සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය ඉදිරි දින වලදී (සැප්තැම්බර් 6,7හා 8 දිනයන්)විවාදයට ගැනීමට නියමිත අතර 8 වන දා ඒ සදහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
මෙම විශ්වාස භංගය ආණ්ඩුව වැඩි ඡන්ද ගණනාවකින් ජයග්‍රහණය කරන බව නිසැකය.මේ වන විටත් සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක හා අලවතුවල ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු කෙහෙළිය රඹුක්වැල්ලට පක්ෂව ඡන්දය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.අලවතුවල මන්ත්‍රීවරයාගේ බෑණා මෙරටට ඖෂධ ගෙන්වන සමාගමක හිමි කරුවෙක් වන අතර බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමට සම්බන්ධ බව පැවසෙන සමාගම් ලේඛනයට එම සමාගමද ඇතුළත් බව කියවේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම විශ්වාස භංඟය ජයග්‍රහණය කිරීමෙන් පසුව තමන් විසින් සිඳු කරන ලද දුෂිත ජාවාරම්වලට නෛතික බවක් හිමි වූ බවට උදම් අනන ආකාරය අසන්නට සූදානමින් සිටින ලෙස ජනතාවට අපි දැනුම්දෙමු.සමගි ජන බලවේගයේ මෙම විශ්වාස භංගය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දූෂණ ජාවාරම්වලට සේලයින් දෙන විශ්වාස භංගයක් බව අපි දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ.
බාල ඖෂධ නිසා රෝගීන් ගණනාවක් මිය යාම පිළිබඳව වාර්තා වී තිබියදීත් ඒ පිළිබඳව වගකිවයුත්තකු නැත.
පොදු ජන පෙරමුණේ වාචාල ලේකම් සාගර කාරියවසම් පවසන විදියට බාල ඖෂධ මෙරටට ගෙන්වීමට සිඳු වූයේ මිල්ටෙරි නන්දසේන එළවා දැමීමට මෙරට සිඳුවූ අරගලයෙන් රට බංකොලොත් වීම නිසාය.රට බංකොලොත් වී තිබියදීත් මෙවැනි ආකාරයට හෝ සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යාම ගැන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ස්තූතිවන්ත විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
මෙහෙව් කාලකණ්නියන් ගැන ලියන්නට සිංහල භාෂාවේ අකුරු මදිය.එහෙත් මේ කාලකණ්නියන් මෙලොවට ජාතක වූයේ කාගේ වැරැද්දකින්ද යන්න සොයා බැලිය යුතුය.
මේ වාහේලාගේ අප්පලාගේ වාසගම උප්පැන්නයේ තිබුණාට ජාතකයට වෙන වෙන අප්පලා සම්බන්ධවී ඇති බවට මේ පාදඩයන්ගේ කයිවාරු වලින් සිතා ගත හැකිය.
විශ්වාස භංගයෙන් කෙහෙළිය දිනන බවට කතා දෙකක් නෑ