උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඇතුලත් ගැට පිටතත් ගැට ගැහෙන හෙට දවසේ මෙරට දේශපාලනය

Spread the love

නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොදු ජන පෙරමු⁣ණේ හා විපක්ෂයේ ස්වධීන මන්ත්‍රීවරුන්  කණ්ඩායමක් සමග ජනපතිවරයාට සහයෝගය දැක්වීම සඳහා නව පක්ෂයක්  ගොඩ නැගීම සිදු කරමින් පවතී.මේ වන විටත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් නිමල් ලන්සා මන්ත්‍රීවරයා හා සම්බන්ධ වී ඇතැයි පැවසේ.

මෙම පක්ෂයේ සභාපති ධුරය සදහා අනුර යාපා මන්ත්‍රීවරයා  පත් කිරීමට අපේක්ෂිතය.එම පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු සිරිපාල අමරසිංහ හා මිල්ටෙරි නන්දසේන ගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විසින් සිදු කරමින් තිබෙන බවද අනාවරණය වේ.පොදු ජන පෙරමුණට සම්බන්ධව සිටි ප්‍රාදේශීය දේශපාලඥයන් නව පක්ෂය වෙත සම්බන්ධ කර ගැනීමට සිරිපාල අමරසිංහ විසින් සාකච්ඡා කරමින් තිබේ.පොදු ජන පෙරමුන පිහිටුවීමේදී එහි සියළු සංවිධාන කටයුතු තිරයෙන් පිටුපස සිට ඉටු කරන ලද්දේ සිරිපාල අමරසිංහය.  

පොදුජන පෙරමුණ තුළ උද්ගත වී ඇති අර්බුදය පිළිබඳව බැසිල් රාජපක්ෂ නොසන්සුන් වී ඇති බවට දැන ගැන්මට තිබේ.ඔහු එම අර්බුදය නිරාකරණය කර ගැනීම⁣ට ජනපතිවරයා හා සාකච්ඡා කළ නමුත් ජනපතිවරයාගේ පාර්ශවයෙන් ඒ ගැන කිසිදු අවධානයක් දක්වා නැත.

පොදුජන පෙරමු⁣ණේ සිට නිමල් ලන්සා ගේ පක්ෂය වෙත සම්බන්ධව සිටින පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිබඳව ⁣නොකැමැත්තෙන් සිටින්නන් වේ.ඔවුන් ගේ අදහස වී ඇත්තේ රාජපක්ෂ වරුන්ගේ පක්ෂ දේශපාලනය දැන් අවසන් බවය.

මේ සිදුවීමෙන් අතරේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට අමාත්‍ය   තනතුරු නොලද පොදු ජන පෙරමුණේ රාජපක්ෂවාදී ඡ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් සමග පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වීමට සැළසුම් කරමින් සිටින බව හෙළි වී තිබේ.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සැළසුම වී ඇත්තේ විපක්ෂ නායක කම ලබා ගැනීමය.⁣එහෙත් ඒ අපේක්ෂාව ඉටු වේද යන්න ගැන අපට ඇත්තේ සැකයකි.විපක්ෂය දැනට නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුළ නාමල් රාජපක්ෂ පිළිබඳව පවතින්නේ යහපත් චිත්‍රයක් නොවේ. 

නාමල් රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන් නුදුරේදී ජනපතිවරයාට සහයෝගය දක්වන නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් දියත් කිරීමට රහසිගතව සැලසුම් කර ඇති බවද ලංකා දවසට ආරංචි වී ඇත.

එහෙත් මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සාටක දේශපාලනයේ අවසන් හෝරාවය.අපගේ අදහස නම් ඔහු මෙරට දේශපාලන භූමිය තුළ ඉදිරි කාලයේදී ජෝකර් වරයෙකු බවට පත් වෙන බවය.


Spread the love

You may also like