදුකළ ජාත්‍යන්තර විමරශනයකදී අනාවරණය වූ කරුණු අනුවය. එහිදී එම සමාගම කපිල චන්ද්‍රසේනලාහට අල්ලස් මුදල් ලබාදී ලංකාවේ අතිවශාල ගනුදෙනුවට සහාය ලබාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගත් අතර පසුව මැයි මස 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහිදී එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය


Spread the love

You may also like