පසුගියදා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් නුවරඑළිය පවත්වන ලද ක්‍රිකට් තරඟයට සහභාගි නොවන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංඟ විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කර ඇති බව අනාවරණය වේ.
එහෙත් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රසන්න රණවීර,ඉන්දික අනුරුද්ධ,උපුල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංඟ ගේ විරෝධය නොතකා නුවරඑළිය පැවැති එම ක්‍රිකට් තරඟයට සහභාගි වී තිබේ.ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු කලින් දින යොදා ගෙන තිබූ රාජකාරි නිසා නුවරඑළියට පැමිණීමට නොහැකි බවට පොදු ජන පෙරමුණේ නායකත්වය දැනුවත් කර ඇති බවද වාර්තා වේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ වන විට ජනපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන නිමල් ලන්සා මන්ත්‍රීවරයා විසින් සංවිධානය කරමින් සිටින නව පක්ෂයට සම්බන්ධ වී සිටී.පොදු ජන පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් ගණනාවක් නිමල් ලන්සා හා සම්බන්ධව සිටියද දැන් ඔවුන් නැවත පොදු ජන පෙරමුණට එක්ව කටයුතු කරන බව පෙනෙන්ට ඇත.එක්සත් ජාතික පක්ෂයට හා ජනපතිවරයාට මෙරට දේශපාලනය තූළ ජන පදනමක් නැති බව පොදු ජන පෙරමුණේ එම මන්ත්‍රීවරුන් අවබෝධ කර ගෙන සිටී.ඔවුන් නිමල් ලන්සා මන්ත්‍රීවරයා සංවිධානය කරන නව පක්ෂයෙන් ඉවත්ව නැවත පොදු ජන පෙරමුණට සම්බන්ධ වී ඇත්තේ ඒ නිසා පැහැදිලි වේ.
කෙසේ වෙතත් මෙරට හෙට දවසේ දේශපාලනය පිළිබඳව අනාවැකි කිව නොහැකි බව ලංකා දවසේ අදහසයි.