අද අන්තර්ජාල ප්‍රකාශන කිහිපයක පල වී තිබුණ ප්‍රවෘත්තියක් දුටු විට අපට සිනහ වෙන්නට තැන සොයා ගන්නට බැරිවිය.කොහොම හරි එම ප්‍රවෘත්තිය කියවන ගමන් අපට ගිය හිනාව නතර වූයේ පෝලිමට පිට වූ අධෝවාත නිසාය.
එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ ජනපතිවරයා මෙරට ඊළඟ පොලිස්පති වරයා නම් කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් ගෙන් ඉල්ලා සිටි බවය.හැබැයි අප දන්නා ජනපති රනිල් නම් එක එකාගෙන් තව එකෙකු ගැන රෙකමදාරු ඉල්ලන ජාතියේ දේශපාලඥයෙක් නොවේ.ඔහුට මේං කොකා පෙන්නා ගොනාට අන්දන්නටද බැරිය.
පහුගිය දවස්වල නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට වැළඳී තිබුණේ අමුතුම පණු ගායකි.ඔහු සිය අමාත්‍යංශයේ කවර තොවිලයක් නැටුවද ඒ හැම තොවිලයම අවසන් කෙරුවේ දේශබන්දු පොලිස්පති වේවා යයි මන්තරය මතුරමිනි.අලස් ඇමති දේශබන්දු ගේ ලිපි ගොනුව අරගෙන ජනපතිවරයා හම්බ වෙන්න ගිය වාර ගනන වාහනයේ ඩයිවරයාගේ පොතේ පිටු ගානක පිරී තියෙන බව නම් අපි දනිමු.
ටිරාන් ජනපති රනිල්ට අම්මා මෝ නැතුව බැණ වදි……..
හැබැයි ඒ ගිය හැම වාරයකම ඔහු ආපසු ගියේ ජනපති රනිල්ට අම්මා මෝ නැතුව බැණ වදිමිනි.සමනලයා එක්ක මොන රෙද්දක් වත් කරන්න බෑ යැයි ටිරාන් අවසානයේ බැණ වැදුන හැටිත් පොලිස් අමාත්‍යංශයේ අපේ වුන් අපට කිව්වේ ඇමතියාට නක්කලයටය.මම කොහොම හරි දේශබන්දු පොලිස්පති කරල තමයි පස්ස බලන්නේ යැයි ඇමති ප්‍රසන්නලා සමග වහසි බස් කියමින් සිටි අලස්ගේ පස්සා පැත්තට ජනපති වරයා පා පහරක් දී තිබේ.අනේ උඹට මම තම්බන්න උඹ ගාව තියෙන ලුණු ගොරකා මදි යැයි ජනපතිවරයා අලස් ගැන හිතුවේ නැති වුනා නම් පුදුමය. හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත සේවා දිගුවක් දීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි අලස්ට ආරංචි වන විට ඔහුගේ අමුඩය බිමට වැටුනේ ඔළුව මංඥං කරමිනි.
තමන්ට ඉන් සිදුවන විලි ලැජ්ජාව වහ ගන්නට දහ අතේ කල්පනා කළ අලස් අවසානයේදී තමන්ගේ කැලෑ පත්තර ලියන්නන් අල්ලගෙන නිවුස් එකක් එල්ලුවේය.ඒ නව පොලිස් පති නිර්දේශ කරන ලෙසට ජනපති වරයා නීතිය හා සාමය ඇමතිවරයාට දන්වා ඇති බව සඳහන් කරමිනි.
අපට නම් ඒ නිවුස් එක ගැන කියන්නට පව් ඕයි අලස් කියාය.ඒ එක්කම දේශබන්දුට කියන්නට තියෙන්නේ වෙරි සොරි ඩොට් කොම් බන්දු කියාය.පොලිස්පති වුනාම අඳින්න මසා ගත් අර යුනිෆෝම් එක අල්මාරියේ දමා ප්‍රවේශම් කර තියා ගන්නට පවුලට දුන්නා නම් හරිය.කතරගම දෙවියන් හරිම කැත මිනිහා බවත් දැන් දේශබන්දුට හිතෙනවා ඇත.කතරගම දෙවියන්ට වුන පූජා වට්ටියේ බරටවත් ජනපතිවරයා තමන් ගැන හිතුවේ නැති එක ගැන කණගාටුවක් දේශබන්දුට දැනෙන්ටද ඇත.
මොනවා වුනත් අපටත් දුකයි හලෝ …….