උණුසුම් පුවත් උණුසුම් පුවත්

පොලිස් ඇමති පෝය දවසේ හික්කඩුවේ බණ තලයි

Spread the love

මෙරට භික්ෂූන් වහන්සේලා වස් පෙහෙවස් සමාදන් වූයේ පසුගිය ඇසළ පෝය දවසේය.ඒ කියන්නේ අගෝස්තු මාසයේ 4 වෙනිදාය.

ඒ පෝය දවසේ කිසි කෙනෙකුට නොදැනෙන්නට පොලිස් ඇමති ටිරාන් අලස් අධිවේගයෙන් හික්කඩුවට ආවේය.හික්කඩුව ආසන්නයේ පිහිටා ඇති ප්‍රසිද්ධ දේවාලය සීනිගම දේවාලයයි.එහෙත් පෝය දවසේ ටිරාන් අලස් ඇමතිවරයා හික්කඩුවට ආවේ සීනිගම දේවාලයේ බාර හාර වෙන්නට නම් නොවේ.වස් සමාදන් වූ භික්ෂූන් වෙත දාන මාන දී බණක් අහන්නටද නොවේ.

ඒ ආවේ තමන්ගේ අමාත්‍යංශයේ  පොලිස් සම්බන්ධීකරණ ඒඇස්පී ගුණරත්නට අයිති සංචාරක නිකේතනයටය.ඒඇස්පී ගුණරත්න ඒ දවස්වල හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කෙරුවේය.ඔහු හික්කඩුවෙි සංචාරක නිකේතනයක හිමි කාරයෙක් වන්නේ ඒ දවස්වලය.හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ලලිත් ජයසිංහටද එවැනිම සංචාරක නිකේතනයක් තිබේ.එම සංචාරක නිකේතනය ඉඳි කළ ඉඩම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවෙි හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ය.

ඒඇස්පී ගුණරත්නද ⁣හික්කඩුවෙි පොලිස් ස්ථානාධිපතිවරයා විදියට වංගුවක් ගසා සංචාරක නිකේතනයක හිමි කරුවෙක් වන්නේය.පොලිස් ඇමති ටිරාන් අලස් පෝය දවසේ ඒ.ඇස්.පී.ගුණරත්නගේ සංචාරක නිකේතනයකට ආවේ ධාතු වන්දනාවකටය. ඇමති හා ධාතු වන්දනා කරන්නට සුරූපී ළඳක්ද සැදී පැහැදී එහි සිටියාය.

පෝය දවසේ සිද්ධ වුන පොලිස් ඇමති ගේ ඒ මහා ධාතු වන්දනාවේ මහත් වූ ආනිශංසය ඒ.ඇස්.පී.ගුණරත්නට හිමි වෙනු ඇත.ඒ පුන්‍යකර්මය නිසාම ඔහුට පොලීසියේ සියළු වරප්‍රසාද හා පහසුකම් විඳින්නට ලැබෙන බවද සත්තය.ඉතින් කවුරු කවුරුත් ඒ ගැන ඉරිසියා නොකළ යුතුය.ඇත්තෝ කති බොති සුඛති නැත්තෝ හූල්ලති යයි කියවිල්ලක් තිබේ.එලෙසම පොලිස් ඇමතිට ඇත්තේ ඉටි පන්දමක් නොවන බවද කවුරු කවුරුත් සිතා ගත යුතුය.ඇසළ පෝය දවසේ බණ තලා ධාතු වන්දනාවේ යෙදුන ඇමති ටිරාන් වැනි උපාසක මහත්තයකු මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීම ගැනද අපට සතුටුය.


Spread the love

You may also like