උණුසුම් පුවත්

අළුත්කඩේ නෝනා ගේ දරු කැළ රනිල් හාමුට එරෙහි වෙයි

Spread the love

ජනපති රනිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ හිටපු සහකාර ලේකම්  ටිකිරි ජයතිලක සහ රජයේ ඡ්‍යෙෂ්ඨ නීතිඥ නයනී නිර්මලා කස්තුරිරත්න යන දෙදෙනා මහාධිකරණ විනිසුරුවරු ලෙස පත් කිරීමට මෙරට සියලුම දිසා විනිසුරුවරුන් සහ ⁣මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංඟමය සිය අප්‍රසාදය පළ කර තිබේ.

මෙම පත්වීම් කිරීමට පෙර 2023 මැයි 26 වන දින ලිඛිතව සිය සංඟමය ලිඛිතව ජනපතිවරයාට විරෝධය දැක්වූ බවද එහෙත් ජනපතිවරයා එම විරෝධය නොතකා මෙම පත් කිරීම් කර ඇති බවද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංඟමය පවසයි.අධිකරණයේ ස්වාධීනත්වයට විශේෂයෙන් විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට හානියක් වන මෙම පත්වීම් සම්බන්ධයෙන් සිය සාමාජිකයන් ගේ අතෘප්තිය ප්‍රකාශ කිරීමට පසුගිය ජුනි මස 01 දින විශේෂ විධායක කමිටු රැස්වීමක් පැවැති බවද එහිදී මෙම පත්කිරීම් සම්බන්ධව සිය සංඟමයේ අප්‍රසාදය ජනපතිවරයා වෙතදැන්වීමට තීරණය කළ බවද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංඟමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

අධිකරණ සේවා සංඟමය ජනපතිවරයා වෙත දක්වා ඇති විරෝධය පිළිබඳව ලංකා දවස එම සංඟමයේ සියළු සාමාජිකයන් වෙත සතුට ප්‍රකාශ කිරීමට කැමතිය.අප එ⁣හිදී වඩාත් සතුටු වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ඩෝසර් කරමින් ජනපතිවරයා සිය බලය තහවුරු කර ගැනීමට ගන්නා යටි කූට්ටු අසික්කිත සැළසුමට එරෙහිව සිය අප්‍රසාදය පල කිරීමට තරමේ අධිකරණ සේවා සංඟම⁣යට ශක්තිමත් කොඳු නාරටියක් තිබීම ගැනය.

මෙරට අධිකරණය ගැන තවදුරටත් විශ්වාසයක් තබා ගත හැකිය යන්න ඉන් තහවුරු වීමද වැදගත් කාරණයකි.එහි ඇති වැදගත් කම තක්සේරු කළ යුතු වන්නේ මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරු වරුන් වන ඒ.මරික්කාර් හා නිශංක්ක බන්දුල කරුණාරත්න යන දෙපොළ ආණ්ඩුවේ වැසිකිලි හෝදන ආකාරය ගලපාගනිමිනි.


Spread the love

You may also like